Posts

අඩි උස පාවහන් පැළඳීම නිසා රෝගාබාධ ඇතිවන්නේ මෙහෙමයි

Image
විලාසිතා කිරීම මගින් සිත් ඇද බැඳ ගන්නා අයුරෙන් සිටීමට ඕනෑම කාන්තාවක් කැමතියි. ඔය කියන විලාසිතා අතරින් පාවහන්වලට හිමිවන්නේ ප්‍රමුඛ පෙලේ ස්ථානයක්. කතාවක් තියෙනවනේ ‘උසස් පාවහන් ඔබව උසස් ස්ථානවලට රැගෙන යයි’ කියල. ඉතින් ඒ නිසාද මන්දා කොහොමහරි පාවහන් තෝරාගැනීමේදී ඒවා ගැන විශේෂ සැලකිල්ලක් දක්වන්න කාන්තාවන් පුරුදුව සිටිනවා. සපත්තු කඩේ රාක්ක අතරේ ඇවිද ඇවිද සපත්තු හොයනකොට අඩි උස සපත්තු ළඟ අපේ කාන්තාවන්ගේ ඇස් නවතින්නේ එයාලටත් නොදැනීමයි. ඒ අඩි උස සපත්තු නිසා තමන්ට අමුතුම ආකර්ෂණීය බවක් වගේම අමුතුම ලාලිත්‍යයකුත් ලැබෙනවා කියල දන්න නිසා. හැබැයි ඉතින් ලස්සන වුණාට අඩි උස සපත්තු දාගෙන ඇවිදින එක නම් ලේසි වැඩක් නෙවෙයි. ඒත් ඉතින් ලස්සනට ඉන්න ටිකක් දුක් විඳින්නත් වෙනවනේ කියල හිතෙන අය හැමදාම මේවා පළඳින එක පුරුද්දක් කරගන්නවා. ප්‍රශ්න එන්නේ අන්න එතකොටයි. දිනපතාම අඩි උස සපත්තු දාන්නට පුරුදු වුණොත් කල් යාමේදී ඔබේ ශරීරයේ නොයෙක් ආබාධ ඇතිවෙන්නට හැකියාව තිබෙන බව මීට කලින් අහල තිබුණද? අහල තිබුණත් ගණන් නොගෙන හිටියද? එසේනම් මේ ලිපිය ඔබ වෙනුවෙන්මයි. දිගු කලක් අඩි උස පාවහන් පැලඳීම නිසා කොන්දේ වේදනා ඇතිවීමටත් දණහිස...

ලිංගික උත්තේජක පෙති ගිලින්නේ බලාගෙනයි

Image
ලිංගික උත්තේජන ඇති කිරීමේ ඖෂධ පෙති වසරකදී මිලියන විස්සකට අධික ප්‍රමාණයක් මෙරට අලෙවි වන බව ජාතික අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය පවසයි. එම ඖෂධ, වේදනානාශකයක් වන පැරසිටමෝල් පෙති අලෙවි වන ප්‍රමාණයට සමාන අගයකින් වෛද්‍ය නිර්දේශයකින් තොරව අලෙවි වන බව එහි සභාපති වෛද්‍ය චමීර නිලංග මහතා සඳහන් කළේය. නියමිත මාත්‍රාවට වඩා එම ඖෂධ භාවිතා කිරීමෙන් එහි අතුරු ආබාධ උත්සන්න වී පුද්ගලයෙකු මියයාමටද ඉඩ ඇති බව ජාතික අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ සභාපතිවරයා ප්‍රකාශ කළේය. පසුගිය කාලසීමාව තුළ ලිංගික උත්තේජන ඖෂධ භාවිතා කිරීම නිසා හදිසියේ පුද්ගලයන් ජීවිතක්ෂයට පත්වීමේ සිදුවීම් කිහිපයක්ම වාර්තා විය. ඊයේ දිනයේදීද මාරවිල - මුහුදුකටුව ප්‍රදේශයේ ලැගුම්හලක සිටි යුවලක් අතුරෙන් 52 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු හදිසියේ රෝගාතුරවී මාරවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ඔහුගේ කලිසම් සාක්කුවේ තිබී යම් අධිශක්තිකරණ ඖෂධයක ඇසුරුමක් හමුවූ බවයි. අදාළ මරණය එම ඖෂධය භාවිතා කිරීම නිසා සිදුවූවක්ද යන්න සම්බන්ධයෙන් මේ වනවිට පරීක්ෂණ ක්‍රියාත්මක වන බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.

