හමේ ලෙඩ නිට්ටාවටම සුවකර ගන්න ගන්සූරිය පස් පංගුවේ මේ විශ්මිත රහස් දැනගන්න.

ආසාදනය වූ හෝ තුවාල වූ සම හරහා සිරුරට ඇතුළු වන රෝග කාරක, මිනිස් සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රියන්ට හානි පමුණුවයි. ත්‍රිදෝෂ කෝප වීම හේතු කොට ගෙන වැලඳෙන චර්ම රෝග සප්ත ධාතු ගතවීම රෝගය සුව කිරීමේ හැකියාව අහුරා දමයි.
චර්ම රෝග වැලඳීමට වයස් සීමාවක් බල නොපාන අතර ආයුර්වේද වෛද්‍ය ක්රමයේ චර්ම රෝග සඳහා දරුවන්ට “ගන්සූරිය පැණිය” නිර්දේශ කොට ඇත. ඒ අනුව යමින් ආයුර්වේද පර්යේෂණායතනයේ වෛද්‍ය සෙව්වන්දි මහත්මිය ගන්සූරිය ගසේ පස් වර්ගය (පස් පංගුව) කසාය කොට බීම ඕනෑම චර්ම රෝගයකට ගුණ දෙන ඖෂධයක් බව හඳුනා ගෙන ඇත.
චර්ම රෝග රාශියක් ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේදී හඳුන්වා දෙන අතර දද, කුෂ්ට, කිටිබා, විපාදිකා, ගජචර්ම, ආදි වශයෙන් ඒවා බෙදා දක්වා ඇත. දද වලදී කැසීම සහිතව ශ්‍රාවය ගලන බිබිලි මතුවී සම අවලස්සන වේ.
කිටිබ (සුදු කබර) රෝගයේ දී සම මතුපිට පොතු ගැලවී කැසීම් සහිත සම මතුපිට ලප ඇතිවේ.
විපාදිකා අවස්ථාවේ සම ගැලවී යයි. අත් කකුල් ආදියෙහි කෙළවරවලට මේ රෝගය වැලඳීමේ ප්‍රවණතාව වැඩිය. චර්ම දල තත්ත්වයේදී සිරුර පුරාම කුඩා බිබිලි මතුවේ. කැසීම් සහිතය. ගජ චර්ම රෝගයේ දී හස්තියෙකුගේ සම මෙන් පුද්ගලයාගේ සම ගොරෝසු වේ.
ආයුර්වේදය අනුව චර්ම රෝග වැලඳෙන්නේ වාත කෝප වීම මුල් කොටගෙනය. චර්ම රෝග නිට්ටාවට සුවකළ හැකි ඖෂධ ආයුර්වේදයේ තිබුණ ද සමේ රෝග නිට්ටාවටම සුවකර ගැනීම සඳහා ආහාර හා පැවතුම් ආදිය ද පාලනයකින් යුතුව පවත්වා ගත යුතුය.
සමේ රෝගයක් වැලඳි විට දී වෛද්‍යවරයකු හමුවීම ඉතා අවශ්‍ය වේ. එතෙක් අමු කහ කොහොඹ කොළ තැම්බු වතුරින් සේදීම යෝග්‍ය වේ.
නෙල්ලි රසකිඳ තම්බා බීමට ගැනීම ද ඉතා ගුණදායකය.
සමේ රෝග වැලඳුණු පුද්ගලයන්ගෙන් තුනෙන් දෙකක්ම ප්‍රතිකාර ගැනීමට නොපැමිණ අත්බෙහෙත් කිරීමට හුරු වී සිටිති.
චර්ම රෝගයක් ඇතිවිට ආහාර පාලනය කළ යුතුය. තිෂ්ණ, උෂ්ණ, ලවණ, අධික අම්ල ආහාරපාන ගැනීම සුදුසු නොවේ.
කාර්යබහුල වීම හේතුකොට ගෙන සැකැසු ආහාර වෙළෙඳ පොළෙන් මිලයට ගෙන කුසගිනි නිවා ගැනීම චර්ම රෝගීහු නොකළ යුතුය. වාත කෝප වීම ප්‍රධාන කොට ඇතිවන චර්ම රෝගවලදී ඉහත ආහාර පාලන අත්‍යවශ්‍ය වේ.
