දහදිය පිලිබද ඔබටත් වැරදි අවබෝධක්ද? තියෙන්නේ

ශරීරයේ බර අඩුවීම

දහඩිය පිටවීම මගින් ශරීරයේ බර අඩුවීමක් සිදුවන බවට ඇතැමුන් තුල මතයක් ඇති නමුදු එය මිත්‍යාවකි. දහඩිය පිටවීම මගින් ශරීරයේ තිඛෙන ජලය ප්‍රමාණය අඩුවීම ඉහත මිත්‍යාව ගොඩනැගීමට හේතුවී ඇති අතර දහඩිය පිටවීමෙන් පහල යන ශරීරයේ ජලමට්ටම ජලය පානය කීරීම මගින් වැනි ක්‍රියා තුලින් නැවත ඉහලයයි.

දහඩිය දුගද

දහඩිය දුගද ගන්ධයක් සහිත බව බොහෝ පිරිස් අනුමත කරන්නේ දහඩිය පිටවීමේදී නිකුත්වන දුගද හේතුවෙනි. නමුත් ඉහත මතය මිත්‍යාවක්වන්නේ එම දුගද ඇතිවන්නේ දහඩිය මගින් නොවන නිසාවෙනි. අදාල දුගද ඇති වන්නේ දහඩිය මත වර්ධනය වන ඇතැම් බැක්ටීරියා වලින් වන අතර දහඩිය ගන්ධයක් රහිත බව ප්‍රකාශ කිරීම වඩා නිවැරදිවේ.

ශරීරයේ විෂ ඉවත් කිරීම

ශරීරයේ තිඛෙන විෂ ද්‍රව්‍ය ඉවත් කරන එක් ක්‍රමයක් ලෙස ඇතැමුන් දහඩිය දැමීම සලකන නමුත් එයද තවත් මිත්‍යා මතයකි. ප්‍රධාන වශයෙන් මුත්‍රා මගින් ශරීරයේ විශ ද්‍රව්‍ය ඉවත් කරන අතර ප්‍රෝටීන්, ලූ‍ණු වැනි ද්‍රවය දහඩිය මගින් ශරීරයෙන් ඉවත්වේ.

සමට හිතකරබව

දහඩිය දැමීම සමට ගුණ දායක ක්‍රියාවලියක් බවටද වැරදි මතයක් පවතින අතර දහඩිය ඇතැම් විට සමෙහි කුරුලෑ හටගැනීමට පවා දයකවේ.

හිරු රැස් වල හා උෂ්ණත්වයේ බලපෑම

හිරුරැස් අධිකව ඇති උෂ්ණාධික දිනවලට පමණක් දහඩිය දැමීම සිදුවන බවට ඇති මතයද නිවැරදි නොවේ. ශිතාධික දිනවලටද දහඩිය දමන අතර උෂ්ණාධික දවස්වලදී සිදුවන්නේ දහඩිය දැමීම වැඩි වීම පමණකි.

Comments

Popular posts from this blog

ලිංගික අප්‍රාණිකත්වය සුවකරන පොල් වතුර

වැඩි බර මරණයට අත වනන හැටි මෙන්න

ලිංගික අප්‍රාණිකත්වයට හේතු මෙන්න