විවාහ උත්සවයක් සැලසුම් කිරීමේදී අනිවාර්යෙන්ම සිතා බැලිය යුතු කරුණු

Image
විවාහ මංගල උත්සවයක් සැලසුම් කරනවා කියන්නේ ලේසි පහසු වැඩක් නෙවෙයි. ජීවිතයේ ඉතාම වැදගත් දවසක් අඩුපාඩුවක් නැතුව කරගන්න සෑහෙන වෙහෙසක් දරන්නට වෙනවා. මොකද පොඩි අඩුපාඩුවක් නිසා ඔබේ ජීවිතයේ ඒ වැදගත් දවස නිරපරාදේ අමිහිරි මතකයක් බවට පත් වේවි. සල්ලිත් වියදම් කරලා, බලාපොරොත්තු කන්දකුත් තියාගෙන ගන්න මංගල උත්සවයට එහෙම වෙනවා දකින්න කවුද කැමති. අවබෝධයක් තිබෙන, ඉදිරි ජීවිතය ගැන ගැඹුරින් සිතන අයට පුංචි මංගල උත්සවයක් ගැනීම ප්‍රශ්නයක් නෙවෙයි. නමුත් අනෙක් අය කරන නිසා, තමන්ගේ නැති තත්ත්වයක් අනිත් අයට පෙන්වන්න වුවමනා නිසා මංගල උත්සව ගැනීම නම් සුදුසු නැහැ. ආභරණ මිලට ගැනීම මංගල උත්සවයක් සැලසුම් කරන විට කළ යුතු පළමුවැනිම දේ වෙන්නේ අතේ තියෙන මුදල් ප්‍රමාණයට මංගල උත්සවය සැලසුම් කිරීමයි. රන් ආභරණ නම් මිලට ගත්තට කමක් නැහැ. එය අනාගතයට ආයෝජනයක් වෙනවා. නමුත් ඉතුරුවක් නොවන වියදම් තිබේ නම් ඒවා ඉවත් කරන්න. භෝජන සංග්‍රහය ඒ වගේම මංගල උත්සවය අඩු වියදමින් සැලසුම් කරනවා කියලා හිතලා, ලෝභකම් කරන්න එපා. අපි අපේ සමීපතම හිතවතුන්ට ආරාධනා කරනවා. ඒ අය එන්නේ අපේ ජීවිතයේ ලස්සනම දවසට සුබ පතන්නයි. ඒ නිසා අපි ඒ අයට හොඳ භෝජන සංග්...

බත් කන ගමන් වතුර බොන්න හොඳද?

Image
ආහාර අනුභව කරන අතරතුර වතුර පානය කිරීමේදී ආහාර ජීරණ පද්ධතියට සහ පෝෂක ද්‍රව්‍ය ශරීරයට අවශෝෂණය වීමේ ක්‍රියාවලියට හානි සිදුවෙන බව දන්නවද? එම නිසා ආහාර අනුභව කිරීමට පැය භාගයකට පමණ පෙර වතුර පානය කරනවානම් වඩාත් සුදුසයි. අහාර අනුභව කරන අතරතුර වතුර පානය නොකරම බැරි නම් කුඩා වතුර උගුරු කිහිපයක් පමණක් පානය කිරීමට මතක තබාගන්න. ආහාර අනුභව කරන අතරතුර විශාල වශයෙන් ජලය පානය කරන විට, කුස තුල ඇති හයිඩ්රොලික් අම්ලය දියවෙන්නට පුළුවන්. ආහාර බිඳ දැමීම සඳහා ක්‍රියාකරන හයිඩ්රොලික් අම්ලය දියවී ගියහොත් සිදුවෙන දෙය ඔබට අමුතුවෙන් පවසන්නට අවශ්‍ය වෙන්නේ නැහැ නේද ? ආහාර ජීරණය නිසිපරිදි සිදුනොවෙන නිසා අජීරණය, උදරය ඉදිරියට නෙරා ඒම සහ පෝෂක කොටස් ශරීරයට අවශෝෂණය නොවීම වැනි අහිතකර තත්වයන් ඇතිවෙන්නට පුළුවන්. කුස තුල තිබිය යුතු වඩාත් සුදුසු පී.එච් අගය වන්නේ 1 සිට 2 දක්වා වූ අගයකි. එය ප්‍රෝටීන් කොටස් බිඳ දැමීමට, ජීරණය පහසු කිරීමට සහ විටමින් හොඳින් අවශෝෂණය වීමට සුදුසු ආම්ලික වටපිටාවකි. වතුර පානය කරන්න සුදුසුම වෙලාව කුමක්ද ? ආහාර අනුභව කරන අතරතුර කුඩා උගුරු වශයෙන් වතුර මිලිලීටර් 200ක් තරම් වූ ප්‍රමාණයක් ඔබට පානය කරන්න...

