අවිවාහක කාන්තාවන් විසින් කරනු ලබන ලොකුම වැරැද්ද

විවාහ වීමේ කළ වයස එළඹ අතු වුණත් තවම පෙම්වතෙකු හෝ විවාහ ගිවිසගත් තරුණයෙකු නොසිටින තරුණියන්ගේ ජීවිතය එතරම් ලේසි නැහැ. දෙමව්පිය, නෑ හිත මිතුරන්ගේ ප්‍රශ්න හා බලපෑම් මෙන්ම අවශේෂ සමාජයෙන් එල්ල වන පීඩනයද දරාගැනීමට ඔවුන්ට සිදුවනවා. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව වැනි රටක පවතින් සංස්කෘතිය හා මතිමතාන්දරවලට අනුව විවාහයක් කර ගන්නේ නැතිව තනිව ජීවත් වීම තරමක් අසීරු දෙයක්.

මේ වෙනකොට පෙම්වතෙක් ජීවිතයේ නැති වුණත් තව අවුරුදු දෙක තුනකින් විවාහය කියන හීනේ සැබෑ කරගන්න ඉන්න යුවතියන් වෙනුවෙනුයි මේ ලිපිය විශේෂයෙන්ම වෙන් වෙන්නේ.

අපේ සංස්කෘතියට අනුව නිසි කලට, ඒ කියන්නේ අවුරුදු 27, 28 වෙනකොට තරුණියක්ව විවාහ දිවියට එළඹිලා තියෙන්න ඕන. ඒත් එහෙමයි කියල තමන්ට කිසිසේත්ම නොගැලපෙන කෙනෙක්ව විවාහ කරගන්න ගියොත් වෙන්නේ ජීවිත කාලෙම පසුතැවෙන්නල. බොහෝ යුවතියන් කරන වැරද්දක් තමයි විවාහ වෙන්න ඕන නිසා තමන්ට හමුවෙන ඕනෑම කෙනෙක් විවාහ කරගනන් සූදානමින් සිටීම. එහෙම විය යුතු නැහැ.

ඇතැම් යුවතියන්ට තිබෙන ප්‍රශ්නය පෙම්වතෙකු නැති වීමත් නෙවෙයි. ඔවුන් බලාපොරොත්තු තමාගෙන සිටින තරුණයා කිසිම දෙයක් සැලකිල්ලට නොගන්නා, අනාගත සැලසුම් කිසිවක් නොමැති, හැමදේම සැහැල්ලුවට ගන්නා ආකාරයේ කෙනෙකු. සැහැල්ලුවෙන් සිටීම හොඳ දෙයක් තමයි. නමුත් හැමදේම සැහැල්ලුවට ගැනීම නම් එච්චර හොඳ නැහැ. ඉතින් මේ ආකාරයේ කෙනෙක් සමඟ ගමන් බිමන් යන තරුණියන් පසුවන්නේ පීඩනයෙන් හා අවිනිශ්චිත බැවින් යුතුවයි. ඒ මොකද කිව්වොත් තරුණියන් හැමවෙලේම කැමති සහකරු එක්ක ගෙවන ජීවිතය සැලසුමක් ඇතිව ගෙවන්න වන නිසා.

එවන් තරුණයන් සමඟ විවාහ දිවියට එළඹීම තරුණියක් විසින් ජීවිතයේ කරගන්නා ලොකුම අත් වැරද්දක් වීමට ඇති ඉඩ කඩ ගොඩක් වැඩියි. මොකද තරුණයෙක් ඇත්තටම තරුණියක් සමඟ ආදරයෙන් බැඳී ඉන්නවනම් ඇය සමඟ එක්වී ජීවිතය සැලසුම් කරගන්න ඔහුත් කැමැත්තක් දක්වනවා. තරුණියන් තරමටම බරපතලව නොසිතුවත් සැලසුමක් ඇතුව ජීවිතය, විශේෂයෙන්ම විවාහ දිවිය ගෙනියන්න තරුණයන් ද කැමතියි.

ඉතින් ඒ නිසා තමන් ආශ්‍රය කරන තරුණයා එවන් කිසිම දෙයක් ගැන සැලකිල්ලක් නොදක්වනවානම් ඔහු එම තරුණියගෙන් පතන්නේ යම් ආකාරයක තාවකාලික ආශ්‍රයක් නිසැක ජීවන සහකාරියක් නොවිය හැකියි.

ඒ නිසා අනාගතය ගැන කතා බහ කරන හැමවිටම “ඔව්වා දැන් කතා කරන්න බෑ,” “පස්සේ කතා කරමු,” “ඔයාට ඕක ඇරෙන්න වෙන කතා කරන්න දෙයක් ඇත්තෙම නැද්ද?,” වගේ ප්‍රතිචාර ලැබෙනවානම් එවන් තරුණයෙකු හා විවාහ වීමට බලාපොරොත්තු වෙන තරුණියක් ඒ විවාහය ගැන දෙවරක් සිතා බැලිය යුතුමයි.

මොකද ඔහුගේ අපේක්ෂාවන් ගැන කිසිම දෙයක් නොදැන ඔහු හා විවාහ දිවියට එළඹීම කියන්නේ කලින් කිව්වා වගේ ජීවිතයේ කරගන්නා ලොකුව අත් වැරද්දක් වීමට ඇති හැකියාවක් තිබෙන නිසායි.

ඒ නිසා තමන් විවාහ වීමට බලාපොරොත්තු වෙන තරුණයා සමඟ කතා බහ කර ඔහුගේ අපේක්ෂා පිලිබඳ දන සිටීම තරුණියක් අනිවාර්යෙන්ම කළ යුතු දෙයක් වනවා.

Comments

Popular posts from this blog

ලිංගික අප්‍රාණිකත්වය සුවකරන පොල් වතුර

වැඩි බර මරණයට අත වනන හැටි මෙන්න

ලිංගික අප්‍රාණිකත්වයට හේතු මෙන්න