Posts

Showing posts from August, 2016

අන්නාසි පිලිබද ඔබ දැනගත යුතු වැදගත් කරුණු මෙන්න

Image
ශ්‍රී ලංකාව ඝර්ම කලාපයට අයත් රටකි. මේ ඝර්ම කලාපීය රටවල බොහෝ ජනපි‍්‍රය කෙසෙල් පලතුර තරමටම කා අතරත් ජනපි‍්‍රය පලතුරක් ලෙස අන්නාසි ගැනේ. ප්‍රධාන ආහාර වේලකට අමතරව අතුරුපසක් ආහාරයට ගැනීමට අප අතර සිටින බොහෝ දෙනා දක්වන්නේ මහත් කැමැත්තකි. ඒ සඳහා අන්නාසි වැනි පලතුරක් තෝරා ගැනීමට සමහරෙක් මහත් උනන්දුවක් දක්වති. ආහාර ගැනීමෙන් පසුව අතුරුපස ලෙස අන්නාසි ආහාරයට ගැනීමෙන් ඔබ නොදැනුවත්වම ශරීරයෙහි යම් කාර්යයක් සිදුවේ. එනම් ඔබ ගන්නා ආහාර දිරවීම සඳහා යම් පිටුබලයක් අන්නාසි පලතුරෙන් ලැබීමයි. ඊට අමතරව ඉදුණු අන්නාසි පෙති ලෙස සකස්කර ප්‍රධාන ආහාර වේල සමගම ආහාරයට ගත හැකි වේ. එයින් ඔබගේ කෑම පිළිබඳ ඇති කැමැත්ත වැඩිවන අතර කෑමෙහි රසවත් බව වැඩිපුර දීවට දැනේ. කෑම දිරවීම පහසු කරන අන්නාසි පලතුර හොඳින් ඉදුනු පසුව ව්‍යංජනයක් ලෙස සකසා ගැනීමට ගෘහනියක් ලෙස ඔබට පුළුවන. අප එසේ කළ යුත්තේ අන්නාසි එකම ආකාරයකට ආහාරයට ගැනීමට වඩා වෙනස්ව ආකාරයකින් ආහාරයට ගැනීමට බොහෝ දෙනෙකු පි‍්‍රය කරනා බැවිනි. සලාදයක් සෑදීමේදී ද එහි ප්‍රනීත රසය වර්ධනය කර ගැනීම සඳහා අන්නාසි පලතුර යොදා ගැනේ. එහිදී ද සිදුවන්නේ කෑම දිරවීම පහසු කිරීමයි. අන්නාසි යු...

දහදිය පිලිබද ඔබටත් වැරදි අවබෝධක්ද? තියෙන්නේ

Image
ශරීරයේ බර අඩුවීම දහඩිය පිටවීම මගින් ශරීරයේ බර අඩුවීමක් සිදුවන බවට ඇතැමුන් තුල මතයක් ඇති නමුදු එය මිත්‍යාවකි. දහඩිය පිටවීම මගින් ශරීරයේ තිඛෙන ජලය ප්‍රමාණය අඩුවීම ඉහත මිත්‍යාව ගොඩනැගීමට හේතුවී ඇති අතර දහඩිය පිටවීමෙන් පහල යන ශරීරයේ ජලමට්ටම ජලය පානය කීරීම මගින් වැනි ක්‍රියා තුලින් නැවත ඉහලයයි. දහඩිය දුගද දහඩිය දුගද ගන්ධයක් සහිත බව බොහෝ පිරිස් අනුමත කරන්නේ දහඩිය පිටවීමේදී නිකුත්වන දුගද හේතුවෙනි. නමුත් ඉහත මතය මිත්‍යාවක්වන්නේ එම දුගද ඇතිවන්නේ දහඩිය මගින් නොවන නිසාවෙනි. අදාල දුගද ඇති වන්නේ දහඩිය මත වර්ධනය වන ඇතැම් බැක්ටීරියා වලින් වන අතර දහඩිය ගන්ධයක් රහිත බව ප්‍රකාශ කිරීම වඩා නිවැරදිවේ. ශරීරයේ විෂ ඉවත් කිරීම ශරීරයේ තිඛෙන විෂ ද්‍රව්‍ය ඉවත් කරන එක් ක්‍රමයක් ලෙස ඇතැමුන් දහඩිය දැමීම සලකන නමුත් එයද තවත් මිත්‍යා මතයකි. ප්‍රධාන වශයෙන් මුත්‍රා මගින් ශරීරයේ විශ ද්‍රව්‍ය ඉවත් කරන අතර ප්‍රෝටීන්, ලූ‍ණු වැනි ද්‍රවය දහඩිය මගින් ශරීරයෙන් ඉවත්වේ. සමට හිතකරබව දහඩිය දැමීම සමට ගුණ දායක ක්‍රියාවලියක් බවටද වැරදි මතයක් පවතින අතර දහඩිය ඇතැම් විට සමෙහි කුරුලෑ හටගැනීමට පවා දයකවේ. හිරු රැස් වල හා උෂ...

විද විඳ කරන බොඩි පියර්සිං ගැන ඔබට යමක්

Image
ගතට තදින් සුළං වදිනවාටවත් අකැමැති නමුත් රූප සොබාවට හිත ගිය අපේ ලලනාවෝ හිසෙහි සිට පාදාන්තය දක්වා ඕනෑම තැනක් සිදුරු කර ආභරණ පැලඳීමට නම් මැළි නොවෙති. —බොඩි පියර්සිං˜ නමින් හඳුන්වන මේ කලාව අපේ කාන්තා පක්ෂය හිතින්, හදවතින් වගේ ම ගතින් ද වැලඳ ගෙන අවසන්ය. එහෙත් මේ විද ගැනීමෙන් බඹර, දෙබර විද ගැනීමකටත් වඩා උග්‍ර විසක් මාරාන්තික විසක් ශරීරගත විය හැකියි. —බොඩි පියර්සිං˜ අද කාලයේ කලාවක් නොවෙයි. අනාදිමත් කාලයක සිට පැවත එන කලාවකි. රූසපුව කැපී පෙනෙන්නට ජනපි‍්‍රයතාවට, සමාජයේ තැනක් ගැනීමට අබරණ පැලඳීමට පෙලඹෙති. ජනපි‍්‍රය පුද්ගලයන් රැසක්ම —බොඩි පියර්සිං˜ කලාවෙන් බැබළීම ද බොහෝ දෙනකු එය වැලඳ ගැනීමට හේතුවකි. මෙසේ පලඳන ආභරණ රත්තරන්, ටයිටේනියම්, නිකල් වැනි ලෝහවලින් තැනුවත් ඒවා ද අසාත්මික වෙයි. විශේෂයෙන්, නිකල් වැනි ලෝහ අසාත්මිකය. අබරණ පැලඳීමට යා යුතු රූපලාවණ්‍යාගාර බොහොමයක් ප්‍රමිතියකින් තොරයි. මේ නිසාම අසාත්මිකතා තුවාල ඇතිවීම වැනි ගැටලූ‍ ඇතිවීමේ ඉඩ ද වැඩියි. සිරුරේ විදීම් නිසා සමහර ස්ථානවල සිදුවන තුවාලවලින් නතර කළ නොහැකි තරම් රුධිරය ගලයි. තුවාලවලින් විසබීජ ඇතුළු වී —ටොක්සික් බැක්ටීරියා ආසාදනය වී රුධි...

සෑම කාන්තාවකටම වැලඬෙන කැන්ඩිඩා රෝගය ගැන දන්නවද?

