තෙල් වර්ගවලින් සුවකරහැකි රෝග ගැන මෙන්න ඔබට වටිනා ලිපියක්.. අනිත් අයටත් දැනගන්න ශෙයා කරන්න

තෙල් යනු ආයුර්වේදයේ බොහෝසෙයින් භාවිතා වන අත්‍යවශ්‍ය ඖෂධයකි. ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට අනුව ශාක තෙල් හා සත්ත්ව තෙල් වශයෙන් තෙල් වර්ග දෙවර්ගයක් ඇත. බොහෝ රෝග සඳහා මේ තෙල් භාවිතා කරනු ලැබේ. තෙල් යොදා ගන්නේ බාහිර හා අභ්‍යන්තර වශයෙනි. ආයුර්වේදයේ බාහිරින් තෙල් ආලේපය ද විවිධ අයුරින් සිදු කෙරෙන විශේෂිත ක්‍රම ඇත. සිරුරට තෙල් වත් කිරීම, ගෝස් කැබැල්ලක් ගෙන එයට තෙල් පොඟවා අදාළ ස්ථානයේ තැබීම, උඳු පිටිවලින් සෑදූ පල්පයක් මඟින් තෙල් රැඳවීම වැනි ක්‍රම භාවිතයෙන් ආයුර්වේදයේ විවිධ ප්‍රතිකාර ක්‍රම යොදා ගැනේ.

තෙල් භාවිතයෙන් ලැඛෙන ප්‍රයෝජන

වා පිත් සෙම් යන සියලූ‍ම දෝෂ සමනය කිරීම සිදු වේ. එනම් වාතය පිත් සෙම් යන දෝෂ තුලනය කිරීමයි. තෙල් භාවිතය නිසා විවිධ ලෙස සිරුරේ පෝෂණය වැඩි කර දෙයි. එය ඖෂධීය ගුණ හා පෝෂŒය ගුණයෙන් යුක්තය. එමෙන්ම දිලීර නාශක, බැක්ටීරියා නාශක, වෛරස් නාශක සහ වේදනා නාශක ආදී ගුණයන් ද ඇත. තුවාල සුව වීමේ සීඝ්‍රතාව වැඩි කිරීමේ ගුණය ද මෙහි ඇත. තෙල්,රූපලාවන්‍ය කටයුතු සඳහා ද භාවිතා කරනු ලබයි.

තෙල් ආලේපයෙන් සමේ රැලි වැටීම් අඩු කරගත හැකියි. සමේ තෙල් ගතිය රඳවා ගන්නට තෙල් ආලේප උපකාර වේ. හිසකෙස් වැඩීමට ද තෙල් අවශ්‍ය වේ. හිසකෙස් සුදු වීම ප්‍රමාද කරවීම හා අකලට හිසකෙස් වැටීම නවතාලන්නට ද තෙල් ආලේපය උපකාර වේ. ශරීරයේ බාහිර හා අභ්‍යන්තර වශයෙන් තෙල් භාවිතයෙන් සිරුරේ පවතින ඉන්ද්‍රියවල ප්‍රසන්තභාවය රඳවා තබා ගැනීමේ කාර්යය ද මනාව තෙල්වලින් ඉටු වේ.

සමේ ඇතිවන රෝග අවස්ථාවන් වලදී ඇතිවන කැසීම, දැවිල්ල ඇති වීම, වේදනාව, ඉදිමීම හා තුවාල සැරව ගැලීම, ආසාදන තත්ත්ව, තෙල් ආලේපයෙන් සුවකර ගත හැකියි. තුවාලයක් ඔඩුදිවීම හා පැතිරීම වැළැක්වීම සඳහා ද විශේෂිත තෙල් වර්ග භාවිතා කෙරේ. තැලීමකදී හෝ උලූ‍ක්කුවකදී (අස්ථී භග්න) තෙල් ගල්වයි. අස්ථීයක් වැටීම්, තැලීම් වලදී භාවිතා වෙයි. සිරුරේ පෝෂණයට ද තෙල් අත්‍යවශ්‍ය වේ. ආහාරපාන රසවත් කර ගැනීමට ද තෙල් උපයෝගී වේ. එයද සත්ත්වමය හා ශාකමය යන දෙආකාරයෙන්ම භාවිතයට ගනී. සාමාන්‍යයෙන් මනුෂ්‍යාගේ හිසට තෙල් ගැල්වීම චර්්‍යාවක් ලෙසද සිදු වේ.

