මලබද්ධ රෝගය

බොහෝ අය මේ අවස්ථාවෙන් පෙලේ. පුරුද්දක් වශයෙන් දවසකට වරක් මල පහ කිරීමට පුරුදු වු විට මෙය මග හැරී යා හැක. සහජ අර්ශස් ඇති අයට මෙය තදේට බලපාන කරුණකි. බොහෝ විට ආහාර අඩුවෙන් ගැනීමත්, දියර අවශ්‍ය පුමාණයට නොගැනීමත් මීට හේතු වේ. මෙවැනි අවස්ථා වලදී වැඩි වශයෙන් ගත යුත්තේ මල වඩන ආහාරය.

අරළු කුඩු, සෙනෙහ කොළ, රට ඉදි එකට අඹරා වරකට ග්‍රෙන්ස් හැටක් පමණ දවසට දෙවරක් ගැනීම.
වැල්මී කුඩු, අරළු කුඩු, සූකිරි, මුද්දරස්පලම්, එකට අඹරා ග්‍රෙන්ස් 30 සිට 60ක් උණු වතුර සමග ගැනීම.
කස කසා ඇට හොදින් ගරා වැලි ආදිය ඉවත් කර වියළා තබාගෙන දිනපතා මිටක් පමණ වතුරට දමා තියා බීමට.
තිරස්සවාළු, අරළු, නෙල්ලි, මුද්දරස්පලම්, සුකිරි සියල්ල චූර්ණ කර එකට අඹරා ග්‍රෙන්ස් 40-60 දක්වා උණු වතුරෙන් ගැනීම.
කතුරුමුරුංගා කොළ, කෙසෙල් මුව, කෙසෙල් බඩ, සමග පරිප්පු, ඛෙලි, මුදවාපු කිරි, ගස්ලබු, කෙසෙල් ගෙඩි, බතල ආදිය නිතර ආහාර වශයෙන් ගැනීම මල බද්ධයට හිතය.
මලබද්ධය මග හැරවීම

දිනපතා නියමිත වෙලාවට මල පහ කිරීමට පුරුද්දක් ඇති කර ගැනීම.

මල වේග අමතක නොකිරීම.

වතුර වැඩිපුර පානය කිරීම.

අළුත් පළතුරු, එළවළු, පලා දිනපතා ආහාරයට එකතු කර ගැනීම. කෙදි සහිත එළවළු - කොහිල දළු, අල, මුගුණුවැන්න, ගොටුකොළ ආහාරයට ගැනීම.

වියළි මස්, මාළු, කරවල වර්ග අඩුවෙන්ආහාරයට ගැනීම.

විරේක ඖෂධ වර්ග හැකි තරම් අඩුවෙන් පාවිච්චි කිරීම.

මලබද්ධයට, අර්ශස්, භගන්දර වැනි රෝග හේතු වන බැවින් එම රෝග වලට ප්‍රතිකාර ලබාගැනීම ආදියද කළයුතුවේ.

කොළ කැඳ පානය.

Comments

Popular posts from this blog

ලිංගික අප්‍රාණිකත්වය සුවකරන පොල් වතුර

වැඩි බර මරණයට අත වනන හැටි මෙන්න

ලිංගික අප්‍රාණිකත්වයට හේතු මෙන්න