Image
කාන්තාවන්ට බහුලවම වැලඬෙන දිලීර ආසාදන අතර කැන්ඩිඩා රෝගයටත් වැඩි අවධානයක් යොමු වෙනවා. මෙය අප හඳුනා ගන්නේ උල්ලෝගම් ආසාදනය නමිනි. කාන්තාවන්ට මෙන්ම පුරුෂයන්ටද ඇතිවිය හැකි නමුත් මෙහි වැඩි ප්‍රවණතාව පවතින්නේ කාන්තාවන්ටයි. දිලීර ආසාදන කාන්තාවන්ගේ යෝනි මාර්ගය ආශ්‍රිතව ඇතිවන මෙම දිලීර ආසාදනයට වැඩි අවධානයක් යොමු කළ යුතුමයි. කාන්තාවකගේ ජීවිත කාලයේ කිනම් හෝ අවධියකදී බොහෝවිට ඇයට මෙම තත්ත්වයට මුහුණපෑමට සිදුවෙයි. යෝනි මාර්ගය ආශ්‍රිතව පමණක් නොව සම මත, දිව හා මුඛය ආශ්‍රිතව, උගුර, ගලනාලය ආශ්‍රිතව පවා මෙම දිලීර ආසාදනය ඇතිවිය හැකියි. නමුත් මේවා නිතරම දැකීමට අපහසුයි. මෙය බහුලවම ඇතිවන්නේ සම මත හා යෝනි මාර්ගය ආශ්‍රිතවයි. ඇතිවීමට බලපාන හේතු සම මත සිටින දිලීරයක් කැන්ඩිඩා ඇතිවීමට බලපෑම් කරයි. තම ශරීරයේ ප්‍රතිශක්තිකරණය හීන වීම හා දිගටම ප්‍රතිජීවක ඖෂධ ගැනීමෙන් බැක්ටීරියා විනාශ වී දිලීර වර්ධනය වීම වැනි හේතූන්ද කැන්ඩිඩා ඇතිවීමට බලපෑම් කරයි. එච්.අයි.වී. ආසාදිත රෝගීන් හා දියවැඩියා රෝගීන්ගේ ප්‍රතිශක්තිය අඩුවීම නිසාත් නිතරම ප්‍රතිජීවක ඖෂධ ගැනීමත් කැන්ඩිඩා ඇතිවීමට හේතු වෙයි. උපත් පාලන පෙති ගැනීමෙන් ශරීරයේ ඇතිවන...

මේ ආහාර ගත්තොත් දිගු කාලයක් නිරෝගීව ලස්සනට ඉන්න පුලූ‍වන්

Image
සුවපත් දිවිපෙවතක් ගත කිරීම අප සියල්ලන්ගේම අපේක්ෂාවයි. එහෙත් ඒ සදහා නිවරදි දැක්මෙන් ආහාර සේම ඔසු ලබා ගැනීම සම්බන්ධයෙන් නිසි දැනුම බොහෝ දෙනෙකු තුල නැත. පහතින් දැක්වෙන්නේ නොයෙකුත් අවශ්‍යතාවයන් සදහා ලබාගන්නා අහාර වල විස්තරයකි. ප්‍රතිශක්තිය වර්ධනයට පතෝල, වැටකොලූ‍, කරවිල, අලූ‍ කෙසෙල්, මස්, මාලූ‍, කිරි, බටර්, ගිතෙල්, දේශීය පලතුරු, පලා වර්ග. ලේ වඩන ආහාර මස්, මාලූ‍, බිත්තර, ධාන්‍ය වර්ග හා නිවිති ලේ වඩන ආහාර ලෙස සැලකේ. හදවතට හිතකර ආහාර මී පැ‚, තුඹ, සුදුලූ‍නු, උළුහාල්, රත්තම්පලා, කුරතම්පලා, නෙල්ලි. ශ=ක්‍ර ධාතුව වඩන ආහාර උදු, එළුමස්, වටු බිත්තර, රටඉදි, පෙනෙල කැද, හාතවාරිය කැද. මළ වඩන ආහාර කොහිළ, ඉදුණු ඛෙලි, කෙසෙල් මුව, කුරක්කං, සාරණ, ගස්ලබු, මුදවාපු කිරි. මුත්‍රා වඩන ආහාර පුහුල්, රාබු, සාරණ, ගෙද, පොල්පලා, පිපිඤ්ඤා, දියලබු, බණ්ඩක්කා, ඉරමුසු. බුද්ධි වර්ධනයට එළගිතෙල්, තෙල් මී පැ‚, ගොටු කොළ යුෂ, ලූ‍ණුවිල විෂ්ණුක්‍රාන්ති කැද. බඩගිනි වඩන ආහාර සුදුලූ‍නු, ඉගුරු, ගම්මිරිස්, මිරිස්, හොදි, කරපිංචා, සියඹලා. නුවන වැඩීමට ගොටු කොල ඉස්ම මේස හැදි 2කයි, එළගිතෙල් මේස හැදි 1, මී පැ‚ මේස හ...

ගැස්ට්‍රයිටීස් රෝගයට හොද පළතුරක් තමයි කොමඩු..මේ ගැන දැනන් හිටියාද? අනිත් අයටත් දැනගන්න ිය්රු කරන්න

Image
ලබු, පිපිඤ්ඤා, අළු පුහුල් වැනි එළවළු සඳහා භාවිත කරන පුහුල් වර්ග අතර පළතුරක්වන පැ කොමඩු ශෂ්ක කලාපීය ප්‍රදේශවල වැවෙයි. පැ‚ කොමඩු යනු රසවත්, ඇඟ සිසිල් කරවන ඉතා ගුණදායි පළතුරක් වන අතර ඒවායේ ගුණාත්මක වටිනාකම් රැසක් පවතින පළතුරකි. ගැස්ට්‍රයිටිස් කියන්නේ සමාජයේ බහුතරයක් පිරිස් පීඩාවට පත්කරන රෝගයක්. ආමාශගතව හටගන්නා තුවාල නිසා මෙමගින් බොහෝ දෙනෙක් පීඩා විඳිනවා. නමුත් ආහාර ගැනීමට මොහොතකට පෙර කොමඩු යුෂ වීදුරුවක් බොනව නම් දින කිහිපයකින් ගැස්ට්‍රයිටිස් මගින් ඇතිවන දැවිල්ල වේදනාව සුව කරගන්න පුළුවන්. අනෙක් පුහුල් වර්ග සියල්ලම රසවත් වෑංජන සඳහා භාවිත කළත් කොමඩු තුළ පවතින අධික පැ‚ රස සහ දිය අධික ගුණය හේතුවෙන් මෙය පළතුරක් ලෙස ප්‍රචලිතයි. පැ‚ පුහුල්, පත්තක්කා යන නම්වලින් හඳුන්වන කොමඩු පළතුරේ ජන්ම භූමියවන්නේ අප්‍රිකානු රටවල් ය. මිසර දේශයේ ඉපැරැ‚ චිත්‍රවල පවා මේ පැ‚ කොමඩු පළතුරේ සිතුවම් දක්නට ලැබීම හේතුවේනම වසර 4,000කට නොඅඩු පැරැ‚ පළතුරක් ලෙස පැ‚ කොමඩු හැඳින්විය හැකි ය. තද කොළ පැහැති වර්ගය සහ ළා කොළ පැහැති තද වයිරම් වර්ගය යනුවෙන් කොමඩු පළතුරේ ප්‍රභේද දෙකක් පවතී. රසවත් පළතුරක් ලෙස හඳුන්වන පැ‚ කොමඩු අපේ ප...

