නිරෝගී කාන්තාවකගේ රහස්

1 හොඳ නින්දක් ලබා ගැනීම.
හොඳ නින්දක් ලබා ගැනීම ශරීරයේ ක්‍රියාකාරීත්වය යහපත්ව තබා ගැනීමට අත්‍යාවශ්‍ය දෙයක්. අවම වශයෙන් පැය 8ක නින්දක් දිනපතා ලබා ගන්නා අයගේ ශරීර සෞඛ්‍ය සාපේක්ෂව ඉතාම යහපත් මට්ටමක පවතින බව පර්යේෂණ වලින් සනාථ වී අවසානයි.
2 ප්‍රතිඔක්සිකාරක අඩංගු ආහාර ගැනීම (antioxidant)
ප්‍රතිඔක්සිකාරක වලින් සිදු වන්නේ ශරීරයේ ප්‍රතිශක්තිකරණය වැඩි දියුණු කිරීම. කොළ පැහැ එළවලු (green vegetable), රතු පැහැති මිදි, බතල, කොට්ටම්බා ආදී ආහාර වල ප්‍රතිඔක්සිකාරක බහුල වශයෙන් අන්තර්ගතයි.
3 ආහාර ජීර්ණ පද්ධතිය සෞඛ්‍ය සම්පන්නව තබා ගැනීම
අප සැවොම දිනකට ඉතා විශාල බැක්ටීරියා ප්‍රමාණයකට නිරාවරණය වනවා. ඒවායින් බොහොමයක් හානි රහිත වුවත් ඇතැම් බැක්ටීරියා නිසා විවිධ අසනීප තත්ත්ව වලට මුහුණ පෑමට අපට සිදුවිය හැකියි. එම නිසා ආහාර ජීර්ණ පද්ධතියේ, විශේෂයෙන්ම බඩවැල් වල යහපත් ක්‍රියාකාරිත්වය සඳහා probiotic අඩංගු අතිරේකයන් ගැනීමට ඔබට පිළිවන්. ඊට අමතරව වෙළෙඳ පොලේ ඉතාම පහසුවෙන් සොයා ගත හැකි multi-strain අතිරේකද භාවිත කිරීමේ හැකියාව තිබෙනවා.
4 දෑත් පිරිසිදුව තබා ගැනීම.
දෑත් පිරිසිදුව තබා ගන්නවා යනු නිතර නිතර දෑත් සේදීම නොවෙයි. කෑමට පෙර, අහාර පිළියෙළ කිරීමට පෙර, කිවිසුම් හා ඈනුම් ඇරීමෙන් පසු, වැසිකිලි යාමෙන් පසු වැනි අවස්ථාවන් වලදී දෑත් පිරිසිදු කරගැනීම ඉතාම වැදගත්. මේ සඳහා සබන් හෝ දෑත් පිරිසිදු කිරීම වෙනුවෙන් සැකසුණු ආරක්‍ෂිත දියර වර්ග යොදාගත හැකියි.
5 යහපත් සමාජ ආශ්‍රය
අවම වශයෙන් සතියකට එක දිනයක් හෝ සිය මිතුරු මිතුරියන් හා අසල්වාසීන් සමඟ කාලය ගත කිරීම සඳහා වෙන් කර ගැනීම ඉතාම වැදගත්. එමගින් සමාජයීය සබඳතා වැඩි දියුණු වනවා පමණක් නොව ආතතිය පාලනය වී මානසික සුවතාව ලඟා කරගැනීමටත් එය උපකාරී වනවා.
6 යෝගා ව්‍යායාම
වත්මන් ලෝකයේ යෝගා ව්‍යායාම ඉතාම ප්‍රචලිත වී තිබෙනු දැකිය හැකියි. එමගින් ශ්වසන පද්ධතියේ ක්‍රියාකාරිත්වය මෙන්ම, රුධිර සංසරණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය ද වැඩි දියුණු කරන බව පැවසෙනවා.
Comments
Post a Comment