Posts

Showing posts with the label Life Style

ඔබ තවමත් තනිකඩ ද? – පිරිමින්ට විශේෂයි

Image
ආදරේ කියන්නේ සුන්දර දෙයක්. අපි කවුරුත් කැමතියි ආදරේ ගැන කතා කරන්න. සැබෑ ආදරේට වයස, ජාතිය, කුලය බලපානේ නැත. නමුත් කොතරම් ආදරේ සුන්දර වුනත් සැබෑ ආදරේ හැමෝටම ලැබෙන්නේ නෑ. ආදරේ ගැන කතා කරද්දී විවිධාකාර ආදරයන් තිබෙනවා. අම්මා තාත්තා, සහෝදර සහෝදරියන්, යහළු යෙහෙලියන් අතර පවතින ආදරයන් එකිනෙකට වෙනස්. ඒ කොහොම වුනත් තරුණ කාලේ නම් පෙම්වතියකගේ, පෙම්වතෙක්ගේ ආදරේ නැතුවම බෑ. කොතරම් තරුණ අවධියේ ගත කලත් හැමෝටම පෙම්වතෙක් වෙන්න බෑ. ඒ නිසාම පෙම්වතෙක් වෙන්න සිහින මවන අපේ තරුණ කොල්ලන්ට පෙම්වතෙක් වෙන්නේ කොහොමද කියලා කියන්නයි සුදානම. සරලවම කියනවනම් කෙල්ලෙක් set  කර ගන්නේ කොහොමද කියලයි කියන්න හදන්නේ. ඔබ අදින ඇදුම් ඔබ දෙස බැලු සැනින් ඔබේ බාලකම හෝ උසස්කම කීමට තරුණියකට පුළුවනි. පිරිමින්ට වඩා නිරීක්ෂණ ශක්තියක් කාන්තාවන්ට උපතින්ම ලැබී ඇති බව මනෝවිද්‍යාඥයින් සොයා ගෙන තිබෙනවා. මෙහි දී තරුණියකගේ නැත්නම් පොදුවේ කාන්තාවකගේ සැලකිල්ල ඔබ වෙත යොමු කරවා ගැනීම සදහා ඔබේ ඇදුම ප්‍රධාන තැනක් ගන්න බව මතක තබා ගන්න. කලිසමට ගැලපෙන වර්ණයන්ගෙන් සුදුසු කමිසයක් අදින්න. ඇදුම් වල වර්ණ සංයෝජනය පිලිබදව ස්ත්‍රී පුරුෂ කවුරුත් දැන සිටීම ...

වැඩි බර මරණයට අත වනන හැටි මෙන්න

Image
ශරීරයේ බර නියමිත ප්‍රමාණයට වඩා වැඩි ස්ථූලභාවය අඩු වයස් මරණයකට හේතුවන බව විද්‍යාත්මක පරීක්ෂණයක් මගින් අනාවරණ වී තිබෙනවා. ඒ අනුව, ස්ථූලභාවය සහිත පිරිමින් එවැනි කාන්තාවන්ට වඩා තුන් ගුණයකින් අවදානමකට ලක්වන  බවයි පැවසෙන්නේ. මහද්වීප 4 කට අයත්  මිලියන 4 කට වැඩි ජනතාවක් පරීක්ෂණයකට ලක් කිරීමෙන් අනතුරුව ලබා ගත් දත්තවලට අනුවයි එම තොරතුරු හෙළි වී ඇත්තේ. අසාමාන්‍ය ලෙස ස්ථූල ශරීරයක් ඇතිනම් ආයුකාලය වසර 10 ක් දක්වා කෙටි වීමේ අවදානමක් ඇති බවයි අදාළ පරීක්ෂණය සිදුකළ විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ. කෙසේ වෙතත්, මීට පෙර කරන ලද සමීක්ෂණයකින් හෙළි වුණේ ස්ථූලභාවය තිබුණ ද වැඩි කාලයක් ජීවත් වීමේ හැකියාව පවතින බවයි. මේ අතර, ඇමරිකාවේ සිදුවන අඩු වයස් මරණ 5 කින් එකක් සහ යුරෝපයේ සිදුවන එවැනි මරණ 7 කින් එකක් ශරීරයේ බර අධික වීම නිසා සිදුවන බවයි වාර්තා වන්නේ.

සමලිංගිකයින්ට සමාන්‍ය විවාහ ගැළපෙනවාද?

Image
සමලිංගික සේවනයේ යෙදෙන්නන් විවාහකර දෙන්න එපා. නිවැරැදි උපදේශනයෙන් සමලිංගික සේවනයේ යෙදෙන අය එයින් මුදාගත හැකියි. විවාහය යනු ජීවිතයේ තීරණාත්මක කඩ ඉමකි. තම ජීවිත කාලයටම ජීවිකාව ගෙනයාම සඳහා සුදුසු සහකරුවා හෝ සහකාරිය තෝරා ගැනීමේ දී බුද්ධිමත් මෙන්ම ඉවසිලිවන්තවද කටයුතු කළ යුතුයි. සමහර පවුල් දෙස බැලීමේදී විවාහයෙන් පසු ඇතිවන තත්ත්ව එතරම් සොඳුරු නොවේ. විවාහයෙන් පසු එක් වහළක් යට දරුවන් ලැබ සතුටින් ජීවත් වන්නට පෙරුම් පිරූ ජීවිතවල සියලු බලාපොරොත්තු සුන්කරනුයේ කිසිවෙක් බලාපොරොත්තු නොවූ අයුරිනි. විවාහයේදී ලිංගික සබඳතා ඉතාම වැදගත් තැනක් ගන්නවා. නවයොවුන් වියේදී විවාහදිවියට ඇතුළත් වන අයගේ ජීවිතයේ ප්‍රධාන තැනක් ලිංගික ජීවිතයට වෙන් කෙරෙනවා. නමුත් මේ ලිංගික දිවිය අමිහිරි කරන සිදුවීම්ද අපට අසන්නට ලැඛෙනවා. බොහෝ විට සහකරුවාගේ හෝ සහකාරියගේ දුර්වලතා නිසාත් මේ තත්ත්වය දැකිය හැකියි. විවිධ රෝගී තත්ත්ව නිසා විවාහ ජීවිතය අවුල් කෙරන අවස්ථා අපි දැක ඇත්තෙමු. කොසේ වුවත් රෝගී තත්ත්වයක් නොවන සමාජ ගැටලුවක්ව පවතින සමලිංගික සේවනය ද බොහෝ විවාහ ජීවිත අවුල්කරන තත්ත්වයට මේ වන විට පත්ව ඇත.  විවාහ දිවියට සමලිංගික සේ...