ආදරය කායික බන්ධනයක්‌ නොවේ

Image
විවාහය යනු ස්‌ත්‍රියකට, පුරුෂයකුට ඔවුන් ජීවත් වන සමාජයේ අනාගත පාලනය උදෙසා දරුවන් බිහිකිරීමටත්, බාහිර පුද්ගලයන්ගේ තහංචියකින් තොරව අඹුසැමි සම්බන්ධතා පවත්වාගෙන යැම පි‚සත් සමාජය විසින් දෙනු ලබන නීත්‍යානුකූල අනුමැතියකි. බැලු බැල්මට යාන්ත්‍රික ස්‌වරූපයක්‌ මෙන් දක්‌නට ඇති නමුත් මෙය නීත්‍යානුකූල අවසරය තෙක්‌ පැමිණෙන ගමනේදී මෙම ස්‌ත්‍රීන් සහ පුරුෂයන් තම තමන්ට ආශක්‌ත වූ තමාගේ අදහස්‌වලට වඩාත් ගැලපෙන්නා වූ සැකකරු හෝ සහකාරිය සොයා ගැනීමට වෙහෙසෙයි. ආදරය පිළිබඳ විවිධ තේමාවන් ඔස්‌සේ ˜‍සිහින සිතිජය˜‍ තුළින් කතා කළ අපි අද කතා කරන්නේ ආදරයකින් විවාහ දිවියක්‌ ඇරඹෙන ආකාරය ගැනයි. ආදරය කායික බන්ධනයක්‌ නොවේ නව යොවුන් වියේ පටන්ම බොහෝ දෙනෙක්‌ ආදරය කරමින් සොයන්නා වූ මෙම ප්‍රබල මානුෂීය හැඟීම සමාජ සංස්‌ථාවන් විසින් පිළිගනු ලබන්නේ ඒ නීත්‍යානුකූල විවාහය තෙක්‌ පැමි‚ විට පම‚. එතෙක්‌ සෘජුව හෝ වක්‍රව යොවුන් පෙම්වතුන් වෙත සමාජය විසින් විවිධ අන්දමේ තහංචි පමුණුවනු ලබයි. එසේම විවාහයට පෙර ඔවුන්ගේ ආදරය ගැඹුරු කායික සම්බන්ධතාවන්ට විවර වීම අනුමත නොකරයි. හෙළාදකියි. වැඩිහිටි පරම්පරාව සහ සමාජය බාල පරම්පරාවෙන් පාරිශ=ද්ධ වූ ජීවි...

˜‍සඳකඩපහණක කැටයම් ඔපලා˜‍ ..යන ගිතේ ගැන යමක්

Image
හැත්තෑව දශකයේ මුල් භාගයේ සිට මෙරට රසික සවන් පත් සනහාලන ˜‍සඳකඩපහණක කැටයම් ඔපලා˜‍ ගීතය සතිස්චන්ද්‍ර එදිරිසිංහයන් අධ්‍යක්ෂණය කළ මාතර ආච්චි චිත්‍රපටයෙන් මෙරට සුවහසක් රසිකයන්ට පිදුණු මහඟ=‍ තිළිණයකි. සැබවින්ම මෙම ගීතය සිවු කුළුඳුල් ගීතයක් ලෙස නම් කළ හැක්කේ වොලී නානායක්කාරයන්ගේ පළමු ගීත රචනය වීමත් වික්ටර් රත්නායකයන්ගේ පළමු සංගීත අධ්‍යක්ෂණය වීමත් සතිස්චන්ද්‍ර එදිරිසිංහයන්ගේ කුළුඳුල් චිත්‍රපට අධ්‍යක්ෂණය වීමත් හැරුණු විට ප්‍රතිභා පූර්ණ ගායක සුනිල් එදිරිසිංහයන්ගේ ගායන ප්‍රවේශයත් මෙම ගීතය ඇසුරෙන් සිදුවීම නිසාය. ගීත කලාව පිළිබඳව උනන්දුවක් ඇති වූ අවධියේ සිටම මේ ගීතයේ අරුත් පාදා ගැනීමට මා කළ උත්සාහය සඵල වූයේ දිගු කලකට පසුවය. මා මේ පිළිබඳව මට වඩා දැන උගත් විවිධ පුද්ගලයන්ගෙන් විමසන ලදුව පිළිතුරු ලෙස ලැබුණු විවිධ අර්ථ කථනයන් එකිනෙකට පටහැනි විය. කිසියම් නිර්මාණයක රසය තම තමන් රිසි පරිදි හෝ තම තමන් සතු පරිකල්පන ශක්තිය මත කෙනෙකුට තීරණය කළ හැකි වුව ද එකී අරුත් දැක්වීම් පිළිබඳව සෑහීමකට පත් නොවීමි. විවිධ පුද්ගලයන් මෙය අරුත් සුන් පද රචනයක් ලෙස බැහැර කරන්නට දැරූ උත්සාහයන් ද වරින් වර දැකගත හැකි විය. එහෙත් පසු ...

සෙරෙප්පු ගන්නකොට දැන ගත යුතුම දේවල් මෙන්න..

Image
විලාසිතා ලොවේ කැපී පෙනීම සඳහා දෙපාවල සුව පහසුව පවා නොතකා හැකි තරම් උසැති සපත්තු පළදින්නෝ ද සිටිති. අපේ සිරුරේ zඅඩු සැලකුම්z ලබන කොටසකි දෙපා. අප මදකට හෝ කකුල් ගැන සිතන්නේ සපත්තු ගන්නට යන විටෙකදී පමŒ. එවිටත් අපේ වැඩි සැළකිල්ල යොමු වන්නේ දෙපා වල සුව පහසුව ගැන නොව විලාසිතා පිළිබඳවය. හැකිනම් අඩි උස සපත්තු පැළැඳීම සම්පූර්ණයෙන්ම නතර කරන්න. එමගින් වළලු කරේත්, කලවාවලත්, මස්පි`ඩු වලත් අනවශ්‍ය zතද වීමක්z සිදු වේ. එය කොන්දේ කැක්කු, හිස කැක්කුම වැනි අමාරු රැසකටම මුල විය හැකිය. එමෙන්ම එනිසා ශ්‍රෝ‚ කුහරයේත් උදර කුහරයේත් තිඛෙන සමහර අවයව වල පිහිටීම වෙනස් වීමට පවා ඉඩ ඇත. අඩි උස සපත්තු පාවිච්චි කිරීමට අවශ්‍ය නම් අඟල් 2 ට වඩා උස අඩු ඒවා පමණක් තෝරා ගන්න. ඒවාත් දවසකට පැය 4- 5 කට වඩා පැළඳ ගෙන ඉන්න එපා. එමෙන්ම සතියකට දෙතුන් දවසකට වඩා අඩි උස සපත්තු දැමීම එතරම් හිතකර නොවේ. අපේ එවැනි උණුසුම් කාළගුණයකට වඩාත් ගැළපෙන්නේ පැතලි අඩි සහිත සපත්තු සම් සෙරෙප්පු වැනි ඒවාය. ඒවා වඩා සුවපහසුය. ලාභදායකය. එමඟින් කකුල් ගඳ ගැසීම වළක්වා ගත හැක. දෙපයට වඩාත් ගැළපෙන සපත්තු තෝරා ගැනීමේදී පහත පියවර කිහිපය උපකාරී වෙයි. ස...

