රුධිර පරීක්‍ෂාවකින් ඒඩ්ස්‌ රෝගියෙක්‌ හඳුනා ගන්නා හැටි

මං ඒඩ්ස්‌ රෝගියෙක්‌.යම්කිසි පුද්ගලයෙක්‌ පැවසුවහොත් අප තුළ ඇතිවන හැගීම් කෙසේ විය හැකිද? අනාචාරයේ යෙදුණ කෙනෙක්‌, වැඩිකලක්‌ ජීවත්වෙන්නේ නෑ.මටත් ඒඩ්ස්‌ බෝවෙන්න පුළුවන් මෙයා එක්‌ක කතා බහ කිරීම නිසා වැනි සිතුවිලි ඇති වී ඒඩ්ස්‌ රෝගියා කෙරෙහි පිළිකුලක්‌ මතුවිය හැකිය.

නමුත් මෙම පුද්ගලයාට ඒඩ්ස්‌ රෝගය ඇතිවීමට බලපාන එච්. අයි. වී. වෛරසය ශරීර ගත වූයේ තම බිරිඳ හෝ සැමියාගෙන්, රුධිර පාරවිලයනයකදී හෙවත් රුධිරය ශරීර ගතකිරීමකින් හෝ මවු කුසේ සිටියදී යෑයි පැවසුවහොත් අප තුළ එම ඒඩ්ස්‌ රෝගියා කෙරෙහි අනුකම්පාවක්‌ ඇතිවනු ඇත.

මීට වසර දහයකට පමණ පෙර ශ්‍රී ලංකාවෙන් ඒඩ්ස්‌ රෝගියකු හමුවූ බව පැවසූ විට අප බොහෝදෙනා එතරම් ඒ ගැන තැකීමක්‌ නොකළේ එම රෝගියා විදේශිකයකු වීමත් සමලිිංගික ඇසුරට යොමුවී තිබීමත් නිසාය. අපි ඕවට නෑ.... අපි එහෙම නෑ.... ලෙසින් පවසමින් ඒඩ්ස්‌ රෝගය ගැන, එතරම් අවධානයක්‌ යොමු නොකළහ.

නමුත් ශ්‍රී ලංකාවේ 2015 වසර සැප්තැම්බර්ජ්වනවිට එච්. අයි. වී. රෝගීන් 2241 දෙනකු හමුවී ඇත. ඉන් ඒඩ්ස්‌ රෝගයට පත්ව 587 දෙනකු මරණයට පත්ව තිබේ. එසේ නම් දැන් අපට ඒඩ්ස්‌ රෝගය ගැන අවධානය යොමු නොකර බැරිය.

ඒඩ්ස්‌ යනු

ඒඩ්ස්‌ (Aෂෘී) යනුවෙන් හඳුන්වන්නේ නතු කරගත් ප්‍රතිශක්‌ති ඌණතා සහ ලක්‍ෂණ යනුවෙනි. (Aජුසර්ැා ෂපපමබද ෘැෙැජ සැබජහ ීහබාරදපැ)

මෙම තත්ත්වයට පුද්ගලයකු පත්වූ විට ශරීරයේ ප්‍රතිශක්‌තිකරණ පද්ධතිය දුර්වල වී තිබේ. ඒ නිසා සිරුරේ මුළු ඉන්ද්‍රිය පද්ධතියටම බලපෑම් ඇතිවිය හැකිය. ඉතා සුළු ආසාදන රෝගයකින් පවා රෝගියා මරණයට පත් විය හැකිය.

එච්. අයි. වී. වෛරසය

ඒඩ්ස්‌ රෝගය ඇතිවීමට බලපානුයේ එච්. අයි. වී. වෛරසයයි. මානව ප්‍රතිශක්‌ති ඌණතා වෛරසය (්‍යමප්බ ෂපපමබදාැසෙ ක‍සැබජහ ඪසරමි) ලෙසින් මෙය හඳුන්වයි. 

එච්. අයි. වී. වෛරසය ශරීරගතවීම

එච්. අයි. වී. ශරීරගත විය හැකි ආකාර කිහිපයක්‌ ඇත. ප්‍රධාන වශයෙන්ම ලිංගික සංසර්ගය මගිනි. එච්. අයි. වී. වෛරසය ශරීරගතව ඇති කාන්තාවකගේ යෝනි ශ්‍රාවය මගින් හෝ පිරිමියකුගේ ශුක්‍රාණු තරලය මගින් මෙම වෛරසය ඉතා පහසුවෙන් ශරීරගත විය හැකිය.

මෙය කාන්තාවක සහ පිරිමියකු අතර ඇතිවන ලිංගික සබඳතාවය නිසා හෝ කාන්තාවක සහ කාන්තාවක අතර පවත්වන සම ලිංගික සබඳතාවය හෝ පිරිමියකු සහ පිරිමියකු අතර පවත්වන සම ලිංගික සබඳතාවය යන ලිංගික සම්බන්ධතා මගින් ශරීරගත වේ.

