ආදරණීය පෙම්වතියක් වෙන්නේ මෙහෙමයි

සමාන අදහස් හා සිතුම් පැතුම් තිබීම
මෙයින් කියැවෙන්නේ ඔබ දෙදෙනාගේ අදහස් 100% ක් ගැලපෙන්න ඕන කියන එක නෙවෙයි. අඩු තරමේ 60%ක් වත් ඔබ දෙදෙනා සිතන පතන විදිහ සමානයි නම් ඔබ ඔහුට ඉතාම හොඳ පෙම්වතියක් වේවි.
ඔහුගේ වැඩ කටයුතුවලට බාධා නොකිරීම
හොඳ පෙම්වතියක් කිසිම දවසක සිය පෙම්වතාගේ වැඩ කටයුතුවලට බාධා කරන්නේ නැහැ. විශේෂයෙන්ම ඔහු කාර්ය බහුල වූ විට ඔබ එය තේරුම් ගන්නවා.
අමනාපයෙන් සිටින්නේ ඇයි දැයි ඔබ ඔහුට පවසනවා
ඔබ අමනාපයෙන් සිටින්නේ ඔහුගේ වරදක් හෝ වෙන යම් දෙයක් නිසා විය හැකියි. ඔහුට ඒ කුමක්ද යන්න පිලිබඳ වද වීමට ඉඩ නොතබා අමනාපයෙන් සිටීමට හේතුව කුමක්ද යන්න ඔබ විසින් සෘජුවම පවසනවවනම් දෙදෙනා අතර ඇතිවන බොහෝ ප්‍රශ්න පහසුවෙන් සමනය වනවා.
ඔබ ආදරය කරන්නේ ඔහුට මිස ඔහු විසින් කරන කියන දේට නොවෙයි
ඔබ මුලින්ම ආදරය වෙන්න ඕන ‘ඔහු’ කියන පුද්ගලයාට මිසක් ඔහු තුල ඇති හැකියාවන්ට හෝ ඔහුගේ පෙනුමට හෝ නොවෙයි.
ඔබ ඔහුව වෙනස් කිරීමට උත්සාහ කරන්නේ නැහැ
ඔහුගේ චරිතය තුල ඔබ අකමැති දේවල් තිබෙන්නට පුළුවන්. නමුත් ඒ පිලිබඳව කෑ කෝ ගසමින්, රණ්ඩු කරමින් ඔහුව පීඩනයට ලක් කරන්නට ඔබ උත්සාහ ගත යුතු නැහැ.
ඔබ ඔබේ පෙනුම ගැන කණගාටු වන්නේ නැහැ
ඔබ ලස්සනට,පිළිවෙලට ඉන්න කැමතියි. නමුත් ලස්සන වෙන්න කියල ඕනෑවට වඩා කරදර වෙන්න යන්නේ නැහැ. තමන්ගේ පෙනුම ගැන පසුතැවිලි වෙමින් කාලය නාස්ති කරන්නේ නැහැ.
ඔබ ඔහුගේ විවේක වෙලාවේ සම්පූර්ණ හිමිකාරිය නෙවෙයි
ඔහුට විවේකයක් ලැබෙන සෑම වෙලාවකම ඔහු ගත කළ යුත්තේ ඔබ සමගයි කියා නීති දමන්නට ඔබ පෙළඹෙන්නේ නැහැ. ඒ වෙනුවට මිතුරන් සහ පවුලේ අය සමගත් විවේක වේලාවන් ගත කරන්නට ඔබ ඔහුව පොළඹවනවා.
ඔහු ජීවිතය පිලිබඳ දරණ අදහස් ගැන සාකච්ඡා කිරීමට ඔබ ඉතාම කැමතියි
ඔහුගේ අදහස්, විශ්වාසයන් ගැන අසා සිටින්නට, ඒ පිලිබඳ ඔබේ අදහස් ඔහු හා පවසන්නට ඇය ඉතාම කැමතියි.
ඔබ ඔහු හා විවෘතව අදහස් හුවමාරු කර ගන්නවා
ඔබේ ජීවිතය, ළමා විය, ඔබට ඇති ගැටළු ආදී මේ සෑම එකක් ගැනම ඔහු හා පැවසීමට ඔබ කැමතියි.
ඔබ හොඳ සවන්දෙන්නියක්
ඔහුට ඔබ හා පවසන්නට ඇති ඕනෑම දෙයක් ඉතා ඉවසිලිවන්තව අසා සිටීමේ හැකියාව ඔබ සතුයි.
ඔහු හා කාලය ගත කිරීම විනෝදජනකයි
ඔහු හා කොතරම් කාලයක් ගත කළත් ඔබට එය එපා වන්නේ හෝ නීරස වන්නේ නැහැ.
ඔබ ඔහුගේ පවුලට සහ මිතුරන්ට ගරු කරනවා
ඔහුගේ පවුලේ අය හා මිතුරන් ගැන ඔබට හොඳ අවබෝධයක් තිබෙනවා.
ඔහු පුදුම කරන්නේ කෙසේදැයි ඔබ හරියටම දන්නවා
ඔහු කැමති, අකමැති දේවල් ගැන හොඳටම දන්නා ඔබට ඕනෑම වෙලාවක ඔහුව පුදුමයට පත් කිරීමට විශිෂ්ට හැකියාවක් තිබෙනවා.
ඔබ කුඩා දේවල් ගැන කියමින් රණ්ඩු වෙන්නේ නැහැ
ඔහුගේ අතින් වන සුළු අතපසුවීම් විශාල දේවල් කරගනිමින් ඔහු හා රණ්ඩු වීමට හා කෑ කොස්සන් ගැසීම ඔබේ සිරිතක් නෙවෙයි.
Comments
Post a Comment