පවුල් දිවිය අවුල් කරන ලිංගික ගැටලු

වර්තමානයේ බොහෝ පවුල් ජීවිත දික්‌කසාදවලින් තොරව ගැටගසාගෙන යන්නේ දූ දරුවන් නිසා යෑයි බොහෝ දෙනා පවසති. විවාහ වීමට පෙර කුරුළු ජෝඩු වගේ සිටි පෙම්වතුන් විවාහ වී වසරක්‌ දෙකක්‌ යන විට දරුමල්ලන් ලැඛෙන විට එකිනෙකා දුරස්‌ව යැමට පටන් ගන්නා බව ඔවුහු පවසති.

මෙවන් පසුබිමක විවාහ වී අඹුසැමියන් ලෙස ලිංගිකව එක්‌ නොවූවන් අප සමාජයේ සිටින බව පැවසුවහොත් ඔබ පුදුම විය හැකිය. මෙය විවෘත ලෙස කතාබහට ලක්‌ නොවූවද එවැනි පවුල් ශ්‍රී ලංකාවේ සිටිති.

දරුමල්ලන් සිටින පවුල්වලද ආරවුල් පවතින විට මෙවැනි අඹුසැමියන් අතර ඇතිවිය හැකි ආරවුල් කෙතරම් විය හැකිද? ඔවුන්ගේ පවුල් ජීවිත කෙසේ විය හැකිද? එබැවින් ලිංගිකව පරිපූර්ණ නොවූ විවාහයන් ලෙස හඳුන්වන මෙම විවාහයන්ට බලපා ඇති ගැටලු පිළිබඳව අපි විමසා බලමු.

ලිංගිකව පරිපූර්ණ නොවූ විවාහයක්‌ යනු විවාහක යුවළක්‌ ලිංගික සංසර්ගයේ යෙදීමට අපොහොසත් වූ තත්ත්වයකි. එසේ වීමට බලපාන හේතු රැසක්‌ ඇත. එනම් ලිංගිකත්වය හා ලිංගික අවයව පිළිබඳව ඇති දැනුම මඳ බව, විවාහ උපදේශනය ලබා නොතිබීම, සංස්‌කෘතික හා සමාජයීය මත අනුව ලිංගිකත්වය වරදක්‌ ලෙස දැකීම, විවාහයට පෙර ලිංගිකව ක්‍රියාකාරීව නොසිට විවාහයෙන් පසු වහාම ලිංගිකව ක්‍රියාකාරීවේ යෑයි යන විශ්වාසයේ සිටීම ප්‍රධාන හේතු ලෙස දැක්‌විය හැකිය.

ඇතැම් අවස්‌ථාවලදී විවාහක යුවළගේ පවතින ලිංගික ගැටලුද මීට බලපායි. එනම් යෝනි මාර්ගයේ හෝ ශිෂ්ණයේ ඇති ගැටලුසහගත තත්ත්වයක්‌ නිසා ලිංගිකව එක්‌වීමට නොහැකි විය හැකිය.

මීට අමතරව ලිංගිකව එක්‌වීම සම්බන්ධව ඇති අනිසි බිය හා නොයෙක්‌ මතද ලිංගිකව එක්‌වීමට නොහැකි වීමට හේතු වේ. එනම් ලිංගිකව එක්‌වීම වේදනාකාරී විය හැකිය. යෝනි මාර්ගයෙන් රුධිරය වහනයක්‌ සිදු වේ. ලිංගිකව එක්‌වූ විට කාන්තාව ගැබ්ගත හැකිය, යන මත ප්‍රධාන වශයෙන් දැක්‌විය හැකිය.

මෙවැනි අවස්‌ථාවන්හිදී කාන්තාව සහ පිරිමියාගේ මනා ලිංගික ක්‍රියාකාරීත්වයට බාධා ඇතිවිය හැකිය. එහිදී පුරුෂයාගේ ලිංගික ඛෙලහීනතාවය, ක්‌ෂණික මෝචනයද කාන්තාව වැජිනිස්‌මස්‌ තත්ත්වයට පත්වීමද වැනි ලිංගික ගැටලු ඇතිවීමට පිළිවන.

මඳ සරුබවින් පෙළෙන අඹු සැමියන්ගෙන් 5% කට වැඩි පිරිසකට හේතුවද ලිංගිකව එකතුවීමට නොහැකි වීමය.

මෙලෙස ලිංගිකව එක්‌වීමට නොහැකි වන අඹුසැමියන් ඊට මුහුණදෙන ආකාරය විවිධය. එනම් ලිහිසිකාරක ද්‍රව්‍ය භාවිතා කරමින් ලිංගිකව එක්‌වීමට උත්සාහ කිරීම, විවිධ ලිංගික ඉරියව් සහ උපදේශයන් අනුගමනය කිරීම, නැවත මෙම තත්ත්වය ඇතිවීමේ බිය නිසා ලිංගික ක්‍රියාකාරකම්වලින් සම්පූර්ණයෙන්ම බැහැරවී සිටීම. ලිංගිකව එක්‌ නොවූවද ශාරීරිකව සමීපවීමට උත්සාහ කිරීම, සංසර්ගයෙන් බැහැර වූ අනෙකුත් ලිංගික ක්‍රියාකාරකම්වල යෙදීම වැනි පියවර අනුගමනය කරති.

