ඔබගේ පිත්තශයේ ඇතිවෙන ගල් ඔබ රෝගියෙකු කරනවාට කැමතිද..? මේ ගැන දැනුවත් වන්න..

පිත්තාශය යනු අප ආහාර මාර්ගයේ අක්මාවට ආසන්නව පවතින ඉන්ද්‍රියකි. එය උදරයේ දකුනු පස ඉහල ප්‍රදේශයේ පිහිටා ඇත. ආහාර දිරවීමෙදි ඉතා වැදගත් කාර්යය බාරයක් ඉ‍ටු කරන මෙය ඉදහිට රෝගී විය හැකිය. ඒ අතර ඉතා වැදගත්ම අවස්තාවක් ලෙස පිත්තශයේ ඇතිවන ගල් හැදින්විය හැකිය. විශේෂයෙන් මෙම රෝගීන් බහුලව වාර්තා වන්නේ බටහිර රටවලින් වන අතර ශ්‍රි ලංකාවේ මෙම ඉතා දුලබ තත්ත්වයක් නොවන බව හදුනාගත යුතුය.



    1 පිත්තශයේ ඇතිවන ගල් යනු..?

    2 පිත්තශයේ ගල් වල රෝග ලක්ෂණ මොනවාද..?

    3 පිත්තශයේ ගල් ඇතිවීම නිසා ඇතිවන සංකූලතා මොනවාද..?

    4 මෙම තත්ත්වයට හේතුකාරක මොනවාද..?

    5 පිත්තශයේ ගල් වලක්වාගැනීම සහ ප්‍රතිකාර ක්‍රම..?

පිත්තශයේ ඇතිවන ගල් යනු..?

පිත්තශයෙන් ශ්‍රාවය කරනු ලබන ද්‍රවයය පිත්යුෂ(ඉසකැ) ලෙස හදුන්වයි. එය විවිධ සංඝඨක වලින් සමන්විතය. මේවායේ පරමාර්තය වනුයේ විශේෂයෙන්ම ලිපිඩ දිරවීමේදි අවශයය තත්ත්ව සැපයීමයි. කෙසේ වුවද යම් යම් තත්ත්ව තුලදී මෙම ශ්‍රාවයේ පවතින සමහර සංඝඨක පිත්තාශය තුල එක් ‍රැස් වීමෙන් පසුකාලීනව පිත්තාශයේ ගල් ඇතිවේ.

මේවා ගල් ලෙස හදුන්වන්නේ ඒවා ඝන තත්ත්වයේ පවතින නිසාය.

තවද මේවා ක‍යදකැිඑැරදක හා ඡසටපැබඑ ිඑදබැ ලෙස ප්‍රධාන ආකාර දෙකක් පවතී.
පිත්තශයේ ගල් වල රෝග ලක්ෂණ මොනවාද..?

පිත්තාශයේ ගල් ඇතිවීම නිසා මෙම රෝගීන් බහුලව උදරයේ දකුනු පස ඇතිවන වේදනාවක් සම්ග හමුවේ. තවද මේ සමග වමනය, උගුරට ඒම, බඩේ ඉහල කොටසේ දැවිල්ල වැනි තත්ත්වද පැවතිය හැකිය.
පිත්තශයේ ගල් ඇතිවීම නිසා ඇතිවන සංකූලතා මොනවාද..?

පිතතාශයේ ගල් ඇත්වීම නිසා ඇතිවන ප්‍රධානතම ගැටලූ‍ව වනුයේ ස්පටික කැබලි වලින් පිත්ත ප්‍රණාලය ( මෙය පිත්තාශයේ සිට පිත්යුෂය පිටතට ගෙනයන නාලයයි) අවහිරවීම නිසා පිත්යුෂ ශ්‍රවය ඇනහිටීමයි. මෙම නිසා ආහාර දිරවීම අඩාල වීම, ඇස් කහ පැහැති වීම ඇතිවිය හැකිය. තවද, මීට අමතරව අගන්‍යාශයික නාලය අවහිරවීම, පිත්තාශය ආසාදනය වීම මෙන්ම පසුකාලීනව ඇතිවියහැකි පිත්තශයේ ඇතිවන පිලිකා තත්ත්ව වලටද මෙය හේතුවිය හැකිය.
මෙම තත්ත්වයට හේතුකාරක මොනවාද..?

දැනට පිත්තශයේ ඇති ගල් සදහා වැඩි අවස්තාවක් ලබදෙන තත්ත්ව ගනනාවක් හදුනාගෙන ඇත. ඒ අතරින් කිහිපයක් පහත දැක්වේ.
1. ජානමය කරුණු (ඨැබැඑසජ ේජඑදරි)

2. තරබාරුකම (ධඉැිසඑහ)

3. වයස වැඩි වීම (ධකාැර ්ටැ)

4. ස්ත්‍රි ලිංගිකත්වය (ත‍ැප්කැ ිැං)

5. දියවැඩියාව (ෘස්ඉසඑසි)

6. සමහර ඖෂධ (ිදපැ ාරමටි)

පිත්තශයේ ගල් වලක්වාගැනීම සහ ප්‍රතිකාර ක්‍රම..?

ඉහත කරුනු වලින් දියවැඩියාව, තරබාරුකම වැනි තත්ත්ව අපට ඉතා හොදින් පාලනය කර ගත හැකි කරුණු වේ. එවැනි කරුණු පාලනය කර ගැනීම ඉතා වැදගත්ය.

මේ සඳහා ප්‍රතිකාරා ලෙස බහුලව ශල්‍යකර්ම භාවිත කරයි. මීට අමතරව සමහර අවස්තාවලදී පමනක් ඖෂධ මගින් පාලනය කර ගත හැකිය.

Comments

Popular posts from this blog

සෑම කාන්තාවකටම වැලඬෙන කැන්ඩිඩා රෝගය ගැන දන්නවද?

තෙල් වර්ගවලින් සුවකරහැකි රෝග ගැන මෙන්න ඔබට වටිනා ලිපියක්.. අනිත් අයටත් දැනගන්න ශෙයා කරන්න

පිරිමින්ගේ ලිංගික ආශාව වැඩිකරන බියර් වල සගවෙච්ච රහස් මෙන්න.