වැඩි බර මරණයට අත වනන හැටි මෙන්න

ශරීරයේ බර නියමිත ප්‍රමාණයට වඩා වැඩි ස්ථූලභාවය අඩු වයස් මරණයකට හේතුවන බව විද්‍යාත්මක පරීක්ෂණයක් මගින් අනාවරණ වී තිබෙනවා.

ඒ අනුව, ස්ථූලභාවය සහිත පිරිමින් එවැනි කාන්තාවන්ට වඩා තුන් ගුණයකින් අවදානමකට ලක්වන  බවයි පැවසෙන්නේ.

මහද්වීප 4 කට අයත්  මිලියන 4 කට වැඩි ජනතාවක් පරීක්ෂණයකට ලක් කිරීමෙන් අනතුරුව ලබා ගත් දත්තවලට අනුවයි එම තොරතුරු හෙළි වී ඇත්තේ.

අසාමාන්‍ය ලෙස ස්ථූල ශරීරයක් ඇතිනම් ආයුකාලය වසර 10 ක් දක්වා කෙටි වීමේ අවදානමක් ඇති බවයි අදාළ පරීක්ෂණය සිදුකළ විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ.

කෙසේ වෙතත්, මීට පෙර කරන ලද සමීක්ෂණයකින් හෙළි වුණේ ස්ථූලභාවය තිබුණ ද වැඩි කාලයක් ජීවත් වීමේ හැකියාව පවතින බවයි.

මේ අතර, ඇමරිකාවේ සිදුවන අඩු වයස් මරණ 5 කින් එකක් සහ යුරෝපයේ සිදුවන එවැනි මරණ 7 කින් එකක් ශරීරයේ බර අධික වීම නිසා සිදුවන බවයි වාර්තා වන්නේ.

Comments

Popular posts from this blog

තෙල් වර්ගවලින් සුවකරහැකි රෝග ගැන මෙන්න ඔබට වටිනා ලිපියක්.. අනිත් අයටත් දැනගන්න ශෙයා කරන්න

සෑම කාන්තාවකටම වැලඬෙන කැන්ඩිඩා රෝගය ගැන දන්නවද?

ස්වයං වින්දනයේ යෙදෙන්නේ බලාගෙනයි