විවාහ උත්සවයක් සැලසුම් කිරීමේදී අනිවාර්යෙන්ම සිතා බැලිය යුතු කරුණු

අවබෝධයක් තිබෙන, ඉදිරි ජීවිතය ගැන ගැඹුරින් සිතන අයට පුංචි මංගල උත්සවයක් ගැනීම ප්‍රශ්නයක් නෙවෙයි. නමුත් අනෙක් අය කරන නිසා, තමන්ගේ නැති තත්ත්වයක් අනිත් අයට පෙන්වන්න වුවමනා නිසා මංගල උත්සව ගැනීම නම් සුදුසු නැහැ.
ආභරණ මිලට ගැනීම
මංගල උත්සවයක් සැලසුම් කරන විට කළ යුතු පළමුවැනිම දේ වෙන්නේ අතේ තියෙන මුදල් ප්‍රමාණයට මංගල උත්සවය සැලසුම් කිරීමයි. රන් ආභරණ නම් මිලට ගත්තට කමක් නැහැ. එය අනාගතයට ආයෝජනයක් වෙනවා. නමුත් ඉතුරුවක් නොවන වියදම් තිබේ නම් ඒවා ඉවත් කරන්න.
භෝජන සංග්‍රහය
ඒ වගේම මංගල උත්සවය අඩු වියදමින් සැලසුම් කරනවා කියලා හිතලා, ලෝභකම් කරන්න එපා. අපි අපේ සමීපතම හිතවතුන්ට ආරාධනා කරනවා. ඒ අය එන්නේ අපේ ජීවිතයේ ලස්සනම දවසට සුබ පතන්නයි. ඒ නිසා අපි ඒ අයට හොඳ භෝජන සංග්‍රහයක් ලබාදිය යුතුයි. මොකද ඒ අය එන්නේ එයාලගේ කාලය ශ්‍රමය වැය කරලයි. ඒ නිසා හොඳ සංග්‍රහයක් ලබාදීම යුතුකමක් වෙනවා.
ඇඳුම් පැළඳුම් සහ හැඩ ගැන්වීම්
වියදම් කරන විට තමන්ගේ ශක්ති ප්‍රමාණයට වියදම් කරන්න. ජනප්‍රිය අය ලවා අන්දවා ගන්න, අරයා තමයි මගේ ඩේරසින් කළේ, මෙයා තමයි මගේ ෆොටෝ කළේ කියලා කියන්න මංගල උත්සව ගන්න එපා.
ණය පියවීම
හුඟක් දෙනෙක් හිතාගෙන ඉන්නේ මංගල උත්සවයට ලැබෙන මුදලින් ණය පියවන්නයි. නමුත් එවැනි හිතන මුදලක් ලැබුණේ නැත්නම් අමාරුවේ වැටෙනවා. ඒ නිසා, තමන්ට හැකි පමණින් මංගල උත්සවය ගන්න. එවිට ඥාති මිතුරන්ගෙන් ලැබෙන මුදල ඔබට අමතර ආදායමක් වෙනවා. එයින් විවාහයෙන් පස්සේ ජීවිතයට යමක් කරගන්න පුළුවන්.
ණය වෙලා විවාහ මංගල උත්සවයක් ගත්තාම විවාහ උත්සවයෙන් පස්සේ ජීවිතය පටන් ගන්න වෙන්නෙම ණය ගෙවමින්. ජීවිතයම අසීරු වෙනවා. ඒ නිසා ලස්සන ජීවිතයක් සැලසුම් කරන ඔබ විවාහ මංගල උත්සවය ගැන තවත් වරක් සිතීම වැදගත්.
Comments
Post a Comment