එසේම මෙවැනි තත්ත්වයනට පත්වන අඹුසැමියන් එය දකින ආකාරය විවිධය. එබැවින් මේ සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්නට යොමුවන්නේද යම් පිරිසකි. ඇතැම්විට මෙම තත්ත්වය සඳහා ප්‍රතිකාර සඳහා යොමුවන්නේ ගැටලු සංකීර්ණ වූ විටදීය. ඇතැම් අවස්‌ථාවලදී මෙම ලිංගිකව පරිපූර්ණ නොවූ විවාහය දික්‌කසාදවලින් කෙලවරවේ. ඒ අතර තවත් පිරිසක්‌ මින් දැඩි ලෙස පීඩාවට පත්ව දරුඵල ලබාගැනීම සඳහා ශුක්‍රාණු කෘත්‍රිමව ගර්භාෂයේ තැන්පත් කිරීමට හා නළ දරු තාක්‍ෂණය වැනි විසඳුම්වලට යොමුවෙති.

නමුත් මෙම ගැටලුව විශේෂඥ වෛද්‍යවරයකුගෙන් නිසි ප්‍රතිකාර ලබාගැනීම මගින් පහසුවෙන් නිවැරැදි කර ගත හැකිය. එනිසා විවාහ දිවිය කඩා බිඳ ගැනීම හෝ කෘත්‍රිම ප්‍රජනන ක්‍රම සඳහා යොමුවීම අපරාධයකි.

ලිංගිකව පරිපූර්ණ නොවූ අඹුසැමියන් සඳහා ප්‍රතිකාර ලබාදීමේදී දෙදෙනාම කායික පරීක්‍ෂණයකට ලක්‌ කිරීම වැදගත්ය. එවිට දෙදෙනාට පවතින ගැටලු හඳුනා ගැනීමට පහසුය.

උදාහරණයක්‌ ලෙස ඇතැම් කාන්තාවන්ගේ කන්‍යාපටලයේ පවතින වෙනස්‌කම් දැක්‌විය හැකියි. එනම් කන්‍යාපටලය අධික ලෙස ඝනකමට පැවතිය හැකිය. එවැනි අවස්‌ථාවකදී ඊට අදාළ ප්‍රතිකාර සිදුකිරීමට පහසු වේ.

එසේම මානසික උපදේශනය, චර්යා චිකිත්සාව ලිංගික අවයව, ලිංගික ඉරියව්, ලිංගික උත්තේජනය පිළිබඳව නිසි දැනුවත් බව ලබාදීම තුළින් මෙවැනි අඹු සැමියන්ගේ පවතින ගැටලුවලට විසඳුම් ලබාදිය හැකිය.

විශේෂයෙන්ම වැජිනිස්‌මස්‌ තත්ත්වය සඳහා කාන්තාව තුළ ක්‍රමානුකූලව සංවේදය ඇති කිරීම ප්‍රතිකාර ක්‍රමයක්‌ ලෙස භාවිත කරනු ලැබේ.

එබැවින් ලිංගිකව පරිපූර්ණ නොවූ විවාහයන් සඳහා නිසි විශේෂඥ වෛද්‍යවරයකුගේ උපදෙස්‌ ලබාගෙන මතුව ඇති ගැටලු ඉතා පහසුවෙන් විස¹ගත හැකිය. එසේ ගැටලු විස¹ගෙන තම ලිංගික දිවිය පරිපූර්ණ තත්ත්වයට පත්කරගෙන සාර්ථක යුගදිවියක්‌ ගත කිරීමට පිළිවන.

පවතින ගැටලු කාලයක්‌ තිස්‌සේ පවතී නම් ඉන් එකිනෙකා අතර ඇති සම්බන්ධතාවලට ගැටලු මතුව තිබේ නම් ලිංගික ගැටලුවලට අමතරව දෙදෙනා අතර පවතින සම්බන්ධතාවයේ ගැටලුද නිරාකරණය කර ගැනීම සඳහා යොමුවිය යුතුය. එවිට වඩා සාර්ථක ප්‍රතිඵල ලබාගැනීමට පිළිවන.

Comments

Popular posts from this blog

ලිංගික අප්‍රාණිකත්වය සුවකරන පොල් වතුර

වැඩි බර මරණයට අත වනන හැටි මෙන්න

ලිංගික අප්‍රාණිකත්වයට හේතු මෙන්න