විසිඑක්වැනි පොරොන්දම නොගැලපුණොත් බඳින්න එපා
කතාවක් කියාගෙන යනකොට එක හුඟක්ම සුබවාදී කියලා හරි අන්තෙටම අසුභවාදී කියලා හරි දැනුනොත් ඒක ගොතපු කතාවක් කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. සමුදිගේ කතාව කියනකොට හුඟක් දෙනෙක් හිතුවෙත් ඒ විදියට. සඳ ගැන සොඳුරු සිත් ඇති මිනිසුන් ලියු උපමා වලටත් වඩා ඇය සුන්දර වුවා පමණක් නොව සඳ එළිය සේ සුමුදු සිත් ඇත්තියක් ද වුවාය. සාමන්‍ය මධ්‍යම පාන්තික පවුලක එකම දරුවා ලෙස උපන් ඇගේ ළමා කාලය හැලහැප්පිලි වලින් තොරව නිදහසේ ගලා ගියාය. වාසනාවකට ජිවිතයේ හැම දෙයක්ම ලැඛෙන තුරු බලා නොසිට උත්සහයෙන් ජිවිතය දිනාගන්නට ඇයට තිබුණේ නොමඳ ආශාවකි. මව්පියන්ට හොඳ දරුවෙක් වගේම ගුරුවරුන්ගේ ද ආදර‚ය ශිෂ්‍යාවක් ලෙස උත්සහයෙන් ඉගෙන ගත් ඇයට දෛවය කිසිදු අසාධාරණයක් නොකර සරසවි වරම් ලබා දුන්නේය. ආදරයත් යෞවනයත් අතර ඇති වන බැඳිම ජිවි...