තෙල් භාවිතා වන අවස්ථා

කණේ රෝගවලදී, මුඛ රෝගවලදී, මාංශ පේෂිවල පවතින විකෘති සංවේදන, හිරිය, ඕනෑම සන්ධි රෝගයකදී, ස්නායු රෝග අවස්ථාවලදී, හිසරුදාව, පීනස, හිස්සොරි, සමේ රෝගවලදී, අධික රුධිර පීඩනය, හෘද, සෙම් රෝග, මුත්‍රා අඩස්සි, මලබද්ධ, ඔසප් වේදනා, උදරා බාධ වැනි අවස්ථාවන්ට තෙල් භාවිතා කරයි.

මෙවැනි රෝග අවස්ථාවන්ට භාවිතා කරන තෙල් වර්ග ආයුර්වේදයේ බොහෝ නිෂ්පාදනය කර ඇත. ඉන් කිහිපයක් ගැන අපි සලකා බලමු.

 නීල්‍යාදි තෛලය

මෙම තෙල් භාවිතා කරනුයේ හිසරදය, තුවාලවලට හා සමේ රෝග දැවිල්ල වැනි අවස්ථාවලදීය.

තෙල් හිස ගැල්වීම

මුලින්ම අත්ලට තෙල් බිංදු කිහිපයක් දමා හොඳින් හිසෙහි පිරිමදින්න. එය හිස් කබලට දැනෙන ආකාරයටම ගාන්න. තවත් තෙල් බිංදු කිහිපයක් හිසේ ගා හොඳින් හිස අතින් මසාජ් කරන්න. මෙසේ හිසට තෙල් වදින තෙක් කරන්න. හිසකේ වැඩීම ද සිදුවේ.

පිණ්ඩ තෛලය

සමේ දැවිල්ල හා වේදනා සමනය කරයි. සමේ රෝග, ස්නායු රෝග, සන්ධි වේදනා සඳහා භාවිතා කරයි.

ක්ලෝලශ්ලේෂ්මා තෛලය

සමේ රෝග, සෙම් ගෙඩිවලදී යොදයි. ඇඟිලි තුඩු දෙකට තෙල් ගා උගුර දෙපැත්තේ ගල්වා ගැනීමෙන් සුවයක් ලබාගත හැකියි. මුඛය ඇතුලතින් ද එම තෙල් රඳවා තැබිය හැකියි. එය විස සහිත නොවේ. තෙල් ගිලූ‍න ද අහිතකර ප්‍රතිඵල නැත.

නාරායන තෙල්

වාත රෝග සඳහා භාවිතා වේ. අධික රුධිර පීඩනය සන්ධි රෝග සඳහා ද යොදා ගැනේ.

නිර්කුණසාසාදි තෛලය

වාත රෝග හා සමේ රෝගවලදී යොදා ගනී.

දිව්‍යංගනාදී තෛලය

නින්ද නොයෑම, හිසරදය හා මානසික රෝගවලදී භාවිතා කරයි

ත්‍රිපලා තෙල්

සමේ රෝග සහ හිසරදය, අක්ෂි රෝග සමඟ හිසකේ වැටීමට උදව් වේ.

සර්ව විෂාදි තෛලය

සමේ රෝගවලදී සර්ප සහ විෂ සහිත සතෙකුගේ දෂ්ටවලදී ද භාවිතා කෙරේ. මුඛ්‍ය තුළ හට ගන්නා තුවාලවලට යොදයි. සෙම් ගෙඩි, කනේ රෝගවලදී භාවිතා වේ. නියපොතුවල ආසාදන හා ඇඟිලි කරු ආසාදන වලදී ද යොදා ගැනේ.

තෙල් ශරීරයට අත්‍යවශ්‍යයි

තෙල් නිසා සිරුර වියළි ස්වභාවයෙන් දුරු කර තබයි. රුධිරවාහිනීවල ආතතිය පවත්වාගෙන යාමට තෙල් උදව් වෙයි. මොළයේ සහ ස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වයට කටයුතු කරයි. තෙල් ඖෂධීය ගුණය හා පෝෂŒය ගුණ යන දෙකම සිරුරට ලබා දේ.

ස්වර්ණා ආරියවංශ

Comments

Popular posts from this blog

ලිංගික අප්‍රාණිකත්වය සුවකරන පොල් වතුර

වැඩි බර මරණයට අත වනන හැටි මෙන්න

ලිංගික අප්‍රාණිකත්වයට හේතු මෙන්න