පෙම්වතියගේ සිනහාවේ සැඟවුණු රහස් මෙන්න

Image
සිනාවෙන් නම් කෙනෙකුව මනින්නට බැරි යැයි අදහසක් තිබුණත්, සිනාවෙන් ඇත්තටම කෙනෙකුගේ සෞඛ්‍යය වගේම තවත් බොහෝ දේ කිව හැකියි. මෙන්න ඒ සොයා ගැනීමලොකු හිනාවක සැඟවී තිඛෙන අපූරු කාරණා දෙකක් මෑතකදී සිදු කෙරුණු කැලිෆෝනියා විශ්ව විද්‍යාලියීය අධ්‍යයනයකින් හෙළි වුණේ තරු‚යන්ගේ යොවුන්වියේ සිනාවේ ප්‍රමාණයෙන් ඔවුන්ගේ අනාගත දිවිය ගැන අනාවැකි පළ කරන්නට සමීක්ෂකයින් පිරිසක් සමත් වී ඇති බවයි ඡායාරූපවල දැක්වුණු යෞවනියන් කණ්ඩායමකගේ සිනාවන් ප්‍රමාණාත්මකව මැනීමෙන් ඔවුන්ගේ අනාගත දිවියේ සෞඛ්‍ය සම්පන්න බව වගේම විවාහ දිවියේ සාර්ථකත්වයද ඔවුන් මේ මඟින් මැන බලා තිඛෙනවා. මේ අතරින් පුළුල් ලෙස සිනාසී සිටි තරු‚යන් නිරන්තරයෙන් මේ සමීක්ෂණයෙන් ඉහළින්ම සිටි බව තහවුරු වී තිබුණා. ඔවුන් යහපත් සෞඛ්‍යයකින් වගේම යුග දිවියේ සතුටද ඉහළින්ම ලබනු ඇති බව සමීක්ෂකයින් මේ සිනාවේ අධ්‍යයනයකින් මඟින් අනාවැකි පළකොට තිඛෙනවා. සිනාවේ අසීමිත ප්‍රතිලාභ මෙන්න ප්‍රීතිමත් හා හොඳ සිනාවක් මඟින් හැමවිටම පෙනහලු‍වලට හිතකර ප්‍රතිඵල උදාකරන අතර ප්‍රතිශක්තිය නංවන බවද හඳුනාගෙන තිඛෙනවා සිනාසීමෙන් වැඩිපුර කැලරි දහනය කරගත හැකි බවද පිළිගත් කරුණක්. තවත් අධ්...

ඔබගේ කෙල්ලත් මේවගේ නම් කසාද බදින්න එපා

Image
කසාද බදිනවා කියන්නේ සෙල්ලමක් නෙවෙයි. වැරදි කෙල්ල බැද ගත්තොත් ජිවිත කාලෙම ඉතින් රණ්ඩු අල්ල අල්ල තමයි ඉන්න වෙන්නේ. අද අපි බලමු ඔබ කවදාවත් බදින්න හිතන්නවත් හොඳ නැති කෙල්ලෝ වර්ග 5 ගැන බොහොම සරලව. අධික ලෙස නඩත්තු කල යුතු කෙල්ලෝ මේ වගේ කෙල්ලොන්ට පොඩි කාලේ තාත්තා කියලා තියෙන්නේ කුමාරි කියලා. තාත්තාට සල්ලි නැති උනත් තිබුනත් කෙල්ලට අවශ්‍ය හැමදේම අතට පයට දීල තමයි හදලා තියෙන්නේ. එකත් හොදම තැන් වලින්. ගෙදර මිනිස්සු සල්ලි හොයන්නේ කොහොමද කියලාවත් මේ වගේ කෙල්ලොන්ට වැඩි දැනුමක් නෑ. ඉතින් මේ වගේ කෙල්ලෝ ලොකු උනාම යාලූ වෙන කොල්ලොන්ට ිදරරහ ම තමයි. නිතර නිතර ඉතාම වටිනා තෑගි වලින් සංග්‍රහ කරන්න පුළුවන් නම්, නගරයේ තියෙන පොෂ්ම තැන් වලට එක්කන් ගිහින් කන්න බොන්න දෙන්න පුළුවන්  නම් මේ වගේ කෙල්ලෙක් එක්ක යාලූ උනාට කමක් නෑ. එත් හොදින් මතක තියා ගන්න. මේ වගේ කෙල්ලෝ හිතන පතන විදිය කවදාවත් වෙනස් කරන්න බෑ. ඒ නිසා ඔයාට මුළු ජිවත කාලෙම මේ වගේ සලකන්න පුලූවන් නම් විතරක් මේ වගේ කෙල්ලේක් කාසද බැන්දට කමක් නෑ. ඔයා කරන හැමදේකම වැරද්දක් දකින කෙල්ලෝ ඔයා මොනවා කරත් මේ ජාතියේ කෙල්ලොන්ට එකේ පොඩි හරි වැරද්දක් තියෙනවා. කි...

