Kiss එකක් දෙනකොට මේ වැරදි නම් කරන්න එපා

ඒ නිසා අපි කල්පනා කළා හාදුවක් දෙනකොට නොකළ යුත්තේ මොනවද කියන එක ගැන ඔබව දැනුවත් කරන්න.
01 දිව ඉස්සර කරගන්න එපා
මුලින්ම සිප ගත යුත්තේ දෙතොලුයි. ඔබේ දෙතොල් ඔහුගේ/ ඇයගේ දෙතොලේ ස්පර්ශවීමට පෙර දිව ඉස්සර කරගත්තොත් එතන ඉතිරිවන්නේ අමිහිරි අත්දැකීමක් පමණයි.
02 ඊළඟට කරන්නේ මොකක්ද කියා ඕනෑවට වඩා හිතන්න යන්න එපා.
හාදුව දෙන මොහොත තුළ පමණක් ජීවත් වෙන්න. වැඩිපුර කල්පනා කරන්න ගිහින් ඒ මොහොත නැතිකරගැනීම අවශ්‍ය නැහැනේ.
03. ඉක්මනින් ඈත්වෙන්න හදන්නත් එපා.
හාදුව දෙනකොට සහ දුන්නාට පසුව ඔහුගෙන්/ඇයගෙන් ඉක්මනටම ඈත් වීනට එපා. මද වෙලාවක් සමීපව සිට ඒ අත්දැකීම බෙදා හදා ගන්න.
04 දෙතොල් තදින් සැපීම.
හාදුවක් දෙනකොට තොලක් යාන්තමින් සැපීම සාමාන්‍යයෙන් සිදුවන දෙයක්. එහෙත් එය කරන ක්‍රමය ගැන හරියටම දන්නේ නැත්නම් කරන්න යන්න එපා. ඕනෑවට වඩා තදින් සැපුනොත් එය අනෙකාට වේදනාකාරී අත්දැකීමක් විය හැකියි.
05. Balance එක නැති කරගන්න එපා
ශරීරයේ balance එක හරියට තබා ගැනීමත් කළ යුතුයි.
06. දෙතොල් පමණක්ම සිප ගන්නට යන්නත් එපා.
දෙතොල් පමණක් නෙවෙයි කම්මුල්, නළල ආදී ස්ථානත් සිප ගන්න අමතක කරන්න එපා. එය මිහිරි අත්දැකීමක් වනු ඇති.
07.දුගඳ හමන ආහාර ගන්නට එපා
ඔබේ මුවෙන් දුර්ගන්ධයක් හමුවහොත් එයා අනෙකාට ඉතාම අප්‍රසන්න අත්දැකීමක් වන බව අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.
08.මුහුණට මුහුණ ඕනෑවවට වඩා තද කරන්න යන්න එපා.
මෙසේ කිරීමේදී අනෙකාට හුස්ම ගැනීමේ අපහසුතා ඇති වීම විය හැකියි.
09.අනෙකාගේ කැමැත්තකින් තොරව සිප ගැනීමකින් එහාට යන්නට එපා.
ඇතැම් විට ඔබට සිප ගැනීමකින් එහාට යන්නට අවශ්‍ය විය හැකියි. එහෙත් අනෙකා ඒ සඳහා සූදානම් නැතිනම්, කැමැත්තක් නොදක්වනවානම් එසේ කරන්නට යාම ඔබේ සම්බන්ධතාවයට අහිතකර ලෙස බලපානු ඇති.
10. අනවශ්‍ය විහිලු කරන්නට යන්න එපා.
එවිට ඔබ කෙරෙහි අප්‍රසාදයක් ඇති වීම සමහරවිට සිදුවනවා. ඒ නිසා හාදුව පිලිබඳ විහිලු නොකර සිටීම හෝ තරම දැනගෙන විහිලු කිරීමට වගබලාගනීමයි කළ යුත්තේ.
Comments
Post a Comment