තෙල් යනු ආයුර්වේදයේ බොහෝසෙයින් භාවිතා වන අත්‍යවශ්‍ය ඖෂධයකි. ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට අනුව ශාක තෙල් හා සත්ත්ව තෙල් වශයෙන් තෙල් වර්ග දෙවර්ගයක් ඇත. බොහෝ රෝග සඳහා මේ තෙල් භාවිතා කරනු ලැබේ. තෙල් යොදා ගන්නේ බාහිර හා අභ්‍යන්තර වශයෙනි. ආයුර්වේදයේ බාහිරින් තෙල් ආලේපය ද විවිධ අයුරින් සිදු කෙරෙන විශේෂිත ක්‍රම ඇත. සිරුරට තෙල් වත් කිරීම, ගෝස් කැබැල්ලක් ගෙන එයට තෙල් පොඟවා අදාළ ස්ථානයේ තැබීම, උඳු පිටිවලින් සෑදූ පල්පයක් මඟින් තෙල් රැඳවීම වැනි ක්‍රම භාවිතයෙන් ආයුර්වේදයේ විවිධ ප්‍රතිකාර ක්‍රම යොදා ගැනේ. තෙල් භාවිතයෙන් ලැඛෙන ප්‍රයෝජන වා පිත් සෙම් යන සියලූම දෝෂ සමනය කිරීම සිදු වේ. එනම් වාතය පිත් සෙම් යන දෝෂ තුලනය කිරීමයි. තෙල් භාවිතය නිසා විවිධ ලෙස සිරුරේ පෝෂණය වැඩි කර දෙයි. එය ඖෂධීය ගුණ හා පෝෂŒය ගුණයෙන් යුක්තය. එමෙන්ම දිලීර නාශක, බැක්ටීරියා නාශක, වෛරස් නාශක සහ වේදනා නාශක ආදී ගුණයන් ද ඇත. තුවාල සුව වීමේ සීඝ්‍රතාව වැඩි කිරීමේ ගුණය ද මෙහි ඇත. තෙල්,රූපලාවන්‍ය කටයුතු සඳහා ද භාවිතා කරනු ලබයි. තෙල් ආලේපයෙන් සමේ රැලි වැටීම් අඩු කරගත හැකියි. සමේ තෙල් ගතිය රඳවා ගන්නට තෙල් ආලේප උපකාර වේ. හිසකෙස් වැඩීමට ද තෙ...
Comments
Post a Comment