කැපකිරීම් කරන්න බැරිනම් විවාහවන්න එපා

Image
විවාහය කියන්නෙම එක්තරා ආකාරයක කැපවීමක්. නමුත් විවාහයත් සමග කලින් තිබුණ ජීවන රටාව වෙනස් වෙනවා. සමහර කැපකිරීම් කරන්නම වෙනවා. මොකද එහෙම නොවුනොත් කිසිම විදියකට විවාහ ජිවිතය කියන දෙය සාර්ථක වන්නේ නැහැ. කාලය විවාහය කියන්නේ තමන්ගේ ගමනට තවත් සහකරුවෙක්/කාරියෙක් එකතුකරගැනීම. ඔහු හෝ ඇය පමණක් නෙවෙයි තව ඥාති පරම්පරාවක් ඔබ සමග එකතුවෙනවා. මේ හැමෝම වෙනුවෙන් විටින් විට ඔබට කාලය කැපකරන්න සිදුවෙනවා. විශේෂයෙන්ම තමන්ගේ සහකරුවා/සහකාරිය සම්බන්ධයෙන් කාලය වෙන් කරන්න ලෝභ වෙන්න එපා. ඒකක කාලය අපතේ යැවීමක් කියලා හිතලා පසුතැවෙන්නත් එපා. මුදල් විවාහ ජීවිතයක සතුට තියෙන්නේ මුදල කියන සාධකය උඩ නෙවෙයි. ඒත් මුදල් නැතිව කිසිම දෙයක් කරන්න බැහැ. බිරියට දරුවන්ට නෑයන්ට යුතුකම් ඉටු කරන්න සල්ලි අවශ්‍යම වෙනවා. පමණට වඩා ලෝබ හිතුනොත් ඒක පවුල් ජීවිතයේ සාර්ථකත්වයට ගැටළුවක්. සකසුරුවමින් මුදල් හදල පරිහරණය කිරීම වගේම අවශ්‍ය දේට ප්‍රමාණවත් පරිදි මුදල් වියදම් කිරීමටද ඔබට සිදු වන බව මතක තබා ගත යුතුයි. ආශාවන් සාමාන්‍යයෙන් විවාහ වෙනවා කියන්නේ අදහස් සියයට සියයක්ම ගැලපෙනවා කියන එක නෙමෙයි. අදහස් බොහෝ සෙයින් ගැලපෙනවා කියලා හිතන කෙනාව ...

කොල්ලන්ගේ ලිංගික හැඟීමක් අවුස්සන කෙල්ලන්ගේ ඉරියව්

Image
ගොඩක් කෙල්ලෝ කැමතිනේ තමන් වෙත කොල්ලන්ව ආකර්ශණය කරගන්න. මේ තමයි ලේසියෙන්ම කොල්ලෙක්ව ආකර්ශණය කරගන්න පුළුවන් ක්‍රම 07 ක් 1. කණ්නාඩි යුවලක් පැළඳ සිටීම ගොඩක් අය හිතන්නේ කණ්නාඩි දාන එකට පිරිමි කැමති නෑ කියලා. ඒ සමහරවිට ඔයා එළියෙදි කණ්නාඩි දාන එකට වෙන්න පුළුවන්. ගොඩක් පිරිමි කණ්නාඩි දාන කාන්තාවන් සරාගී ලෙස දකිනවා. 2. සැහැල්ලූ‍ ඇඳුමකින් සිටීම හිරට අඳින්නම අවශ්‍ය නෑ. තමන්ව සරාගී ලෙස පේන්න සැහැල්ලූ‍ පිජාමා එකකින් ඊටත් වඩා සරාගී පෙනුමක් ඔබට අරගන්න පුළුවන්. එයින් ඔවුන් ඔබවෙත ආකර්ෂණය වෙනවා. 3. තොප්පියක් දාන්න කැප් එකක් දැන්මම ගොඩක් කාන්තාවන් හුරතල් සහ සරාගී ලෙස පේනවා. තමන්ට ගැලපෙන කැප් එකක් භාවිතයෙන් ඔහුගේ අවධානය ඔබ වෙතට අරගන්න පුළුවන්. 4 කාර්යයාල ඇඳුමෙන් සිටීම ඔබ කාර්යයාල ඇඳුමට ගොඩක් අකමැති වෙන්න පුළුවන්. ඒත් ගොඩක් කොල්ලෝ ඒකට ආසයි. එහි තිඛෙන පිළිවෙල ගතිය ඔවුන්ව ආකර්ෂණය කරගන්නවා නිසැකයි. මතක තබාගන්න ඔබට පිරිමියෙක්ව අකර්ෂණය කරගන්න නිතරම ඇඟ පෙන්වන්න අවශ්‍ය වෙන්නේ නැති බව. 5. කලිසමක් සහ සුදු ටී ෂර්ට් එකක් එම ඇඳුමෙන් සැරසී සිටින විට අමුතුම සරාගී බවක් හැංඟිලා තියනවා, එයට පිරිමින් ගේ ඇස...

බදින්න කලින් මේ ගැන මොහෙතක් සිතන්න

Image
අප අතරම වෙසෙන සමහර මිනිසුන් සොබාදමට විරුද්ධව වැඩ කිරීම නිසා මිනිස් සමාජය ද විනාශය කරා ගමන් කරයි. ගැහැනිය හා මිනිසා නිර්මාණය වී ඇත්තේ එකිනෙකාට ගැළපෙන ලෙසිනි. ඔවුන් අතර ලිංගික සබඳතා ඇති වන්නේ මානව පැවැත්ම උදෙසාය. එහෙත් දැන් මානව පැවැත්මටත් සොබා දහමටත් විරුද්ධව යන සමලිංගික සබඳතා නිසා සමාජමය ගැටලු පැන නැගී ඇත. වෛද්‍ය සිසිර ලියනගේ හමුවූයේ මේ සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීමේ අටියෙනි. සමලිංගික සබඳතා පවත්වන්නවුන් අතර වැඩි ප්‍රමාණයක් සිටින්නේ ගැහැනු ද පිරිමිද? පිරිමි හා ගැහැනු යන දෙකොටසේ ම සමලිංගික සබඳතා පවත්වන්නන් සිටිනවා. මේ අතරින් අපට වාර්තා වන විදියට නම් අපේ සමාජයේ පිරිමි සමලිංගිකයන් සංඛ්‍යාව වැඩියි. ගැහැනු සමලිංගිකයන් සංඛ්‍යාවෙන් අඩුයි. පිරිමි සමලිංගිකයන් සඳහා වෙනම ම සංගම්, සංවිධාන පවා පවත්වාගෙන යනවා. ඇතැම් රාජ්‍ය නොවන සංවිධානවලින් පවා ඔවුන්ට ආධාර කරනවාලු. මෙම සංගම් විසින් ඔවුන්ගේ ක්‍රියාකාරකම් ප්‍රසිද්ධියට පත් කරනවා. අප සිදු කළ සමීක්ෂණ වාර්තාවකට අනුව නම් 10,000ක් වගේ ප්‍රමාණයක පිරිමි සමලිංගිකයන් ප්‍රමාණයක් අපේ රටේ සිටිනවා. මේ සංඛ්‍යාව තව දුරටත් වර්ධනය වෙමින් පවතිනවා. තරුණියකට සමලිංග...