උෂ්ණ කාලවලදී ඇතිවන සමේ රෝගවලදී පුද්ගලයා ඇඟ නිවෙන සුදුසු ප්‍රතිකාර ලබාගත යුතු අතර විහරණ ආදියෙහිදී පරෙස්සම් විය යුතුය.
කොළ කැඳ, නෙල්ලි, රසකිඳ, තම්බා බීම, නීර මුල්ලිය, පොල්පලා, ඉරමුසු, රණවරා ආදි ද්‍රව්‍ය ආහාර ලෙස හෝ පාන ලෙස සකසා ගැනීම තේ - කෝපි හා කෘත්‍රීම පානයන් ගෙන් ඈත්වී සිටීම කළ යුතු වේ.
දුකෙන් කනස්සල්ලෙන් සිටීම හා මානසික හේතු චර්ම රෝග ඇතිවීමට හෝ වැඩි වීමට හේතු වේ.
චර්ම රෝග ශරීර අභ්‍යන්තරයට බලපෑම් කරනු ලබන අතර කෘමි ආසාදන ඒ අතර ප්‍රධාන වේ. පොතු කබර රෝගය පුද්ගලයාගේ සන්ධි වලට බලපෑම් කරනු ලබන අතර සන්ධි ඉදිමීම වේදනාව ඇතිවීම දක්නට ලැබේ.
චර්ම රෝගයක් හේතු කොටගෙන සිරුරට ඇති ආරක්ෂාව අහිමි වන අතර “සම” හරහා විෂබීජ ශරීර ගතවී අභ්‍යන්තර ඉන්ද්‍රියන් පීඩාවට පත් කරවයි. කුරූලා යෞවනයන් අතර බහුල තත්ත්වයකි. එහෙත් කුරුලෑ එකක් දෙකක් තිබීම රෝගී තත්ත්වයක් ලෙස නොසැලකිය යුතුය. හෝමෝන ක්‍රියාකාරිත්වයෙ වෙනස්කම්, දූවිල්ල, සමෙහි තෙල් කොටස් නිසි ලෙස බැහැර නොවීම, හේතුවෙන් හා ශ්රාවිය ග්‍රන්ථිවල පිටත එන අපද්‍රව්‍ය නිසි ලෙස බැහැර නොවීම, කුරුලෑ ඇතිවීමට හේතු වේ.
කුරුලෑ මිරිකීම හේතුකොටගෙන පැතිර යාම හා සම අවලස්සන වීම කැළැල් ඇතිවීම සිදුවේ. ඒ සඳහා වෙනිවැල් ගැට තම්බා සේදීම, කලාඳුරු අල ඇල් දියෙන් හා කිරිවලින් ගල ගා ආසාදිත ස්ථානයෙහි ගැල්වීම යෝග්‍ය වේ.
ඊට අමතරව කොත්තමල්ලි, ලෙත්සුඹුලු, වදකහ, සුදු හදුන්, ඇල් දියෙන් හෝ පිනි දියෙන් ගල ගා ආලේප කිරීම කුරුලෑ සමනයට යෝග්‍ය වේ.
එහෙත් බහුල ලෙස මුහුණෙහි බෙල්ලෙහි, ළැම හා පිට ආදි ප්‍රදේශයන්හි කුරුලෑ ඇතිවීම වෛද්‍ය උපදෙස් පැතීම කළ යුතු අවස්ථාය.
රුව අවලස්සන කරන සමේ රෝගයක් වන අලුහම් කාන්තා ලාවණ්යයෙහි ලක්ෂණයක් ලෙස ද සලකති. ඇඳුම් පැලඳුම් තුවාය අත්ලේන්සු මඟින් අලුහම් පැතිර යා හැකිය. අලුහම් ඇති අයෙකු තම ඇඳුම් ඉතා පිරිසුදුව භාවිත කළ යුතුය.
අලුහම් අත්බෙහෙත් භාවිතයෙන් සමනය කරගත හැකි රෝගී තත්ත්වයකි.
එහෙත් අලුහම්හි ලක්ෂණ ප්‍රකට කරන වෙනත් රෝග ඇති බැවින් වෛද්‍යවරයකු හමුවී රෝග නිර්ණය කරගැනීම වැදගත් වේ.
අලුහම් සඳහා කොහොඹ කොළ පෙර කොළ අඹරා ගෑම යෝග්‍යය. ක්‍රිමින් නිසා ඇතිවන අලුහම් තත්ත්වයකදී ඒ සඳහා ඖෂධ භාවිත කළ යුතුය.
