ස්වයං වින්දනයේ යෙදෙන්නේ බලාගෙනයි
බොහෝවිට කෙට්ටු අය තමයි එහෙම කියන්නෙ. මහත අය එහෙම කියනව අඩුයි. ඒ මොකද කියනව නම් ස්වයං වින්දනයේ යෙදෙන මහත අය දන්නව ඒ අය ස්වයං වින්දනයේ යෙදුනට කෙට්ටු වෙන්නෙ නෑ කියල. නමුත් ඒ අතරින් සමහරු හිතනව තමන් අනිසි ලෙස මහත් වීමට ස්වයං වින්දනය හේතුවක් විය හැකියි කියල. ස්වයං වින්දනයේ යෙදුන කියල කෙට්ටුවත් මහත්වත් වෙන්නෙ නෑ. එය හුදෙක් තම භෞතික ස්වරූපයට මානසික හේතූන් ආදේශ කර ගැනීමක් පමණයි. එහෙම නැත්නම් ඉතින් මිනිස්සුන්ට ව්‍යායාම මධ්‍යස්ථාන වලට යන්න දෙයක් නෑනෙ. වැරදී හෝ එහෙම දෙයක් සිදුවන්නේ නම් මෙය වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමයක් ලෙසක් හඳුන්වා දිය හැකි වේවි. වරෙක වෛද්‍ය පීඨයේ එක් කතිකාචාර්යවරයෙක් මානව ලිංගිකත්වය ගැන දේශනයකදි අවසානයේ ප්‍රශ්න ඇසීමේ වාරය එලැඹුනා. ළමයෙක් කොල කෑල්ලක මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහල එවල තිබුනලූ. ‘‘දිනපතා ස්වයං වින්දනයෙ යෙදුනම ඇඟ කෙට්ටු වෙනවද?“ කතිකාචාර්යවරයා සභාව ඉදිරියේ ප්‍රශ්නය හඩ නගල කියෙව්වලූ. ඊට පස්සෙ දිගු හුස්මක් ඇරල හෙමින් සිනාසෙන ගමන් තමන්ගෙම ඇඟ දිහා ටිකක් වෙලා බලන් හිටියලූ තත්පර කීපයක් නිසොල්මනේ. ඊට පස්සෙ මෙන්න මෙහෙම කිව්වලූ. ‘‘මේ බලන්න. මේ මම හොඳට ඉන්නෙ. මම කෙට්...