කසාද බැදලා අලුත මෙහෙම වුනොත් බිරිද අනියම් පහස සොයාවි

Image
ලිංගික අප්‍රාණිකත්වය යනු ලිංගික කාර්යයන් සදහා ලිංගික අවයවය ප්‍රමාණවත් ලෙස ප්‍රාණවත් කරගැනීමට ඇති නොහැකියාවයි. වයසක පුද්ගලයින් අතර මෙම තත්වය පොදුවේ දැකගන්නට පුළුවන් නමුත් තරුණ අවධියේ මෙවැනි තත්වයක් පැවතීම  නම් අසාමාන්‍ය තත්වයක් බව හොදින් මතක තබා ගන්න. වාසනාවකට මෙම තත්වය සදහා සාර්ථකවූ ප්‍රතිකාරයන් ලබාගන්නට හැකියාව තිඛෙනවා. නමුත් එම තත්වය ඇතිවීම සදහා හේතුවී තිඛෙන සාධකයන් හොයාගැනීටනම්  වැඩි කාලයක් ගත වෙනවා .  පහතින් ඔබට දැනගන්නට  පුළුවන් ඒ සදහා හේතුවෙන එහෙත් වැඩි දෙනෙක් නොදැන සිටින හේතුන් කිහිපයක් පිලිබදව. දියවැඩියාව දියවැඩියාව නොමැති පිරිමින් හා සසදා බලනවිට දියවැඩියා රෝගීතත්වය පවතින පිරිමින්ට ලිංගික අප්‍රාණිකත්වය ඇතිවීමේ අවධානම දෙගුණයකින් හා තුන්ගුනයකින්ම වැඩි බව සොයාගෙන තිඛෙනවා. රුධිරයේවූ සීනි මට්ටම ඉහල අගයක පැවතීම හේතුවෙන් ශාරීරික  පෝෂකපදාර්ථයන්, ඔක්සිජන්, කාබන්ඩයොක්සයිඩ් , රුධිර ෙසෙල සහ හෝමෝන සංසරණයේ දෝෂයන් ඇතිවෙන අතර ඒ හේතුවෙන් ශරීරයේ ඕනෑම ස්ථානයක ඇති රුධිර වාහිනී වලට සහ ස්නායු වලට බලපෑමක් ඇතිවෙන්නට පුළුවන්. හිසකෙස් වැටීම සදහා වගේම  පුරස්ථ ග්‍රන...

ලිංගික ශක්තිය අඩු පිරිමින් හදුනගන්නේ මෙහෙමයි

Image
පිරිමියකුගේ පෞරුෂයට වඩාත් වැදගත් සාධකයක්‌ වනුයේ ඔහුගේ ලිංගික සක්‍රීයතාවයයි. එය දුර්වල නම් ඔහුගේ පෞරුෂයට යම් බලපෑමක්‌ ඇතිවේ. බොහෝ පිරිමින් මානසික පීඩාවට පත් වන්නේ ද ඇතැම්විට පවුල් ජීවිත තුළ අර්බුද හට ගන්නේද මෙම ලිංගික සක්‍රීයතාව පිළිබඳ ගැටලු මතුවූ විටදීය. පුරුෂ ශක්‌තිය සහිත පිරිමියා ආයුර්වේදයේ ශුක්‍රාණු හඳුන්වනු ලබන්නේ පිරිමියකුගේ පෞරුෂය විදහා දක්‌වන එක්‌ ලක්‍ෂණයක්‌ ලෙසය. සක්‍රීය ශුක්‍රාණු සහිත පිරිමියකු තුළ ආකර්ෂණීය පෙනුමක්‌ ඇත. නිල්වන් දීප්තිමත් ඇස්‌වලින් යුක්‌තය. සම දීප්තිමත්ය. ශරීරයේ රෝම කූප බහුලය. කාන්තාවන් ආකර්ෂණය කරගත හැකි පෙනුමකින් යුක්‌තය. පුරුෂ ශක්‌තිය දුර්වල පිරිමියා සාරවත් ශුක්‍රාණු නිපදවීමේ හැකියාව නොමැති පිරිමින් නිතරම මලානික බවින් යුක්‌තය. ඔවුන්ගේ ඇස්‌ දුර්වර්ණයල අලසයල විවිධ රෝගාබාධවලින් පීඩාවිඳී. පුරුෂ ශක්‌තිය දුර්වල වීමට බලපාන සාධක වර්තමානයේ බොහෝ පිරිමින් අධික කාර්යබහුල ජීවිතයක්‌ ගත කරති. එනිසා ඔවුන්ගේ චර්යා රටාවේ මතුවන වෙනස්‌කම්, ආහාරපාන ගනු ලබන ආකාරය, රැකියාවේ ස්‌වභාවය අනුව පුරුෂ ශක්‌තිය දුර්වලවීමට අදාළ හේතු සාධක නිර්මාණය වේ. ඒ අනුව පිරිමි පුද්ගලයකුගේ පුරුෂ ශක්‌තිය ...