විවාහයෙන් වසර කිහිපයකට පසු මග හැරෙන ජීවිතයේ සතුට

Image
විවාහයක් සාර්ථක වීම කෙරෙහි දෙදෙනා අතර පවතින ආදරය මෙන්ම ලිංගික අවශ්‍යතාවයත් සෘජුව බැඳී පවතිනවා. ‘විවාහයේ ආශ්වාදය රැඳී තිබෙන්නේ ලිංගිකව එක්වීමෙන් ලැබෙන සතුටට සාපේක්ෂව’ කියා ප්‍රසිද්ධ කියමනක්ද තිබෙනවා. නමුත් විවාහයෙන් කාලයක් ගත වී දරුවන් ලද පසු මේ සියල්ල වෙනස්වෙනවා. ලිංගිකත්වය හා බැඳුනු අවශ්‍යතාවන් තාවකාලිකව යටපත් වෙලා වගකීම් හිස ඔසවනවා. නමුත් අලූ යට සඟවපු ගිනි පුපුරක් වගේ එලෙස තාවකාලිකව යටපත් කළ ආශාවන් විටින් විට උඩට මතුවෙනවා. ඒවා සංතෘප්ත කරගැනීම විවාහ දිවියේ සාර්ථකත්වයට අතිශය වැදගත්. අවශ්‍යතාව කොපමණ තිබුණත් දරුවන් සමග ලිංගික කාර්යයට වෙලාවක් සොයා ගැනීමඅපහසුයි. ඒත් සැමියා සහ බිරිය අතර ඇතිවියයුතු ලිංගික බැඳීමට කුමන හෝ හුවමාරු මාධ්‍යයක් අවශ්‍යයි. ඒ සඳහා තරමක උත්සාහයක් ලෙස ලිංගික කාරණා සම්බන්ධයන් කෙටි පණිවුඩ හුවමාරු කරගැනීම පෙන්වාදෙන්න පුළුවන්. ඒ පණිවුඩ විවිධාකාර ලෙස ඇයට හෝ ඔහුට යොමුකරවන්න පුළුවන්. ඊ මේල් මාර්ගයෙන්, ලන්ච් බොක්ස් එකට බහාලන පොඩි තුණ්ඩු කෑල්ලක් මාර්ගයෙන් මේ ඕනෑම ක්‍රමයකටහෝ ලිංගික සන්නිවේදනය කළහැකියි. දරුවන් ඉපදීම,වයස මුහුකුරා යාම,වගකීම් බහුල වීම, වැනි සාධක නිසා ඔබ දෙදෙන...