එච්. අයි. වී. ආසාදිතයකුගේ රුධිරය ශරීර ගතවීමෙන් ද නිරෝගී පුද්ගලයකුට මෙම රෝගය වැළඳිය හැකිය. එය රුධිර පාරවිලයනයකදී, නිසි ලෙස විෂ බීජ නාශනය නොකළ ඉඳිකටු සහ තියුණු උපකරණ භාවිතයෙන් ඛෙහෙත් විදීම හෝ මත්ද්‍රව්‍ය භාවිතය සඳහා සම විදීමකදී එච්. අයි. වී. වෛරසය ශරීරගත විය හැකියි. ඊට අමතරව එච්. අයි. වී. ආසාදිත මවකට දාව උපදින දරුවාට මෙම වෛරසය ශරීරගත විය හැකිය.

එච්. අයි. වී. ආසාදිතයකු දැයි දැනගැනීම

යම්කිසි පුද්ගලයකු ඉහත සඳහන් කළ ආකාරයේ කිසියම් අනාරක්‍ෂිත කටයුත්තක යෙදුණ විට ලිංගාශ්‍රිත රෝග සායනයකින් රුධිර පරීක්‍ෂාවක්‌ සිදු කර ගැනීමෙන් තමාට එච්. අයි. වී. වෛරසය ශරීරය ගත වී ඇති දැයි කියා හඳුනා ගත හැකිය. මෙම වෛරසය ශරීරගතවී වසර 8 ක්‌ 10 ක්‌ පමණ කාලයක්‌ ශරීරයේ සැගව සිටිය හැකිය. එම කාලය තුළ කිසිදු රෝග ලක්‍ෂණයක්‌ ඇති නොවීමට පිළිවන. නමුත් මෙම ආසාදිතයාගෙන් තවත් අයෙකුට වෛරසය ශරීරගත වේ.

එච්. අයි. වී. ආසාදිතයකු

යම් පුද්ගලයකුගේ ශරීරයේ ඇති ක‍ෘ4 නමැති සෛල ප්‍රමාණය 500 කට අඩු නම් එම තැනැත්තා එච්. අයි. වී. ආසාදිතයකු ලෙස සලකනු ඇත.

මෙවැනි තත්ත්වයට පත්වනවිට නිතර පවතින මඳ උණ, කෑම අරුචිය, නිතර බඩඑළිය යැම වැනි රෝග ලක්‍ෂණ ද මතු වේ.

එච්. අයි. වී. ආසාදිතයකු නම්

යම් පුද්ගලයකු රුධිර පරීක්‍ෂාවක්‌ මගින් එච්. අයි. වී. ආසාදිතයකු ලෙස හඳුනා ගනු ලැබුවහොත් එම තැනැත්තා දිනපතා ඊට නිසි ඖෂධ ප්‍රතිකාර වෛද්‍ය උපදෙස්‌ මත ලබා ගත යුතුය. එක දිගට මාස 06 ක්‌ පමණ ඖෂධය ලබා ගැනීමෙන් වෛරසය මර්දනය කර ශරීරයේ ප්‍රතිශක්‌තිය ඉහළ නංවාගෙන ඒඩ්ස්‌ තත්ත්වයට පත් නොවී සාමාන්‍ය දිවියක්‌ ගත කළ හැකිය.

එච්. අයි. වී. ශරීරගත වීම වළක්‌වා ගැනීම

යම් පුද්ගලයකු තමාට විශ්වාසවන්ත නොවන අයකු සමග ලිංගික සංසර්ගයේ යෙදීමට පෙර උපත් පාලන කොපු භාවිත කළ යුතුය. මෙය ලිංගික සංසර්ගය අතර මැද භාවිත කිරීම නොව ලිංගික සංසර්ගය ආරම්භ කිරීමට ප්‍රථම උපත් පාලන කොපු පැළඳිය යුතුය.

රුධිර පාරවිලයනයකදී ශරීරගත කරන රුධිරය ගැන දැනුවත්වීමක්‌ ලබාගත යුතුය.

අනාරක්‍ෂිත ඉඳිකටු, තියුණු කැපුම් උපකරණ ආදිය භාවිත කර ශරීර කැපුම් හෝ විදීම් ආදිය සිදු නොකළ යුතුය. විශේෂයෙන් මෙවැනි කටයුතුවල නිරත වන්නේ මත්ද්‍රව්‍ය භාවිත කරන්නන්ය.

එච්. අයි. වී. ශරීරගත නොවන අවස්‌ථා

එච්. අයි. වී. ආසාදිත පුද්ගලයකු සමග සමීපව කතාබහ කිරීම සිප වැළඳ ගැනීම, ශරීරය ස්‌පර්ශ කිරීම අතට අත දීම, එම පුද්ගලයා පරිහරණය කළ පිගන් කෝප්ප භාවිතය, මදුරුවන් මගින් හෝ වැසිකිළි ආසන භාවිතය මගින් තවත් පුද්ගලයකුට මෙම වෛරසය ශරීර ගත වන්නේ නැත.

Comments

Popular posts from this blog

ලිංගික අප්‍රාණිකත්වය සුවකරන පොල් වතුර

වැඩි බර මරණයට අත වනන හැටි මෙන්න

ලිංගික අප්‍රාණිකත්වයට හේතු මෙන්න