මංගල රාත්‍රිය පිලිබඳ චකිතයෙන් පසුවන සෑම යුවතියකටම වැදගත්

Image
අනාගතය පිලිබඳ නැවුම් පැතුම් රාශියක් සිතේ පුරවාගනිමින් සිදු වන විවාහයට පසු දෙදෙනෙකු සැමියා සහ බිරිඳ වශයෙන් ගෙවන ප්‍රථම රාත්‍රිය පිලිබඳ බොහෝ දෙනා තුල යම් තරමක චකිතයක් ඇති වීම ස්වාභාවිකයි. මංගල රාත්‍රිය යනු ගැහැණු පිරිමි භේදයකින් තොරව ඕනෑම කෙනෙකුගේ ජීවිතයේ ඇති අමරණීය මොහොතක්. එම මොහොත සුන්දර එකක් බවට පත්කරගැනීමට නම් ඔබ ඒ පිළිබඳව යම් දැනුමක් ලබා තිබීම අනිවාර්යයයි. මේ මංගල රාත්‍රිය ගත කිරීමට යාමට පෙර මනාලියක විසින් දැනගත යුතු කරුණු 10ක්. ප්‍රථමයෙන්ම මදක් විවේක ගන්න  ඔබ දෙදෙනා මංගල කුටියට පැමිණෙන්නේ දිගු විඩාබර දිනයකට පසුවයි. එපමණක් නොවෙයි මංගල දිනයේ කටයුතු සැලසුම් කිරීම සඳහා මාස කිහිපයක් කායික හා මානසික මේ දෙයාකාරයෙන්ම ඔබ දෙදෙනා වෙහෙස වී තිබෙනවා. ඉතින් ඒ නිසා කුටියට පැමිණි පසු ප්‍රථමයෙන්ම මදක් විවේක ගන්න. ස්නානය කර දෙදෙනාම කෙටි නින්දක් ලබන්න. පිළිසඳරේ යෙදෙන්න. මධුසමය පිලිබඳ ඔබ තුල ඇති සැලසුම් පිලිබඳ කතා බහ කරන්න. ලිංගික කටයුතු පිලිබඳ ඔබ තුල ඇති දැනුම ඉතාම අල්ප විය හැකියි. සමහර විට ඔබට විවාහයට පෙර යම් යම් ලිංගික අත්දැකීම් ඇති. නමුත් විවාහයක් තුල ඇති ලිංගිකත්වය විවාහයෙන් පරිබාහිරව...

තමන්ට ගැලපෙන සුන්දර පෙම්වතියක් ලබාගන්නේ මෙහෙමයි

Image
අපේ සතුටේදී අප ලඟින් හිඳ සිනහ වන්නට, දුකේදී ඒ සියලූ දේ බෙදා හදාගන්නට, ජීවිතයේ අසීරු සමයන්හිදී සිතට සවියක් වන්නට හැකි ආදරණීය පෙම්වතියක් යනු ඕනෑම තරුණයෙකුගේ සිහිනයක්. නමුත් එවන් තැනැත්තියක් හඳුනාගන්නේ කෙසේද යන්න ඔබට තවම ගැටළුවක්ද? එසේනම් මේ ලිපිය ඔබ සඳහාමයි. ඔබට ගැලපෙන යුවතියක්, සොඳුරු පෙම්වතියක් සොයා ගැනීමට පහත කරුණු 10 ඔබට උපකාරී වේවි. 01 තනිව සිටිනා කාලය විනෝදයෙන් ගත කරන්න  තනිකඩව සිටින කාලය විනොදය්න් ගත කරන්න. මිතුරු මිතුරියන් ඇසුරු කරන්න. තමන්ට පෙම්වතියක් නැති බව පවසමින් ‘නාහෙන් අඬන්නට’ යන්නට එපා. තරුණයෙකුට පෞර්ෂයක් සහ ආත්මාභිමානයක් තිබිය යුතුයි. එසේ නොමැතිව දකින දකින තරුණියන් ‘පස්සේ යාමෙන්’ ඔබේ ප්‍රතිරූපයට වන්නේ කැළලක්. එයින් අනෙක් ඇයට ඔබව ‘විහිළුවක්’ සේ පෙනෙනවා විනා ඇතිවන යහපතක් නැහැ. එම නිසා ආදරය ඉල්ලා පස්සෙන් යනවාට වඩා ගැහැණු ළමුන් අතරින් හොඳ යෙහෙලියන් දැන හැඳින ගැනීමට උත්සාහ කරන්න. 02අනෙක් අයට උදව් කරන්න. අනෙක් අයට කරුණාවන්ත වන්න. ඔබට හැකි අයුරින් උදව් කරන්න. නමුත් ගැහැණු ළමයෙක් සමඟ කල් ගෙවන විට ඇයට පෙනෙන්නට එවැනි දේවල් කරන්නට යන්න එපා. ගැහැණු ළමයින් එවන් දෑ ඉවෙන්...

ඔහු ඔබට ඇත්තටම ආදරය කරනවාද?

Image
ඔබ යම් කෙනෙකු හා ආදරයෙන් බැඳී ඇත්නම් එය ඔහුගෙන් සැඟවාගෙන සිටීම ඉතාම අපහසු කටයුත්තක්. ‘ආදරයයි කැස්සයි හංගන්න බැහැ’ කියල කියමනක් තියෙන්නේ නිකමට නෙවෙයි. යුවතියක් වන ඔබට පමණක් නොවෙයි තරුණයෙක් වුණ ඔහුටත් එම කියමන එකසේම අදාලයි. බලන්න ඔබේ සිතේ ඉන්නා ඔහු තුළ පහත ලක්ෂණයන් තිබෙනවාද කියා, ඔහු සෑමවිටම ඔබව සොයනවා. මහා සෙනඟක් අතර හෝ ඔහුගේ පසෙකින් ඔබ සිටින විට හෝ, මේ සෑම අවස්ථාවකදීම ඔබ ඔහු අසලින් සිටිනවාදැයි තහවුරු කර ගැනීමට ඔහු කටයුතු කරනවා. ඔබ සමඟ කාලය ගත කරන සෑම විටම ඔහු සිටින්නේ සතුටින්. ඇතැම්විට ඔහු ගෙවන්නේ ජීවිතයේ අසීරු කාලයක් විය හැකියි. එසේ නැත්නම් යම් දෙයක් පිලිබඳ ඔහු අසතුටෙන් සිටිනවා විය හැකියි. ඒ තත්වයන් කෙසේ වුවත් ඔබ හා ගත කරන කාලය තුල ඔහු ඒ සියල්ල මදකට අමතක කර ඉතා සතුටින් ඉන්නවා නම් නිසැකවම ඔහු ඔබට ඉතාම ප්‍රිය කරන බව පැවසිය යුතුයි. ඔබ උනන්දුවක් දක්වන දෑ පිලිබඳ දැනගැනීමට ඔහු උනන්දුවනවා. ඔහුගේ හා ඔබගේ විනෝදාංශ වෙනස්, එසේත් නැත්නම් කිසිසේත්ම නොගැලපෙන ඒවා විය හැකියි. එසේ වුවත් ඔබ ප්‍රියකරන දෑ මොනවාදැයි දැනගැනීමට ඔහු උනන්දු වනවානම්, ඔබ ඒවා පිලිබඳ පවසන දෑ අසා සිටීමට ඔහු පැකිළෙන්නේ...