හමේ ලෙඩ නිට්ටාවටම සුවකර ගන්න ගන්සූරිය පස් පංගුවේ මේ විශ්මිත රහස් දැනගන්න.

Image
නීරෝගි සම සිතට සතුට ද සැනසිල්ල ද ළඟා කරයි. මිනිස් සිරුරේ උණුසුම රඳා පවත්වා ගැනීමට ද සම මහෝපකාරී වේ. සිරීම් තැළීම් හැරුණු විට චර්ම රෝග ඇති වන්නේ ත්‍රි දෝෂ කෝප වීමෙනි. ආසාදනය වූ හෝ තුවාල වූ සම හරහා සිරුරට ඇතුළු වන රෝග කාරක, මිනිස් සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රියන්ට හානි පමුණුවයි. ත්‍රිදෝෂ කෝප වීම හේතු කොට ගෙන වැලඳෙන චර්ම රෝග සප්ත ධාතු ගතවීම රෝගය සුව කිරීමේ හැකියාව අහුරා දමයි. චර්ම රෝග වැලඳීමට වයස් සීමාවක් බල නොපාන අතර ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ චර්ම රෝග සඳහා දරුවන්ට “ගන්සූරිය පැණිය” නිර්දේශ කොට ඇත. ඒ අනුව යමින් ආයුර්වේද පර්යේෂණායතනයේ වෛද්‍ය සෙව්වන්දි මහත්මිය ගන්සූරිය ගසේ පස් වර්ගය (පස් පංගුව) කසාය කොට බීම ඕනෑම චර්ම රෝගයකට ගුණ දෙන ඖෂධයක් බව හඳුනා ගෙන ඇත. චර්ම රෝග රාශියක් ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේදී හඳුන්වා දෙන අතර දද, කුෂ්ට, කිටිබා, විපාදිකා, ගජචර්ම, ආදි වශයෙන් ඒවා බෙදා දක්වා ඇත. දද වලදී කැසීම සහිතව ශ්‍රාවය ගලන බිබිලි මතුවී සම අවලස්සන වේ. කිටිබ (සුදු කබර) රෝගයේ දී සම මතුපිට පොතු ගැලවී කැසීම් සහිත සම මතුපිට ලප ඇතිවේ. විපාදිකා අවස්ථාවේ සම ගැලවී යයි. අත් කකුල් ආදියෙහි කෙළවරවලට මේ රෝගය වැලඳ...

තෙල් වර්ගවලින් සුවකරහැකි රෝග ගැන මෙන්න ඔබට වටිනා ලිපියක්.. අනිත් අයටත් දැනගන්න ශෙයා කරන්න

Image
තෙල් යනු ආයුර්වේදයේ බොහෝසෙයින් භාවිතා වන අත්‍යවශ්‍ය ඖෂධයකි. ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට අනුව ශාක තෙල් හා සත්ත්ව තෙල් වශයෙන් තෙල් වර්ග දෙවර්ගයක් ඇත. බොහෝ රෝග සඳහා මේ තෙල් භාවිතා කරනු ලැබේ. තෙල් යොදා ගන්නේ බාහිර හා අභ්‍යන්තර වශයෙනි. ආයුර්වේදයේ බාහිරින් තෙල් ආලේපය ද විවිධ අයුරින් සිදු කෙරෙන විශේෂිත ක්‍රම ඇත. සිරුරට තෙල් වත් කිරීම, ගෝස් කැබැල්ලක් ගෙන එයට තෙල් පොඟවා අදාළ ස්ථානයේ තැබීම, උඳු පිටිවලින් සෑදූ පල්පයක් මඟින් තෙල් රැඳවීම වැනි ක්‍රම භාවිතයෙන් ආයුර්වේදයේ විවිධ ප්‍රතිකාර ක්‍රම යොදා ගැනේ. තෙල් භාවිතයෙන් ලැඛෙන ප්‍රයෝජන වා පිත් සෙම් යන සියලූ‍ම දෝෂ සමනය කිරීම සිදු වේ. එනම් වාතය පිත් සෙම් යන දෝෂ තුලනය කිරීමයි. තෙල් භාවිතය නිසා විවිධ ලෙස සිරුරේ පෝෂණය වැඩි කර දෙයි. එය ඖෂධීය ගුණ හා පෝෂŒය ගුණයෙන් යුක්තය. එමෙන්ම දිලීර නාශක, බැක්ටීරියා නාශක, වෛරස් නාශක සහ වේදනා නාශක ආදී ගුණයන් ද ඇත. තුවාල සුව වීමේ සීඝ්‍රතාව වැඩි කිරීමේ ගුණය ද මෙහි ඇත. තෙල්,රූපලාවන්‍ය කටයුතු සඳහා ද භාවිතා කරනු ලබයි. තෙල් ආලේපයෙන් සමේ රැලි වැටීම් අඩු කරගත හැකියි. සමේ තෙල් ගතිය රඳවා ගන්නට තෙල් ආලේප උපකාර වේ. හිසකෙස් වැඩීමට ද තෙ...

නිදා ගැන්න බැරිද? නින්ද යන්නේ නැද්ද…..ඔන්න එකට නියම ඛෙහෙතක්..අනිවාර්යයි ප්‍රත්‍යාක්ෂයි

Image
නිදි නැති රැයවල් අතිශය විඩාබරය. මිනිසුන් වන අපට බොහෝ විට අවශ්‍ය වන්නේ ඇඳට වැටුනු ක්ෂනයෙන් නිදා ගැනීමටයි. නමුත් නාගරික ව වෙසෙන තරුණ ජනතාව මුහුණ දෙන විශාලම ප්‍රශ්නය නින්ද නොයෑමයි. සොයා ගැනීම් වලට අනුව මෙයට හේතුව සේ සැලකෙන්නේ නූතන ආර්ථීක රටාව හා මිනිසුන් මුදල් ලබා ගැනීමේ අටියෙන් යෙදෙන්නා වු අරගලයයි. එය වෙනුවෙන් අතිශය වෙහෙසකාරි ලෙස වැඩ කිරීමෙන් ආතතියට පත්වීම නිසා නින්ද නොයෑම සිදු වෙයි. මෙයට සරලම විසඳුමක් හාවඩ් හි උගත් වෛද්‍යවරයෙකු වන ඇන්ඩෘ වේල් විසින් සොයා ගෙන ඇත. ඔහු පවසන පරිඳි ඉක්මන් නින්දකට හොඳම විසඳුම හොඳින් හුස්ම ඉහල පහල දැමීමයි.4-7-8 වශයෙන් සිහියෙන් ගණන් කරමින් හුස්ම ගැනීම ආතතිය මඟ හැර ගැනීමට මහඟ=‍ වශයෙන් උපකාරී වෙයි. මෙය භාවනාවන්හි හා යෝගා ක්‍රම සඳහා ද භාවිතා කරයි. මෙහි ක්‍රමය නම් තත්පර හතරක් හොඳින් හුස්ම ගැනීමත් 7ත් වන තත්පරයේ හුස්ම රඳවා ගැනීමත් 8 වන තත්පරයේ හුස්ම පහත හෙලීමත්ය. මෙය පුරුඳු කර ගැනීමෙන් ආතතියෙන් තොර නින්දක් ලබා ගැනීමට ඔබට හැකිවන බද පැවසේ. මෙය අද රෑම ඔබත් උත්සාහා කර බලන්න.

