කැල්සියම් හෘද රෝග ගැන අනාවැකි කියයි ඔබට මෙන්න

හෘදයාබාද හා ආඝාතයට ලක්වීමේ අවධානම මැනීමට සුදුසුම ක්‍රමය ධමනිවල ඇති කැල්සියම් ප්‍රමාණය මැන බැලීම බව පර්යේෂකයෝ කියති. මෙතෙක් ඒ සදහා යොදා ගත්තේ රුධිර පීඩනය හා කොලෙස්ටරෝල් ප්‍රමාණය මැන බැලීමයි.
ධමනිවල කැල්සියම් ස්වල්පයක් ඇති හෝ කිසිසේත් ම කැල්සියම් නොමැති පුද්ගලයන් හෘදයාබාධයට හෝ ආඝාතයට ලක්වීමේ අවධානමක් නොමැති බව සී.ටී. ස්කෑන් පරීක්ෂණවලින් ද අනාවරණය වී ඇත. එසේ වුව ද වෛද්‍යවරු තමන් හමුවට එන රෝගීන්ගේ රුධිර පීඩනය හා කොලෙස්ටරෝල් ප්‍රමාණය මැන බලා ඔවුන්ට අවශ්‍ය නොවන ඖෂධ ලබාදෙන බව ද පර්යේෂකයෝ කියති.
මෙම ස්කැන් පරික්ෂණ මගින් පෙන්වා ඇත්තේ ධමනි වල අඩංගු කැල්සියමි ප්‍රමාණය අඩුනම් වයස, ස්ත්‍රී පුරැෂ බව කෙසේ වෙතත් හෘදයාබාධ සඳහා ඇති අවධානම ඉතාමත් අඩුවන බවයි. එවැනි අයට ජීවිත පැවැත්ම පිළිබඳ උපදෙස් ලබාදීම ප්‍රමාණවත් වේ.
එසේ වුව ද ධමනිවල කැල්සියමි ඝන වීම හෘධයාබාධයනට ලක්විමට ඇති හැකියාව ඉහළ දැමීමට හේතුවී ඇත.
මෙම අලූ‍ත්ම අධ්‍යනය ගැන ප්‍රසිද්ධ කර ඇති යුරෝපිය හෘද සඟරාවේ පෙන්වා දී ඇත්තේ ධමනි වල ඇති කැල්සියමි ප්‍රමාණය හෘදයාබාධයන් වැලදීමට ඇති ප්‍රවනතාවය පිලිබඳ ඉතාමත් වැදගත් සාක්ෂි ඉදිරිපත් කරණ බවයි.
පවුලේ ඉතිහාසය, වෛද්‍යමය තොරතුරු වන කොලෙස්ටරෝල් ප්‍රමාණය සහ රැධිර පිඩනය සහ ජීවන පුරුදු ගැන සොයනවාට වඩා ඔවුන්ගේ කැල්සියමි පරික්ෂාවෙන් හෘදයාබාධ වැළදීමට ඇති හැකියාව ගැන සොයා බැලිය හැකි බවයි. කැල්සියම් පරීක්ෂා කිරීමෙන් හෘද රෝග වැළදීමේ හැකියාව ගැන සුපිරි අනාවැකි කිව හැකි බව මෙම අධ්‍යයනයේ ප්‍රධානි බි්‍රග්හමි සහ බොස්ටන් රෝහලේ හෘදරෝග පිලිබඳ විශේඥ වෛද්‍ය මිචෙල් සිල්වර්මන් පවසයි.

Comments

Popular posts from this blog

සෑම කාන්තාවකටම වැලඬෙන කැන්ඩිඩා රෝගය ගැන දන්නවද?

තෙල් වර්ගවලින් සුවකරහැකි රෝග ගැන මෙන්න ඔබට වටිනා ලිපියක්.. අනිත් අයටත් දැනගන්න ශෙයා කරන්න

පිරිමින්ගේ ලිංගික ආශාව වැඩිකරන බියර් වල සගවෙච්ච රහස් මෙන්න.