Online බ්ලූ ෆිල්ම් බලන අයට ලොකු ලෙඩක්

අන්තර්ජාලයේ අසභ්‍ය ලිංගික වීඩියෝ පට නැරඹීම නිසා විවිධ ලිංගික සෞඛ්‍යය ගැටලුවලට ගොදුරු වන තරුණයන්ගේ වැඩි වීමක් පෙන්නුම් කරන බවට ප්‍රමුඛ පෙළ මනෝ චිකිත්සකයෙක් වන ඇන්ජලා ග්‍රෙගරි පවසා තිබෙනවා. බ්‍රිතාන්‍යයේ නොටින්හැම් විශ්ව විද්‍යාලය අනුබද්ධ ශික්ෂණ රෝහලේ මනෝ චිකිත්සක වෛද්‍යවරියක් වන ඇන්ජෙලා පවසන්නේ අවුරුදු 18 ත් 25 ත් අතර වයස් ඛාණ්ඩයේ පසු වන තරුණයන් විශාල වශයෙන් ලිංගික අකර්මණ්‍යතාවට ගොදුරු වී ඇති බවයි.

මීට වසර දහයකට පෙර එවැනි බරපතළ සෞඛ්‍යය ගැටලුවලට මුහුණ දුන් ඉහත කී වයස් ඛාණ්ඩවලට අයත් පුරුෂයන් වාර්තා වීම දුර්ලභ තත්වයක් වූ බවත් ඇය පෙන්වා දෙනවා.

අතීතයේ ලිංගික අකර්මණ්‍යතාව වැනි සෞඛ්‍යය ගැටලුවලට ගොදුරු වී සායනවලට පැමිණි පුද්ගලයන්ගෙන් වැඩි දෙනෙක් දියවැඩියා රෝගය ආශ්‍රිත සෞඛ්‍ය ගැටලුවලට හෝ හෘද රෝගවලට මුහුණ දුන් වැඩිහිටි වයසේ පසු වූවන් බවත් මනෝ චිකිත්සක වෛද්‍යවරිය කියා සිටියි.

අන්තර්ජාලයට පිවිස ඉතා පහසුවෙන් අසභ්‍ය ලිංගික වීඩියෝ නැරඹීමට හැකි වීම හේතුවෙන් ඇතැම් පුද්ගලයන්ගේ ලිංගික සබඳතාවලට අහිතකර බලපෑම් එල්ල වී ඇති බවත් ඇය වැඩිදුරටත් පවසා තිබෙනවා.

Comments

Popular posts from this blog

ලිංගික අප්‍රාණිකත්වය සුවකරන පොල් වතුර

වැඩි බර මරණයට අත වනන හැටි මෙන්න

ලිංගික අප්‍රාණිකත්වයට හේතු මෙන්න