මලබද්ධ රෝගය

Image
බොහෝ අය මේ අවස්ථාවෙන් පෙලේ. පුරුද්දක් වශයෙන් දවසකට වරක් මල පහ කිරීමට පුරුදු වු විට මෙය මග හැරී යා හැක. සහජ අර්ශස් ඇති අයට මෙය තදේට බලපාන කරුණකි. බොහෝ විට ආහාර අඩුවෙන් ගැනීමත්, දියර අවශ්‍ය පුමාණයට නොගැනීමත් මීට හේතු වේ. මෙවැනි අවස්ථා වලදී වැඩි වශයෙන් ගත යුත්තේ මල වඩන ආහාරය. අරළු කුඩු, සෙනෙහ කොළ, රට ඉදි එකට අඹරා වරකට ග්‍රෙන්ස් හැටක් පමණ දවසට දෙවරක් ගැනීම. වැල්මී කුඩු, අරළු කුඩු, සූකිරි, මුද්දරස්පලම්, එකට අඹරා ග්‍රෙන්ස් 30 සිට 60ක් උණු වතුර සමග ගැනීම. කස කසා ඇට හොදින් ගරා වැලි ආදිය ඉවත් කර වියළා තබාගෙන දිනපතා මිටක් පමණ වතුරට දමා තියා බීමට. තිරස්සවාළු, අරළු, නෙල්ලි, මුද්දරස්පලම්, සුකිරි සියල්ල චූර්ණ කර එකට අඹරා ග්‍රෙන්ස් 40-60 දක්වා උණු වතුරෙන් ගැනීම. කතුරුමුරුංගා කොළ, කෙසෙල් මුව, කෙසෙල් බඩ, සමග පරිප්පු, ඛෙලි, මුදවාපු කිරි, ගස්ලබු, කෙසෙල් ගෙඩි, බතල ආදිය නිතර ආහාර වශයෙන් ගැනීම මල බද්ධයට හිතය. මලබද්ධය මග හැරවීම දිනපතා නියමිත වෙලාවට මල පහ කිරීමට පුරුද්දක් ඇති කර ගැනීම. මල වේග අමතක නොකිරීම. වතුර වැඩිපුර පානය කිරීම. අළුත් පළතුරු, එළවළු, පලා දිනපතා ආහාරයට එකතු කර ගැනීම. කෙදි සහි...

කොළ වර්ග කෑමෙන් ඇදුම රෝගය නිට්ටාවටම සුව කරගන්න පුළුවන්.

Image
කොළ කෑමෙන් ඇදුමට වැට කොළ පැහැති එළවළු කෑමට එක්කැර ගැනීමෙන් මෙතෙක් සිතා සිටියාට වඩා වැඩි ප්‍රතිඵලයක් අත්කැර ගත හැකි බව පර්යේෂකයන් පිරිසක් පෙන්වාදෙයි. මෙල්බර්න්විශ්වවිද්‍යාලයේ කරන ලද පරීක්ෂණයක ප්‍රතිඵල අනුව ඔවුහු මේ බව පවසති.සෑම දිනකම හුමාලයෙන් තම්බන ලද බ්‍රොකොලි වර්ගයේ ගෝවා කෝප්පයක් හෝ දෙකක්ආහාරයට ගැනීම ඇදුම රෝගීන්ට නව ප්‍රතිකාරයක් වන බවයි. ගෝවා පවුලට අයත්ආහාරවල ඇති සොල්පොරපේන් නැමැති සංයෝගය හේතුවෙන් ස්වසන අපහසුතා දුරු වේ.ඔස්ට්‍රෙලියාවේ දස දෙනෙකුගෙන් එක් අයෙකුට ඇදුම රෝගයේ බලපෑම ඇති බවත් එමතත්වය ඉහළ යමින් තිබෙන බවත් මෙල්බර්න් විශ්වවිද්‍යලයේ ගෞරව උපාධිධරයකු වනනඩියා මැසරාකිස් පවසයි. මැසරාකිස් පර්යේෂණය සිදුකැර ඇති අතර එහි අධීක්ෂණයආචාර්ය ටොම් කරගින්නිස් විසින් සිදුකර තිබේ.බ්‍රෝකොලි ගොවා විටමින් ඒ ,සි විටමින් බී 6 වලින් පරිපූර්ණය. එහි කැල්සියම්සහ තන්තු ඇත. ගෝවා පවුලේ ආහාරවල පිළිකා නාශක ගුණ ඇතැයි ද විශ්වාසයක් පවතී.රසායනාගාර පරික්ෂණ මගින් ගෝවා, බොකුටු ගෝවා, බ්රෑසෙල්ස් අංකුර, මල්ගෝවායනාදිය ආහාරට ගැනීමෙන් පෙනහළු ආබාධ ඇතිවීම අඩුකරන බවත් පෙනහළු ආබාධ වලින්පෙලෙන්නන්ගේ එම තත්වය ප්‍රකෘති මට්ටමට පත්වන...

මෙන්න මේ අය සුදු ළුණු කවදාවත් කන්න එපා අන්ත‍්‍රාවයි, කෑවොත් විස වෙයි.

Image
ඔබ සුදු ළුනු පරිභෝජනය කරනවානම් එහි අන්තර්ගත වන පෝෂ්‍යය පදාර්ථයන් මගින් සෞඛ්‍යයට සෙතක් සලසා ගෙන ලෙඩරෝග බොහෝ ප‍්‍රමානයකින්ද ආරක්ෂා වීමට හැකියාව තිබෙනවා. නමුත් සුදු ළුනු පරිභෝජනය කිරීමට නොසුදුසු පුද්ගලයන්ද සිටිනවා. ඔබත් මෙම පුද්ගයලන් වර්ග හයට ඇතුලත් නම් සුදු ළුනු අනුභවයෙන් වැලකී සිටිය යුතු වනවා. සුදු ළුනු ආහාරයට නොගත යුතු පුද්ගලයන් වර්ග හය: 1.අක්මාවේ රෝග වලින් පීඩා විදින පුද්ගලයින්. සුදු ළුනු මගින් බැක්ටීරියා සහ වෛරස ඉවත් කර දෙනු ලැබුවත් සුදු ළුනු මගින් ර්‍ණයැච්එසඑසි” වෛරසය විනාශ කර දෙනු නොලබයි. තවද සුදු ළුනු මගින් ආහාර ජීර්ණ පද්ධතිය ක‍්‍රියාශීලි කර දෙනු ලැබුවත් අක්මාවේ රෝග තුලින් පීඩා විදින පුද්ගලයන් සුදු ළුනු ආහාරයට ගැනීම මගින් ඔක්කාරය වැනි තත්වයන් ඇති වේ. 2.බැක්ටීරියා නොවන දිලීරයන්ගෙන් පිඩා විදින පුද්ගලයන්. ඔබ දිලීර ආසාදනය වී ඇති පුද්ගලයෙක්නම් ඔබ අමු සුදු ළුනු ආහාරයට ගැනීම තුලින් එම තත්වය වර්ධනය විය හැකි බැවින් සිදු ළුනු ආහාරයට ගැනීමෙන් වලකින්න. 3.සැත්කමකට භාජනය කිරීමට නියමිත රෝගීන්. ඔබට සැත්කමක් සිදු කිරීමට නියමිතනම් ඔබ විසින් සුදු ළුනු ආහාරයට ගැනීම අවමයෙන් සති දෙකක කාලයකට පෙර සිට න...

පිරිමින්ගේ ලිංගික ආශාව වැඩිකරන බියර් වල සගවෙච්ච රහස් මෙන්න.