පෙම්වතා සමඟ රණ්ඩු වෙන්න කලින් මේවා ගැනත් සිතන්න

Image
පෙම්වතා හා පෙම්වතිය ලෙස ඔබ දෙදෙනා පෙමින් වෙළී සිටින කාලය ඉතා සුන්දරයි. මේ ප්‍රේමාන්විත කාලයේ පෙම්වතිය ලෙස ඔබ ඔහුගේ ආදරය දිනාගන්නට සමත් වී තිබෙනවාද? පෙම්වතිය ලෙස ඔබට ඔහුගේ ආදරය හඳුනාගන්නටත්, ඔහුගේ ආදරය තමා සතුකර ගැනීමටත් හැකි වී තිබෙනවාද? ආදරය එකිනෙකාට දැනෙන විදිය වෙනස්‌ . බොහොමයක්‌ ගැහැණු ළමයින්ට ආදරය කරන කාලයේ ඇතිවන ලොකුම ප්‍රශ්නය ‘මුලදී වගේ නෙමෙයි දැන් එයා ගොඩක්‌ වෙනස්‌’ කියන එක නේද? පෙම්වතිය ලෙස ඔබ පෙම්වතාට ආදරය කරන විට තේරුම් ගත යුතු ප්‍රධානම කාරණය පිරිමි පාර්ශ්වය ගැහැණුන්ට වඩා වෙනස්‌ බවයි. ආදරයේදී ඒ වෙනස්‌කම් ගැහැණු ළමයින් අවබෝධ කරගත යුතුයි. පහත දැක්වෙන්නේ එවන් වෙනස්කම් කිහිපයක්. පෙම්වතා හිත් කියවන්නෙක්‌ නෙවෙයි පෙම්වතිය ලෙස ඔබ සැම විටම ඔබේ පෙම්වතාගේ හැසිරීම්, ගති පැවතුම් තේරුම් ගත යුතුයි. පෙම්වතිය ලෙස ඔබ ඔහුට පවසන දෙයින් ඔහු අවබෝධ කරගන්නේ මතුපිට අර්ථය පමණයි. මේ අවස්‌ථාවලදී ගැහැණු ළමයි වඩාත් සැලකිලිමත් විය යුතුයි. ඔබේ පෙම්වතාට කිවයුතු දේ සෘජුවම පවසන්න. බොහෝ වෙලාවට ගැහැණ ළමයින් සිතන්නේ පිරිමි ළමයින්ට හිත කියවන්න පුළුවන් කියායි. නමුත් එය එසේ නොවෙයි. ඒ නිසා ඔබ පවසන දේ, ඔබේ සිතු...

අවිවාහක කාන්තාවන් විසින් කරනු ලබන ලොකුම වැරැද්ද

Image
විවාහ වීමේ කළ වයස එළඹ අතු වුණත් තවම පෙම්වතෙකු හෝ විවාහ ගිවිසගත් තරුණයෙකු නොසිටින තරුණියන්ගේ ජීවිතය එතරම් ලේසි නැහැ. දෙමව්පිය, නෑ හිත මිතුරන්ගේ ප්‍රශ්න හා බලපෑම් මෙන්ම අවශේෂ සමාජයෙන් එල්ල වන පීඩනයද දරාගැනීමට ඔවුන්ට සිදුවනවා. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව වැනි රටක පවතින් සංස්කෘතිය හා මතිමතාන්දරවලට අනුව විවාහයක් කර ගන්නේ නැතිව තනිව ජීවත් වීම තරමක් අසීරු දෙයක්. මේ වෙනකොට පෙම්වතෙක් ජීවිතයේ නැති වුණත් තව අවුරුදු දෙක තුනකින් විවාහය කියන හීනේ සැබෑ කරගන්න ඉන්න යුවතියන් වෙනුවෙනුයි මේ ලිපිය විශේෂයෙන්ම වෙන් වෙන්නේ. අපේ සංස්කෘතියට අනුව නිසි කලට, ඒ කියන්නේ අවුරුදු 27, 28 වෙනකොට තරුණියක්ව විවාහ දිවියට එළඹිලා තියෙන්න ඕන. ඒත් එහෙමයි කියල තමන්ට කිසිසේත්ම නොගැලපෙන කෙනෙක්ව විවාහ කරගන්න ගියොත් වෙන්නේ ජීවිත කාලෙම පසුතැවෙන්නල. බොහෝ යුවතියන් කරන වැරද්දක් තමයි විවාහ වෙන්න ඕන නිසා තමන්ට හමුවෙන ඕනෑම කෙනෙක් විවාහ කරගනන් සූදානමින් සිටීම. එහෙම විය යුතු නැහැ. ඇතැම් යුවතියන්ට තිබෙන ප්‍රශ්නය පෙම්වතෙකු නැති වීමත් නෙවෙයි. ඔවුන් බලාපොරොත්තු තමාගෙන සිටින තරුණයා කිසිම දෙයක් සැලකිල්ලට නොගන්නා, අනාගත සැලසුම් කිසිවක් නොමැති,...

