ඔබේ හිසත් උඳුගොව්වන් කනවද? මෙන්න මේ ස්වභාවික බෙහෙත භාවිතාකර උඳුගොව්වන්ගේ කරදරෙන් මිදෙන්න

ඔලිඳ ඇට හෝ මුල් ඇල් දියෙන් අඹරා ගාන්න.
මකුළුවැන්න කොළ පුළුස්සා තන කිරෙන් අඹරා ගාන්න.
ජාපාල ඇටයක් පුළුස්සා කොහොඹ තෙලින් අඹරා හෝ ජාපාල ඇටයක් දෙහි ඇඹුලෙන් ගලගා ගාන්න.ඉදිමේ නම් මී පැ‚යෙන් ගාන්න.
කළුදුරු, සුදුරු, රසකිඳ යුෂින්(කොළ දඩු) අඹරා ගාන්න.
නියඟලා කොළ දෙහි ඇඹුලෙන් ගලගා ගාන්න.
ඉහත සඳහන් ඕනෑම ආකාරයක් මඟින් උඳුගොව්වන් කනවාට ඉතා සාර්ථක ප්‍රතිකාරයක් ඔබට නිවසේදීම සකසා ගත හැක.
හිස නිතර පිරිසිදූ කර හිසට අවශ්‍ය මනා පෝෂණය ලබා දීමෙන් මෙවැනි රෝග ඇතිවීමේ අවධානම මගහරවා ගතහැක.
අතර්ජාලයෙන් උපුටා ගැනීමකි
Comments
Post a Comment