Image
බියර් මත්පැන් වර්ගයක් ලෙස ලෝකය පුරාම ජනප‍්‍රියයි’ මත්වීමට අමතරව බියර්වලින් ලැබෙන වෙනත් ප‍්‍රතිලාබ කිහිපයක් ගැන කියන්නයි අපේ මේ සුදානම. ලිංගික විශේෂඥයන් සඳහන් කරන ආකාරයට බියර් ඔබේ ලිංගික කැමැත්ත වැඩි කරනවා’ විශේෂයෙන් පිරිමින් තුල ලිංගික ආශාව වැඩි කිරීමේ හැකියාවක් බියර්වලට පවතිනවා. තව කියවන්න…. Beer-Slide-Background මේ පිළිබඳව පරීක්ෂණ පවත්වන වෛද්‍ය කැට් වෑන් පවසන්නේ බියර් ස්වල්පයකට ඔබේ ලිංගික හැගීම් උත්දීපනය කිරීමේ හැකියාව පවතින බවයි’ askmen නම් වෙබ් අඩවිය වෙත අදහස් පළ කරමින් ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ බියර්වල phytoestrogens නම් ලිංගික හැකියාව වර්ධනය කළ හැකි රසායනිකයක් අන්තර්ගතවන බවයි’ ඒවගේම මෙයට තවත් හේතුවක් ලෙස සඳහන් වන්නේ බියර් තුළ අඩංගු යකඩ රුධිරයේ ඇති රතු රුධිරානු ප‍්‍රමාණය වැඩි කිරීම හරහා සිරුරේ ලේ ගමනා ගමනය ක‍්‍රමවත් කිරීමයි’ බියර්වලින් ඔබේ ලිංගික ජීවිතය පමණක් නෙමෙයි තවත් ප‍්‍රතිලාබ රැුසක් අත්වෙනවා’ දවසකට බියර්පයින්ට් එකක් පානය කිරීම හරහා හදවත් රෝග මෙන්ම ආඝාතය වැනි රෝගවලින්ද වැළකිය හැකි බව ඉතාලි ත්‍දබා්‘සදබැ ාස ඍසජැරජ් ැ ක්‍මර් නම් වෛද්‍ය ආයතනය පවසනවා’ මෙහිදී ඔවුන් සඳහන් කරන තව...

කාන්තාවන් පිරිමින්ට හංගන ආශාවන් මෙන්න.

Image
කාන්තාවන් තම ආශාවන් පිළිබඳව පිරිමින් සමග කතාබහ කරන අවස්ථා අඩුය. තම ආශාවන් ඉටු නොවුණත් නැතත් ඒවා හංගාගෙ සිටීම කාන්තාවන්ගේ ස්වභාවයයි. මේ කාන්තාවන් කිසිවෙකුටත් නොකියන සිතැඟි කිහිපයකි මේ. 01. කාන්තාව වැඩියෙන්ම කැමති පෙනුමට වඩා කතාබහ විලාශයටය. මෘදු වචන ඔවුන්ගේ අශාවයි.  02. පිරිමියා හා කතාවට මැලි බවක් පෙන්නුවද ඇය වඩාත්ම කැමති කතා කරකර සිටීමටය.  03. අසැබි දසුන් රහසේ බලන්නට කැමතිය. එය රහසක් සේ රකිනු ඇත.  04. ශීත කාලයට වඩා කැමතිය. ඒ එකලට තම අශාවන් වැඩිපුර උද්ධීපනය වන නිසාය.  05. පිරිමින්ගේ අඟපසඟ බලන්නටත් ඇවිදින විලාශය බලන්නටත් ඔවුන් අශා කරයි. අතර්ජාලයෙන් උපුටා ගැනීමකි

රුධිර පරීක්‍ෂාවකින් ඒඩ්ස්‌ රෝගියෙක්‌ හඳුනා ගන්නා හැටි

Image
මං ඒඩ්ස්‌ රෝගියෙක්‌.යම්කිසි පුද්ගලයෙක්‌ පැවසුවහොත් අප තුළ ඇතිවන හැගීම් කෙසේ විය හැකිද? අනාචාරයේ යෙදුණ කෙනෙක්‌, වැඩිකලක්‌ ජීවත්වෙන්නේ නෑ.මටත් ඒඩ්ස්‌ බෝවෙන්න පුළුවන් මෙයා එක්‌ක කතා බහ කිරීම නිසා වැනි සිතුවිලි ඇති වී ඒඩ්ස්‌ රෝගියා කෙරෙහි පිළිකුලක්‌ මතුවිය හැකිය. නමුත් මෙම පුද්ගලයාට ඒඩ්ස්‌ රෝගය ඇතිවීමට බලපාන එච්. අයි. වී. වෛරසය ශරීර ගත වූයේ තම බිරිඳ හෝ සැමියාගෙන්, රුධිර පාරවිලයනයකදී හෙවත් රුධිරය ශරීර ගතකිරීමකින් හෝ මවු කුසේ සිටියදී යෑයි පැවසුවහොත් අප තුළ එම ඒඩ්ස්‌ රෝගියා කෙරෙහි අනුකම්පාවක්‌ ඇතිවනු ඇත. මීට වසර දහයකට පමණ පෙර ශ්‍රී ලංකාවෙන් ඒඩ්ස්‌ රෝගියකු හමුවූ බව පැවසූ විට අප බොහෝදෙනා එතරම් ඒ ගැන තැකීමක්‌ නොකළේ එම රෝගියා විදේශිකයකු වීමත් සමලිිංගික ඇසුරට යොමුවී තිබීමත් නිසාය. අපි ඕවට නෑ.... අපි එහෙම නෑ.... ලෙසින් පවසමින් ඒඩ්ස්‌ රෝගය ගැන, එතරම් අවධානයක්‌ යොමු නොකළහ. නමුත් ශ්‍රී ලංකාවේ 2015 වසර සැප්තැම්බර්ජ්වනවිට එච්. අයි. වී. රෝගීන් 2241 දෙනකු හමුවී ඇත. ඉන් ඒඩ්ස්‌ රෝගයට පත්ව 587 දෙනකු මරණයට පත්ව තිබේ. එසේ නම් දැන් අපට ඒඩ්ස්‌ රෝගය ගැන අවධානය යොමු නොකර බැරිය. ඒඩ්ස්‌ යනු ඒඩ්ස්‌ (Aෂෘී)...

කතුරු මුරුංගා වලින් ලැබෙන විශ්මිත බලය මෙන්න.කන්නේ නැත්නම් අනිවාර්යෙන්ම කියවන්න.

