˜සඳකඩපහණක කැටයම් ඔපලා˜ ..යන ගිතේ ගැන යමක්
හැත්තෑව දශකයේ මුල් භාගයේ සිට මෙරට රසික සවන් පත් සනහාලන ˜සඳකඩපහණක කැටයම් ඔපලා˜ ගීතය සතිස්චන්ද්‍ර එදිරිසිංහයන් අධ්‍යක්ෂණය කළ මාතර ආච්චි චිත්‍රපටයෙන් මෙරට සුවහසක් රසිකයන්ට පිදුණු මහඟ= තිළිණයකි. සැබවින්ම මෙම ගීතය සිවු කුළුඳුල් ගීතයක් ලෙස නම් කළ හැක්කේ වොලී නානායක්කාරයන්ගේ පළමු ගීත රචනය වීමත් වික්ටර් රත්නායකයන්ගේ පළමු සංගීත අධ්‍යක්ෂණය වීමත් සතිස්චන්ද්‍ර එදිරිසිංහයන්ගේ කුළුඳුල් චිත්‍රපට අධ්‍යක්ෂණය වීමත් හැරුණු විට ප්‍රතිභා පූර්ණ ගායක සුනිල් එදිරිසිංහයන්ගේ ගායන ප්‍රවේශයත් මෙම ගීතය ඇසුරෙන් සිදුවීම නිසාය. ගීත කලාව පිළිබඳව උනන්දුවක් ඇති වූ අවධියේ සිටම මේ ගීතයේ අරුත් පාදා ගැනීමට මා කළ උත්සාහය සඵල වූයේ දිගු කලකට පසුවය. මා මේ පිළිබඳව මට වඩා දැන උගත් විවිධ පුද්ගලයන්ගෙන් විමසන ලදුව පිළිතුරු ලෙස ලැබුණු විවිධ අර්ථ කථනයන් එකිනෙකට පටහැනි විය. කිසියම් නිර්මාණයක රසය තම තමන් රිසි පරිදි හෝ තම තමන් සතු පරිකල්පන ශක්තිය මත කෙනෙකුට තීරණය කළ හැකි වුව ද එකී අරුත් දැක්වීම් පිළිබඳව සෑහීමකට පත් නොවීමි. විවිධ පුද්ගලයන් මෙය අරුත් සුන් පද රචනයක් ලෙස බැහැර කරන්නට දැරූ උත්සාහයන් ද වරින් වර දැකගත හැකි විය. එහෙත් පසු ...