සාර්ථක අරමුණක් ඇතිකර ගැනීමට රහස් 10ක්.
සාර්ථක ව්‍යාපාරයකට හොඳ අරමුණක් අවශ්‍ය වනවා. නමුත් අරමුණක් තිබූ පම‚න් කිසිම ව්‍යාපාරයක් සාර්ථක වන්නේ නැහැ. එහෙනම් කළ යුත්තේ කුමක්ද? මෙන්න තියෙනවා කරුණු දහයක්. 1. ඔබේම අරමුණක් සකසා ගන්න ඔබේම ඉටුකරගත හැකි අරමුණක් සාදා ගන්න. නිතර දෙවේලේ එය මුදුන්පත් කර ගැනීමේ අභිලාෂයෙන් කටයුතු කරන්න. 2. අරමුණ පසුපස යන්න නිතර අරමුණ හඹා යන්න. ඒ අරමුණ සාර්ථක කර ගැනීමට අවශ්‍ය සම්පත්, උපාය, උපක්‍රම අධ්‍යයනය කරන්න. 3. අරමුණට අදාළව සැලැසුම් සකසන්න. පියවරෙන් පියවර අලූත්ම සැකැසුම් සකස් කරන්න. ඒ සඳහා අවශ්‍ය විශේෂ ක්‍රමවේද සලකා බලන්න. 4. දිනපතා ලැයිස්තු සකසන්න දිනෙන් දින අරමණු ඉටුකර ගත හැකි අරමුණු සංවිධාන කරන්න. සිතට නැඟෙන සාර්ථක අදහස් ලැයිස්තුගත කරන්න. 5. ඔබේ අභිවෘද්ධිය ඇගැයීමට ලක් කරගන්න නිරන්තරයෙන් ඔබේ අරමුණු අගයන්න. අන් අය සමඟ නොව තමා සමඟ පමණක් ඇගැයීම සිදු කරන්න. 6. ජාලයක් සකස් කරගන්න සියල්ල ජාල ගත කර ගත් විට ඔබේ අරමු‚න් වැඩි කොටසක් ජයග්‍රහණය කළ හැකියි. ව්‍යාපාරයකදී නම් හොඳ පාරිභෝගිකයන්, සේවකයන් ඔබට අරමුණ ජය ග්‍රහණයට උපකාරී වෙනවා. 7. සහතික වශයෙන් චිත්තරූප දකින්න ඔබ අත්දකින්න උත්සාහ දරන සිහ...