Image
සමකයට ආසන්න අපේ රටේ පවතින්නේ උෂ්ණ දේශගුණයක්. ඒ දේශගුනයේ පවතින උෂ්ණාධික කම තව තවත් ශරීරයට වැඩියෙන් දනවන, එනමුදු දිව පිනවන ආහාර රටාවකට අපේ අත්තම්මලා පුරුදු වී සිටියා. උදාහරණයකට ගතහොත් බලමාලු, දෙල්, මුරුංගා, ඉස්සෝ, දැල්ලෝ වගේ දේවල් ආහාරයට ගන්නට එදා ඔවුන් අද සේ පැකිලුනේ නැහැ. ඊට හේතුව එම අහාර වල උෂ්ණාධික බව මකා දැමිය හැකි, එමෙන්ම ඒ අහාර වල රසය තවත් වැඩි කරවන ආයුර්වේද ගුණ ඇති එළවලු හෝ පලා වර්ග ආහාරයට එක් කිරීමෙන් එම ආහාර වල උෂ්ණාධික බව නසා දමා ඒවායේ තිබු පෝෂණ ගුණය පමණක් ශරීරයට ඇතුලුකිරිමට ඔවුන්ට තිබු මහගු හැකියාවයි. උෂ්ණ යයි කියවෙන ආහාර වර්ගයක් මුළුතැන් ගෙයි පිසෙන දවසක නොවරදවා බත් පිගානේ දකින්නට තිබු ‘කතුරුමුරුන්ගා’ ව්යංජනය ගැනයි මේ කියන්නට යන්නේ. කතුරු මුරුංගා තරම් වේගයෙන් මුඛ තුවාල සුව කරන ඖෂධයක් මා නම් මේ වනතුරු දැක නැහැ. දිවේ, විදුරු මසේ හෝ තල්ලේ උෂ්ණාධික බව නිසා ඇතිවන කුඩා ගෙඩි හෝ තුවාල ඉතාමත් වේදනාකාරියි. අත්තම්මගේ මේ රෝගයට ඇති පිළියම වහාම කතුරු මුරුංගා කොළ අහුරක් ඊළඟ ආහාරයට සම්බෝලයක්, මැල්ලුමක්, කිරි හොද්දක් හෝ බැදුමක් ලෙස එක් කිරිමයි. කුමන විධියට පිළියෙළ කලත් කතුරුමුරුන්ගා වල ඇත...

අඩු වූ ලිංගික ආශාවට පෙත්ත පිලියමක්ද?

Image
ලිංගික ආශාව අඩු වීම තම සහකරු සමඟ ලිංගික සංසර්ගයේ යෙදීමට ඇති ආශාව අඩු වීම ලිංගික අකර්මන්‍යතාවයට ප්‍රධානම හේතුවක් වේ. මෙය කාන්තා පුරුෂ දෙපක්ෂයටම ඇතිවිය හැකි වුවත් කාන්තාවන් අතර බහුල වේ. සෑමවිටම ලිංගික ආශාව අඩුව පැවතීමට හේතු  වන කරුණු ප්‍රාථමික (ඡරසප්රහ ජ්මිැි)හේතු නම් වේ. 1.ස්වභාවයෙන්ම ලිංගික ආශාව අඩු වීම ලිංගික ආශාව ද පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. ඇතැමුන් ස්වභාවිකවම වැඩි ආශාවෙන්  යුතු අතර   ඇතැමුන් අඩු ලිංගික ආශාවක් ඇති අය වේ. මෙය රෝගී තත්වයක් නොවේ. 2.කුඩාකාලයේ අයහපත් අත්දැකීම් නිසා ඇතිවන බියයමෙකු කුඩාකාලයේ ලිංගික අපහරණයට හෝ එවැනි අයහපත් අත්දැකීමකට මුහුණ දී ඇත්නම් වැඩිහිටියෙකු වූ විට එම බිය නිසා ලිංගික කාර්යයට ඇති ආශාව අඩු විය හැක. ද්විතීයක හේතු ීැජදබා්රහ ජ්මිැි පෙර ලිංගික ආශාව සාමාන්‍ය පරිදි පැවතියද පසුව එය අඩු වීමට හේතු ගණනාවක් බලපෑ හැක. 1.සහකරු/සහකාරිය සමඟ ඇති සම්බන්ධතාව අඩු වීම ඕනෑම හේතුවක් මත තම සහකරු/සහකාරිය සමඟ ප්‍රශ්ණ ඇති වූ විට ලිංගික සංසර්ගයේ යෙදීමට ඇති ආශාව අඩු වේ. 2.පාරිසරික සාධක ලිංගික කාර්යයට සුදුසු පරිසරයක් නිවසේ නොමැති නම් (උදා: කුඩා දරුවන...

හිසේ කැක්කුම ක්ෂණිකව නැති කර ගන්න මෙන්න මේ ඔසුව ගැනත් දැනන් ඉන්න.

Image
අපි හැමෝටම විවිධ අවස්ථාවන් වලදී මේ ඔලුව කැක්කුම කියන දේ ඇති වෙනවනේ. සමහරවිට අවුවේ එහෙම ගිහින් අපුහම ඔලුව පුපුරන්න වගේ එන අවස්ථා ඕන තරම් විදලා ඇති. තව විවිද හේතු නිසා මේ ඔලුව කැක්කුම කියන දේ ඇති වෙනවා. ඉතින් ඔය වගේ වේලාවන් වල අපි සාමාන්‍යයෙන් කරන්නේ පැරසිටමෝල් වගේ වෙධනානෂ්කයක් බීල පොඩි සහනයක් ලබා ගන්න එකනේ. එත් ඉතින් ඔය වේදනානාශක වලට ඇග හුරු කරන ඒක නම් එච්චර හොද දෙයක් නෙවෙයි. ඉතින් ඕන එකට හොද ස්වභාවික ඛෙහෙතක් තියෙනවා. මේක ස්වභාවික නිසා ශරීරයටත් හුගක් හොදයි.  මේක ඔයාලට ගෙදරදීම ලේසියෙන්ම හදා ගන්නත් පුළුවන්. මෙන්න මෙහෙමයි මේක හදා ගන්නේ, අවශ්‍ය ද්‍රව්‍ය- මී පැණි ග්‍රෑම් 500 සුදු ළුණු ගෙඩි 10ක් පමණ ගම්මිරිස් ඇට ස්වල්පයක්. මුලින්ම සුදු ළුණු පොතු ඇරලා ඒක බිකක් කෑලි දෙකකට වෙන් වෙන ලෙස කපා ගන්න. ඉන් පසු ඒවා සියල්ල පිරිසිදු භාජනයකට දමා ගන්න. එයටම මී පැණි සහ ගම්මිරිස් එකතු කර බාජනයේ කට හොදින් වසා දවස් 5ක් පමණ තිඛෙන්නට හරින්න. Pepper-2 ඔබට හිසේ කැක්කුමක් අපු වෙලාවට මෙහි ඇති සුදු ළුණු බිකක් සහ ගම්මිරිස් ඇටයක් සමග දියරයෙන් හැන්දක් පමණ ආහාරයට ගන්න. ඔබට ඉක්මනින්ම සහනයක් දැනේවි. හිසේ කැක්කුමක් නැත...

මේ දේවල් කවදාවත් නිවසේදි නම් මිශ‍්‍ර කරන්න එපා එය ඔබේ මරණයට පවා හේතු වන්නට පුළුවන්.

Image
ඔයා නිවසේදි මේ අපි කියන අමුද්‍රව්‍ය මිශ්‍ර කරන්න නම් එපා‘ එය ඔබේ ජිවිතයට හානියක් පවා ඇති කරන්නට පුලූවන්’ ඒ නිසා ඔබ මේ පිළිබද අවධානය යොමු කරන්න කියලා ඉල්ලා සිටිනවා’මෙමගින් අහිතකර බලපෑමක් සේම අහිතකර වායු නිර්මාණය වන්නටත් පුලුවන්’ අපි බලමු ඒ මොනවාද කියලා’  ඇදුම් පිරිසිදු කරන ක්ලෙන්සර් වර්ග දෙකක් එකට මිශ්‍ර කරන්න එපා’ සර්ජිකල් ස්ප්රීතු හා විරංජක මිශ්‍ර කරන්න එපා’  විරංජක සමග ඇමෝනියා මිශ්‍ර කරන්න එපා’  ක්ලෝරින් සමග විනාකිරි මිශ්‍ර කරන්න එපා’  බේකින් සෝඩා හා විනාකරි මිශ්‍ර කරන්න එපා’  හයිඩ්‍රජන් ෆෙරෝක්සයිඩ් හා විනාකිරි මිශ්‍ර කරන්න එපා’ එහෙනම් මේ වටිනා පණිවිඩය ගැන ඔයාගේ නිවසේ සියලූ දෙනාවත් යාලුවන්නවත් දැනුවත් කරන්නට අමතක කරන්න එපා’ අතර්ජාලයෙන් උපුටා ගැනීමකි

ගර්භාෂය ඉවත් කලොත් ශරීරයේ ශක්තිය අඩු වෙනවද?