කෙට්ටු අයට පසුතැවෙන්නේ නැතුව පහසුවෙන්ම මහත්වෙන්න

Image
ගොඩක් අයට තියෙන ගැටළුවක් තමයි කෙසග බව, මහත් වීමට අත දිග හැර සල්ලි වියදම් කර ඉන්ජෙක්ෂන් ගහගෙන මිනිසුන් විඳින දුකනම් අනන්තවත් ඇත මේ සඳහා නොයෙක් බටහිර ඖෂධයන්ට අත දිගහැර වියදම් කෙරුවද නවතින්නේ අළුත්ම ලෙඩ ගොන්න්දක් සමග රෝගී කයකිනි එනම් අතුරු ආබාධ ගොන්නක් සමග දායාද කරන බටහිට බෙහෙත් කෙරෙහි විශ්වාසය තබාගෙන මිනිසුන් මං මුලා වේ මෙසේ බටහිර වෛද්‍ය විද්‍යාව කෙරෙහි විශ්වාසය තබා ගන්නා බෙහෙත් නිසා විරූපි පෙනුමැති මහතක් ලබා ගෙන දුක් විඳිනවාට වඩා අද මම කියන්න යන්නා වූ ආයුර්වේද දේශීය රහස් වට්ටෝරුව මගින් නම් ඔබට නිරෝගී සිරුරක් මෙන්ම හැඩැති සිරුරක්ද හිමිවනවා නොඅනුමානය ඔන්න අපි බලමු කෙසේද මේ ආයුර්වේද වෛද්‍ය ක්‍‍්‍රමයට අනුව අතුරු ආබාධ නොමැතිව දෙශිය ආහාර පාන මගින් මහත් වෙන්නේ කියල 1 රාත‍‍්‍රී ආහාරයට පෙර කෝලි කුට්ටු ගෙඩියක් පෙති කපා එයට පිරිසිඳු කිතුල් පැනි දමා කෑමට ගන්න 2 පිරිසිදු රට ඉඳි ඇට ඉවත් කර ඒ තුලට එළගි තෙල් පුරවා මි පැණි මිශ‍‍්‍ර කර මැටි හෝ විදුරු බඳුනක බහා තබන්න උදේ හවස වරකට ගෙඩි හතර බැගින් ආහාරයට ගෙන පිරිසිදු එළකිරි වීදුරුවක්ද පානය කරන්න 3 පිරිසිදු එළගි තෙල් මිශ‍‍්‍රිත එළකිරි පානය 4 හා...

ස්ත්‍රීන්ගේ අමුතුම ආකාරයේ ලිංගික ආශාවන් ගැන ජ්‍යොතිශ්‍යයෙන්

Image
විවාහය යනුවෙන් අර්ථ ගැන්වෙන්නේ ස්‌ත්‍රී පුරුෂ දෙදෙනකු එක්‌ව ජීවත්වීම සඳහා ගිවිස ගැනීමකි. විශ්වාසය, වාසනාව, හරි දැක්‌ම, යහපත යන පදනම මත සකස්‌ව ඇති විවාහය බොහෝ දුරට පවතින්නේ කාන්තාව අතය. විවාහය කටු පඳුරක්‌ සේ අඳුරු කරන්නටත්, මල් උයනක්‌ සේ සුන්දර කරන්නටත් භාර්යාව සමත් වන්නීය. ඇය සොඳුරු වන්නේ ඇගේ යහපත් චර්යාව මතය. ඕනෑම දරුණු පුද්ගලයකු වුවද යහපත් කරගන්නට හැකියාව ඇත්තේද කාන්තාවටයි. මේ නිසා සෑම සාර්ථක මිනිසකු පිටුපසම සාර්ථක ගැහැනියකද, සෑම අසාර්ථක මිනිසකු පිටුපසම අසාර්ථක ගැහැනියකද සිටින බව අපට සමාජයේ අසන්නට ලැබෙන කියමනකි. යම් පුරුෂයෙකුට යහපත් බිරිඳක හමුනොවුණහොත් විවාහය කවදා හෝ කෙසේ හෝ කුමන ආකාරයකින් හෝ බිඳී යන්නට පුළුවන. විවාහයට පත් පුරුෂයකුට තම බිරිඳගෙන් ලැබෙන යහන් සුවය, සෙනෙහස තරම් දෙයක්‌ තවත් නොමැත. එය විවාහයක පදනමද වේ. කෙසේ වෙතත් අද සමාජය දෙස බැලූ විට සැමියාට බොරු කියා අවිනීත ලෙස හැසිරෙන කාන්තාවන් ගැන අපට කොතෙකුත් අසන්නට ලැබේ. තම සැමියා රැකියාවට ගිය පසු දරුවන් මොන්ටිසෝරිවලට, පාසල්වලට රැගෙන යන කාන්තාව වෙනත් පුරුෂයකුගේ පහස පතා හෝටල්වලට, රෙස්‌ට්‌හවුස්‌වලට යන පුවත් ඕනෑ තරම් තිබේ. සමහරුන්...