තාවකාලික සතුටටකට යහන්ගතවෙන්නේ බලාගෙනයි

Image
වැරදි ලිංගික සබඳතා හේතුවෙන් ඇතිවන බෝවන රෝගයක් ලෙස - ගොනෝරියා - රෝගය හඳුන්වා දිය හැක. බැක්ටීරියා හේතුවෙන් මෙම රෝගය ඇතිවේ. මෙම රෝගය කාන්තාවන් හා පුරුෂයන් යන දෙපාර්ශ්වයටම ඇති වන අතර එම දෙකොටසම දැකිය හැකි රෝග ලක්ෂණ එකිනෙකට වෙනස් වේ. පුරුෂයින්ගේ දැකිය හැකි රෝග ලක්ෂණ 1 මූත්‍රා නාළයෙන් සුදු පැහැති දියරයක් ගැලීම. 2 මූත්‍රා දැවිල්ල. 3 මූඛ සංසර්ගයේ යෙදීම නිසා උගුරේ දැවිල්ල හට ගැනීම. 4 උගුර ඉදිමීම (කුද්දෙටි ඇතිවීම) මෙයත් මුඛ සංසර්ගය නිසා සිදුවේ. කාන්තාවන්ගේ දැකිය හැකි රෝග ලක්ෂණ 1 මූත්‍රා මාර්ගයෙන් සුදු පැහැ දියරයක් ගැලීම. 2 ඇතැම් විට මෙය ලා කහ පැහැති දියරයක් සේ දිස්වීම. 3 මූත්‍රා දැවිල්ලක් ඇතිවීම. 4 ප්‍රදාහයන් ඇතිවීම. කාන්තා පාර්ශ්වයේ මෙම රෝගය ඇතිවීම නිසා නොයෙකුත් ආකාරයේ දරුණු විය හැකි රෝගාබාධයන්ට ද මුහුණ දීමට සිදුවේ. එනම් බොහෝ විටම ගර්භාෂයේ ආසාදන තත්ත්වයන් ඇතිවිය හැක. ගැබ්ගෙල තුළින් ශ්‍රාවයන් පිටතට පැමිණිය හැක. ප්‍රධානතම ගැටලූ‍වක් ලෙස කාන්තාවන්ගේ ගර්භාෂයේ, පැලෝපීය නාළ හා ඩිම්බ කෝෂ ද ආසාදනය විය හැක. මීට අමතරව දිගින් දිගටම පවතින උදරයේ වේදනාවන් දැකිය හැක. මූත්‍රා දැවිල්ලට අමතරව මුඛ්‍ය...

Kiss එකක් දෙනකොට මේ වැරදි නම් කරන්න එපා

Image
තමන් ආදරය කරන පුද්ගලයාගෙන් ලැබෙන හාදුවක් කියන්නේ ඕනෑම කෙනෙකුට ඉතාම ලස්සන අත්දැකීමක්.  හාදු ලබන්න වගේම හාදු දෙන්නත් අපි හැමෝම කැමතියි. හැබැයි හාදුවක් දෙනවනම් ඒක හරියට දෙන්න ඕන. ඒ කියන්නේ හාදුවක් දීමේ කලාව හරි හැටි අවබෝධ කරගන්න ඕන. නැතිනම් වෙන්නේ ලස්සන මතකයක් බවට පත් කරගැනීමට තිබූ මොහොතක් නිරපරාදේ නාස්ති වී යනවා පමණක් නෙවෙයි ඒක අමිහිරි මතකයක් බවට පත්වීමයි. ඇතැම් විට මෙවන් සිදුවීම් නිසා සම්බන්ධතා කැඩී බිඳී යාමේ අවදානමකුත් තිබෙන බව මතක තබා ගත යුතුයි. ඒ නිසා අපි කල්පනා කළා හාදුවක් දෙනකොට නොකළ යුත්තේ මොනවද කියන එක ගැන ඔබව දැනුවත් කරන්න. 01 දිව ඉස්සර කරගන්න එපා මුලින්ම සිප ගත යුත්තේ දෙතොලුයි. ඔබේ දෙතොල් ඔහුගේ/ ඇයගේ දෙතොලේ ස්පර්ශවීමට පෙර දිව ඉස්සර කරගත්තොත් එතන ඉතිරිවන්නේ අමිහිරි අත්දැකීමක් පමණයි. 02 ඊළඟට කරන්නේ මොකක්ද කියා ඕනෑවට වඩා හිතන්න යන්න එපා. හාදුව දෙන මොහොත තුළ පමණක් ජීවත් වෙන්න. වැඩිපුර කල්පනා කරන්න ගිහින් ඒ මොහොත නැතිකරගැනීම අවශ්‍ය නැහැනේ. 03. ඉක්මනින් ඈත්වෙන්න හදන්නත් එපා. හාදුව දෙනකොට සහ දුන්නාට පසුව ඔහුගෙන්/ඇයගෙන් ඉක්මනටම ඈත් වීනට එපා. මද වෙලාවක් සමීපව සිට ඒ...

ආදරණීය පෙම්වතියක් වෙන්නේ මෙහෙමයි

Image
   මෙය කියවන ඔබ සමහරවිට පෙම්වතියක් වන්නට ඇති. එහෙමත් නැත්නම්  ආදරණීය අනාගත පෙම්වතියක් වීමට බලාපොරොත්තුවෙන් සිටින අයෙක් වන්නට ඇති. ඉතින් බලන්න ඔබත් මේ ලක්ෂණවලින් කෙතරම් පරිපූර්ණද  කියා. යුවතියක් ලෙස පහත ආකාරයේ සිතුම් පැතුම්වලින් ඔබේ චරිතය හැඩගැසී ඇත්නම් කිසිදු සැකයක් නැහැ ඔබ ඉතාම ආදරණීය පෙම්වතියක්. ඔබේ පෙම්වතාගේ ජීවිතයට ආලෝකය ගෙන දෙන්නියක් සමාන අදහස් හා සිතුම් පැතුම් තිබීම මෙයින් කියැවෙන්නේ ඔබ දෙදෙනාගේ අදහස් 100% ක් ගැලපෙන්න ඕන කියන එක නෙවෙයි. අඩු තරමේ 60%ක් වත් ඔබ දෙදෙනා සිතන පතන විදිහ සමානයි නම් ඔබ ඔහුට ඉතාම හොඳ පෙම්වතියක් වේවි. ඔහුගේ වැඩ කටයුතුවලට බාධා නොකිරීම හොඳ පෙම්වතියක් කිසිම දවසක සිය පෙම්වතාගේ වැඩ කටයුතුවලට බාධා කරන්නේ නැහැ. විශේෂයෙන්ම ඔහු කාර්ය බහුල වූ විට ඔබ එය තේරුම් ගන්නවා. අමනාපයෙන් සිටින්නේ ඇයි දැයි ඔබ ඔහුට පවසනවා ඔබ අමනාපයෙන් සිටින්නේ ඔහුගේ වරදක් හෝ වෙන යම් දෙයක් නිසා විය හැකියි. ඔහුට ඒ කුමක්ද යන්න පිලිබඳ වද වීමට ඉඩ නොතබා අමනාපයෙන් සිටීමට හේතුව කුමක්ද යන්න ඔබ  විසින් සෘජුවම පවසනවවනම් දෙදෙනා අතර ඇතිවන බොහෝ ප්‍රශ්න පහසුවෙන් සමනය වනවා. ඔ...