Image
කාන්තාවකගේ ගර්භාෂය පිහිටා තිඛෙන්නේ දරුවන් සෑදීම සඳහායි. දරුවකු පිළිසිඳගෙන, වැඩිලා, බිහි වෙන්නේ මේ ගර්භාෂය තුළිනි. ගර්භාෂයට සම්බන්ධව ඩිම්බකෝෂ සහ පැලෝපීය නාල පිහිටා තිඛෙනවා. මේ ඩිම්බ කෝෂ මගින් ඊස්‌ට්‍රජන් හෝමෝනය නිපදවෙනවා. ඊස්‌ට්‍රජන් හෝමෝනය කාන්තාවන්ට වැඩි ලැදිකමක්‌ දක්‌වන හෝමෝනයක්‌. කාන්තාවකගේ ලස්‌සන, සමේ සියුම් බව, පියයුරුවල මනා පිරුණු බව, ශරීරයේ හැඩය මේ හැමදේටම ඊස්‌ට්‍රජන් හෝමෝනය බලපානවා. මේ හැරුණු විට ලිංගික ක්‍රියාවලියේදී යෝනි මාර්ගයේ තෙත් බව රඳවා ගන්නට උදව් වෙන්නෙත් ඊස්‌ට්‍රජන් හෝමෝනයයි. දැරියක්‌ මල්වර වීම ලෙස අප හඳුන්වන සමයේදී මේ හෝමෝනය නිපදවීම ඇරඹෙනවා. ඒ වගේම කාන්තාවකගේ ආර්ථවහරණයත් සමග ඊස්‌ට්‍රජන් නිපදවීම නතර වෙනවා. එවිට මේ හෝමෝනය බාහිරව ලබා ගන්නට පුළුවන්. දරුවන් හැදීම වෙනුවෙන් වෙන් වූ ගර්භාෂය තුළ විවිධාකාරයේ ලෙඩ රෝග ඇති වෙන්න පුළුවන්. ෆයිබ්‍රොයිඩ්, ඇඩිනෝමයෝ සිස්‌ වැනි රෝග තත්ත්ව ඒ අතර වෙනවා. ෆයිබ්‍රොයිඩ් කියන්නේ ගර්භාෂයේ මාංශය මත හැදෙන ගෙඩි වර්ගයක්‌. මේවා බොහොමයකට ප්‍රතිකාර අවශ්‍ය නොවන නමුත්, ඇතැම් අවස්‌ථාවල ඒවා වර්ධනය වීම නිසා ගර්භාෂය ඉවත් කිරීමට පවා සිදු වෙනවා. ඇඩිනෝම...

පවුල් දිවිය අවුල් කරන ලිංගික ගැටලු

Image
වර්තමානයේ බොහෝ පවුල් ජීවිත දික්‌කසාදවලින් තොරව ගැටගසාගෙන යන්නේ දූ දරුවන් නිසා යෑයි බොහෝ දෙනා පවසති. විවාහ වීමට පෙර කුරුළු ජෝඩු වගේ සිටි පෙම්වතුන් විවාහ වී වසරක්‌ දෙකක්‌ යන විට දරුමල්ලන් ලැඛෙන විට එකිනෙකා දුරස්‌ව යැමට පටන් ගන්නා බව ඔවුහු පවසති. මෙවන් පසුබිමක විවාහ වී අඹුසැමියන් ලෙස ලිංගිකව එක්‌ නොවූවන් අප සමාජයේ සිටින බව පැවසුවහොත් ඔබ පුදුම විය හැකිය. මෙය විවෘත ලෙස කතාබහට ලක්‌ නොවූවද එවැනි පවුල් ශ්‍රී ලංකාවේ සිටිති. දරුමල්ලන් සිටින පවුල්වලද ආරවුල් පවතින විට මෙවැනි අඹුසැමියන් අතර ඇතිවිය හැකි ආරවුල් කෙතරම් විය හැකිද? ඔවුන්ගේ පවුල් ජීවිත කෙසේ විය හැකිද? එබැවින් ලිංගිකව පරිපූර්ණ නොවූ විවාහයන් ලෙස හඳුන්වන මෙම විවාහයන්ට බලපා ඇති ගැටලු පිළිබඳව අපි විමසා බලමු. ලිංගිකව පරිපූර්ණ නොවූ විවාහයක්‌ යනු විවාහක යුවළක්‌ ලිංගික සංසර්ගයේ යෙදීමට අපොහොසත් වූ තත්ත්වයකි. එසේ වීමට බලපාන හේතු රැසක්‌ ඇත. එනම් ලිංගිකත්වය හා ලිංගික අවයව පිළිබඳව ඇති දැනුම මඳ බව, විවාහ උපදේශනය ලබා නොතිබීම, සංස්‌කෘතික හා සමාජයීය මත අනුව ලිංගිකත්වය වරදක්‌ ලෙස දැකීම, විවාහයට පෙර ලිංගිකව ක්‍රියාකාරීව නොසිට විවාහයෙන් පසු වහාම ලිංග...

විසිඑක්වැනි පොරොන්දම නොගැලපුණොත් බඳින්න එපා

Image
කතාවක්  කියාගෙන යනකොට   එක හුඟක්ම සුබවාදී  කියලා හරි අන්තෙටම අසුභවාදී  කියලා  හරි දැනුනොත් ඒක ගොතපු  කතාවක්  කියලා  කෙනෙකුට  හිතෙන්න පුළුවන්. සමුදිගේ  කතාව කියනකොට  හුඟක්  දෙනෙක් හිතුවෙත්  ඒ විදියට. සඳ ගැන සොඳුරු සිත් ඇති  මිනිසුන්  ලියු  උපමා වලටත්  වඩා ඇය සුන්දර  වුවා පමණක්  නොව සඳ එළිය සේ  සුමුදු සිත්  ඇත්තියක් ද වුවාය. සාමන්‍ය  මධ්‍යම පාන්තික පවුලක එකම දරුවා  ලෙස උපන්  ඇගේ  ළමා  කාලය හැලහැප්පිලි  වලින්  තොරව නිදහසේ  ගලා  ගියාය. වාසනාවකට  ජිවිතයේ  හැම දෙයක්ම ලැඛෙන තුරු  බලා  නොසිට  උත්සහයෙන්  ජිවිතය දිනාගන්නට  ඇයට  තිබුණේ  නොමඳ ආශාවකි. මව්පියන්ට හොඳ දරුවෙක්  වගේම ගුරුවරුන්ගේ ද ආදර‚ය ශිෂ්‍යාවක්  ලෙස උත්සහයෙන්  ඉගෙන ගත්  ඇයට  දෛවය කිසිදු  අසාධාරණයක්  නොකර  සරසවි  වරම්  ලබා  දුන්නේය. ආදරයත්  යෞවනයත්  අතර  ඇති වන බැඳිම ජිවි...