ඇතැම් විට ආලේපන අසාත්මික වීම හේතුකොට ගෙන ද චර්ම රෝග ඇතිවිය හැකිය. ආහාර අසාත්මිකතා හේතුකොට ගෙන ඇතිවන චර්ම රෝගයන්හිදී වතුර වැඩි ප්‍රමාණයක් පානය කිරීමෙන් විෂ ශරීරයෙන් ඉක්මනින් ඉවත් කරගත හැකිය.
චර්ම රෝග හදාගන්නේ නැතිව ඉන්න පුළුවන් ලෙඩක් නොවේ. චර්ම රෝග අප නොදැනුවත්වම වැලදෙන්න පුළුවන්. එහෙත් ඒ රෝග සමනය කරගැනීමේ හැකියාව පවතී.
යෝග්‍ය ආහාර ගැනීම, සුවදායි මානසික තත්ත්වයක සිටීම, පිරිසුදුව සිටීම මඟින් චර්ම රෝග වැලඳීම අවම කරගත හැකිය. ඇතැම් චර්ම රෝග ජාන මඟින් පැතිර යයි.
රත ගාය ලෙස දක්වන රතු බිබිලි ඇතිවූ විට දරුවන්ට ප්‍රතිකාර ලෙස රත කල්කය ලබාදීම ප්‍රතිශක්තිකරණය වැඩි වී රෝග සමනයට හේතු වේ.
ඕනෑම චර්ම රෝගයක දී ගන්සූරිය පොතු නුග පොතු රත් වදමල් බෝ පොතු වෙනිවැල්ගැට කහ කොහොඹ ආදිය තම්බා සේදීම යෝග්‍ය ප්‍රතිකර්මයකි.
අංග ලක්ෂණ විද්‍යාවේදී ශරීරයේ ඉන්නන් පිළිබඳව කිව්වත් ඒ ගැන හිතන්නේ නැතිව ඉන්නන්ට ප්‍රතිකාර කළ යුතුයි. මන්ද යත් සමේ ගැටිත්තක් ලෙස මතුවන ඉන්නන් හටගන්නේ ශරීරයේ සෛල අසාමාන්‍ය ලෙස වර්ධනය වීම හේතු කොටගෙන බැවිනි. විශේෂයෙන්ම හදිසියේ මතුවන ඉන්නන් පිළිබඳව සැලකිලිමත් වීම ඉතා වැදගත්ය. අවදානම් සහිත ඉන්නන් බැලු බැල්මට හඳුනාගත නොහැකිය. ඒ සඳහා වෛද්‍යවරයකු හමුවීම යෝග්‍ය වේ. ඉන්නන් සඳහා ලබු දලු හුණු සමඟ තලා ගෑම යෝග්‍ය වේ.ඊට අමතරව කෙසෙල් තන්තිරිය පුච්චා ඇල් දියෙන් දියකර ඉන්නන් මත ආලේප කිරීම මෙන්ම බුරුල්ල ගෙඩි ඉස්ම ආලේප කිරීම ඉන්නන්ට ප්‍රතිකර්මයකි.
ලිංගාශි‍්‍රත ඉන්නන් සඳහා සුදුසු වෛද්‍යවරයකු හමුවී ප්‍රතිකාර ගැනීම අනිවාර්යෙන් කළ යුතුයි. සමේ තැන තැන කළු වීම ද සෙම ආශි‍්‍රත රෝගවලදී හා අධික දහදිය දැමීම හේතු කොටගෙන ඇතිවන සමෙහි ආසාදන තත්ත්වයකි. බෙල්ල නාසය දෙපස කළු වීම මෙහිදී දැකිය හැකිය.
මිනිස් සිරුරේ විශාලම ඉන්ද්රිය වන සම ආරක්ෂා කර ගැනීමට පිරිසුදුව සිටීම වැඩිපුර දියර වර්ග පානය අත්‍යවශ්‍ය වේ.
ආයුර්වේද පර්යේෂණ ආයතනයේ
කායික රෝගී අංශයේ
වෛද්‍ය යූ. ඩී. එස්. සෙව්වන්දි
ටෙක්ලා පද්මිණි කාරියවසම්
අතර්ජාලයෙන් උපුටා ගැනීමකි
Comments
Post a Comment