තරුණ පිරිමි වැඩිමහළු කාන්තාවන්ට ආකර්ෂණය වීමට බලපාන හේතු මෙන්න

Image
01. පිරිමින්ට හරියටම අවශ්‍ය මොනවාදැයි ඔවුන් දැන සිටීම මෙහිදී වඩාත්ම කැපී පෙනෙන්නේ ලිංගිකත්වය හා බැඳුණු කටයුතු පිළිබඳව වැඩිමහල් කාන්තාවන් තුල පවතින දැනුමයි. මෙවන් අය සමඟ සම්බන්ධතා පවත්වන තරුණයක් තවමත් සිටින්නේ එවන් දේවල් පිලිබඳ ඉගෙන ගනිමින්. ඒ නිසා වැඩිමහළු කාන්තාවන් ඇසුරු කිරීමෙන් ලැබෙන දැනුමට සහ අත්දැකීම්වලට ඔවුන් ප්‍රිය කරනවා. 02. ප්‍රශංසා ලැබීම වැඩිමහළු කාන්තාවන් තමන් ආශ්‍රය කරන තරුණයන් කෙරෙහි දක්වන්නේ මෘදු සැලකිල්ලක්. සමවයසේ තරුණියක් හෝ වයසින් බාල තරුණියක් ආශ්‍රය කරනවාට වඩා එය නවමු අත්දැකීමක්. 03. පීඩනයක් නොමැති වීම සාමාන්‍යයෙන් සම්බන්ධතාවකදී තරුණයෙක්ට විඳින්නට වෙන පීඩනය විශාලයි. මුදල් සොයාගැනීම, තම සහකාරියගේ අවශ්‍යතාවන් සපුරාලීම ආදී බොහෝ දෑ සාමාන්‍ය සම්බන්ධතාවක් තුලදී ඔහුට ටු කිරීමට සිදුවනවා. එහෙත් වැඩිමහළු කාන්තාවක ආශ්‍රය කිරීමේදී බොහෝ විට සිදු වන්නේ ඇය විසින් ඔහුට උදව් උපකාර කිරීමයි. 04. ලිංගිකත්වය පිලිබඳ අදහස් හුවමාරු කරගැනීම වැඩිමහළු කාන්තාවක් සමඟ ලිංගිකත්වය පිලිබඳ ඕනෑම දෙයක් කතා බහ කිරීමට තරුණයෙකුට හැකියාව තිබෙනවා. අත්දැකීම් කිසිවක් නැති තරුණියක් තුල පවතින ලැජ්...

25න් පස්සේ කෙල්ලන්ට එන ප්‍රශ්න

Image
කාන්තාවකගේ ඔසප්වීම නතරවීමත් සමඟ ශරීරයේ විවිධ වූ වෙනස්කම් රැසක් ඇතිවෙනවා. මේ වෙනස්කම් ඇයට ගෙන දෙන්නේ අපහසුතාවන් මෙන්ම විවිධ රෝගාබාධයන් වීමද විශේෂ කරුණක් වෙනවා. ආර්තවහරණය සමඟ ඇතිවන දිගුකාලීන සංකූලතා අතර ඔස්ටියෝපොරෝසියාව (Osteoporosis) මෙන්ම හෘදයාබාධ සහ අංශභාගයද ප්‍රධාන තැනක් ගන්නවා. මේ නිසා කාන්තාවන් වැඩි වයස් ගතවත්දී තම ජීවිතය සැලකිළිමත් ලෙස වෙනස් කරගත යුතු වෙනවා. එසේ වෙහෙසකට භාජනය වීම තුළින් ආර්තවහරණය සමඟ ඇතිවන දිගුකාලීන සංකූලතා තරමක් දුරට මඟහරවා ගැනීමේ හැකියාව ඇති කරගත යුතුයි. මේ පිළිබඳව ප්‍රජා වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ. ගමගේ මහතා අදහස් දැක්වූයේ මෙසේයි. ආර්තවහරණයත් සමඟ ඇතිවන දිගුකාලීන ප්‍රධාන සංකූලතා ලෙස හැඳින්වෙන ඔස්ටියෝපොරෝසියාව සහ හෘදයාබාධ, අංශභාග වැනි රෝග ගැන මේ කාලයේ වැඩිපුරම කථාබහට ලක් වෙනවා. ඇට දුර්වල වීම හැඳින්වීමට යොදාගෙන ඇති විද්‍යාත්මක නාමය ඔස්ටියෝ පොරෝසියාවයි. කාන්තාවකගේ අස්ථී පද්ධතිය ශක්තිමත්ව තබා ගැනීමට ඛෙහෙවින් ඉවහල් වන්නේ ඊස්ට්‍රජන් හෝමෝනයයි. නමුත් ආර්තවහරණයත් සමඟ කාන්තාවකගේ ශරීරයේ නිෂ්පාදනය වන ඊස්ට්‍රජන් ප්‍රමාණය ක්‍රමානුකූලව අඩුවීම ස...